English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
ලාංකීය සමාජ හා සංස්කෘතික පදනම පසුබිමෙහි සංස්කෘතික අපරාධ විද්‍යාව ගවේශනයට සුදුසු තේමාවන්..
(2019-07-22)

<< Go Back
Share |   




ලාංකීය සමාජ හා සංස්කෘතික පදනම පසුබිමෙහි සංස්කෘතික අපරාධ විද්‍යාව ගවේශනයට සුදුසු තේමාවන්..

ගවේශනයට සුදුසු තේමාවන් යනුවෙන් අදහස් කරන්නේ ලංකාවේ සමාජය තුළ මේ වන විට අපරාධ නීතිය සම්බන්ධයෙන් පවතින අදහස් හා පළපුරුදු සංස්කෘතික දෘෂ්ඨිකෝණයකින් බලා එම ප‍්‍රශ්න විසඳීමකට තුඩු දිය හැකි යම් දැනුමක් හා ඥාණයක් වර්ධනය කර ගැනීම සඳහා සුදුසු වන තේමාවන්ය. මෙහිදී ඉතාමත් සැලකිල්ලෙන් බැලිය යුතු වන්නේ කාර්මික විප්ලවය බොහෝ දුරට අංගසම්පූර්ණ වූ හා තාක්ෂණය මහා පරිමානයෙන් දියුණු වූ රටවල් තුල පවතින ගැටලූ මත පදනම් වී ලංකාවේ අපරාධ පිළිබඳව සංස්කෘතික දර්ශනයක් ගොඩනැගීමට යන උත්සාහය විශාල සමාජ කර්තව්‍යයක් ඉටු කළ හැකි මාවතක් නොවන බවය. එසේ කළහොත් සිදුවන්නේ රටක් තුළ ගැඹුරින්ම පවතින සංස්කෘතික ගැටලූ හා ඒවා තුලින් මතු වී ඇති අදහස් හා ඒවා ක‍්‍රියාත්මක කිරීමේදී ඇති වී ඇති පළපුරුදු නොතකා හැර බාහිරින් ගෙන එන අදහස් ලංකාවේ සමාජය තුළට ඇතුළු කිරීමට ගන්නා උත්සාහයක් වීමය. මෙය කිසිදු සංස්කෘතියක් තුළ සාර්ථකව කළ හැකි දෙයක් නොවේ.

මෙයින් අදහස් කරන්නේ කාර්මික විප්ලවය හා තාක්ෂණික පළපුරුදු විශාල වශයෙන් දියුණු රටවල අත්දැකීම් බැහැර කළ යුතු බව නොවේ. ඇත්තෙන්ම දිනෙන් දින රට රටවල් හා සංස්කෘතීන් හා සංස්කෘතීන් එකට කිට්ටු වන ලෝකයක එසේ කිරීමට පුළුවන්කමක් ඇත්තේ නැත. ප‍්‍රශ්නය පවතින්නේ සංස්කෘතියට අදාල යම් විෂයයක් අධ්‍යනය කිරීමට පටන් ගැන්මේදී කේන්ද්‍රස්ථානය විය යුත්තේ කුමක්ද යන්නයි. එම කේන්ද්‍රස්ථානය විය යුතු වන්නේ ඒ දේශය තුළ පවතින යථාර්ථයයි. එම යථාර්ථය අතිශයින් සංකීර්ණය. මෙසේ සංකීර්ණ වූ යථාර්ථ සිදුවීම් සංස්කෘතික දෘෂ්ඨිකෝණයකින් බලා ඒ අනුව කරන හැදෑරීම් වලදී කාර්මික හා තාක්ෂණික වශයෙන් වඩා දියුණු වූ සමාජයන් සමඟ පමනක් සංසන්දනාත්මකව අධ්‍යයනය කිරීම මෙයින් අදහස් කෙරේ. තමන් ඉන්නා ප‍්‍රදේශය කේන්ද්‍ර කොට ගෙන ඒ පිළිබඳව නිරීක්ෂණය කරමින් හා  පරීක්ෂණය කරමින් නිගමන වලට බැස ගැනීමේදී වෙනත් රටවල අත්දැකීම් සමඟ සංසන්දනය කිරීමෙන් වඩා ගැඹුරු වූත් පැහැදිළි වුත් අවබෝධයක් ළඟා කර ගත හැකිය. අද කාර්මික හා තාක්ෂණික දියුණුව ලබා ඇති රටවල ද එසේ නොවුනු කාලයක් පැවතියේය. එම කාලයේ සිට දැන් පවතින කාලය අතර විශාල පරිවර්තනයක් සිදු විය. එම පරිවර්තනයන් එය සංස්කෘතික දෘෂ්ඨිකෝණයකින් අවබෝධ කර ගැනීම තුළින් ලාංකීය සමාජය තුළත් විවිධ අපරාධ නීතියට අදාළ ගැටලූ නිරාකරණය කිරීම කෙසේ විකාශනය වේද යන්න පිළිබඳව යම් අවබෝධයක් ලබා ගත හැකි වේ.

මේ කරුණු මත පිහිටා පහත සඳහන් තේමාවන් ලාංකික සංස්කෘතික අපරාධ විද්‍යාව තුළ හැදෑරීම් වලට මේ වකවානුවේදී ඉතාමත් සුදුසු තේමාවන් වශයෙන් ඉදිරිපත් කරමි.

1.     අපරාධ පිළිබඳව ලාංකීය සංස්කෘතිය තුළ පැවතුන හා පැවතෙන සංකල්ප හා පළපුරුදු,
2.    නීතිය පිළිබඳව ලංකාවේ පැවති හා පවතින සංස්කෘතික මතවාදයන් හා පළපුරුදු,
3.     අපරාධකරුවන් පිළිබඳව ලංකාවේ සංස්කෘතිය තුළ පවතින මතවාද හා පළපුරුදු,
4.     ද`ඩුවම පිළිබඳව ලාංකීය සංස්කෘතිය තුළ පැවති හා දැනට පවතින මතවාද හා පළපුරුදු,
5.     බන්ධනාගාර ගත කිරීම පිළිබ`දව ලාංකීය සංස්කෘතිය තුළ පැවති හා පවතින මතවාද හා     පළපුරුදු
6.    දුෂණය පිළිබඳව ලාංකීය සංස්කෘතිය තුළ පැවති හා දැනට පවතින මතවාද හා පළපුරුදු
7.     කාන්තාවන්ට අදාළ හා ලිංගික අතරවරයන්ට අදාළව ලාංකීය සංස්කෘතිය තුළ පැවති හා දැනට පවතින මතවාද හා පළපුරුදු
8.     සාධාරණ විනිශ්චය පිළිබඳව ලාංකීය සංස්කෘතිය තුළ පැවති හා දැනට පවතින මතවාද හා පළපුරුදු
9.     කාලය පිළිබඳව ලාංකීය සංස්කෘතිය තුළ පැවති හා දැනට පවතින මතවාද හා පළපුරුදු    - මෙය විශේෂයෙන්ම අතිවිශාල වශයෙන් නඩු පමාවක් පවතින ලංකාව වැනි රටවලට අදාළ වන කරුණකි.
10.     පොසිකියුටර් කාර්යය පිළිබඳව එනම් රජය වෙනුවෙන් නඩු පැවරීම පිළිබඳව ලාංකීය     සංස්කෘතිය තුළ පැවති හා දැනට පවතින මතවාද හා පළපුරුදු
11.     අපරාධ පරීක්ෂණය සම්බන්ධයෙන් ලාංකීය සංස්කෘතිය තුළ පැවති හා දැනට පවතින මතවාද හා පළපුරුදු
12.    අපරාධ පිළිබඳව සැකකරුවන්ට වධහිංසා කිරීම සම්බන්ධයෙන් ලාංකීය සංස්කෘතිය තුළ පැවති හා දැනට පවතින මතවාද හා පළපුරුදු
13.     නීති වෘත්තිය පිළිබඳව ලාංකීය සංස්කෘතිය තුළ පැවති හා දැනට පවතින මතවාද හා පළපුරුදු
14.    සාමාන්‍ය ජනතාව හා සුවිශේෂ යැයි සලකන විශේෂ සමාජ කණ්ඩායම් පිළිබඳව ලාංකීය සමාජය තුළ පැවති හා දැනට පවතින මතවාද හා පළපුරුදු
15.     මානව හිමිකම් පිළිබඳව ලාංකීය සංස්කෘතිය තුළ පැවති හා දැනට පවතින මතවාද හා පළපුරුදු
16.     යුක්තිය පිළිබඳව ලාංකීය සංස්කෘතිය තුළ පැවති හා දැනට පවතින මතවාද හා පළපුරුදු

ඉහතින් සඳහන් කර ඇත්තේ අංග සම්පූර්ණ තේමාවන් මාලාවක් නොවේ. එය හුදෙක්ම මේ දෘෂ්ඨිකෝණයෙන් සාකච්ඡුාවක් ඇරඹීම සඳහා කරන ලද යෝජනාවක් පමණක් වේ. මේ හැර තත්කාලීන ලාංකික සංස්කෘතිය තුළ අපරාධය පිළිබ`දව තවත් බොහෝ මතවාදයන් හා පළපුරුදු ඇත. මේ සියල්ල පිළිබඳව විද්‍යාත්මක පදනමක් මත පිහිටා ගවේෂණය කරන්නේ නම් එය සමාජය තුළ අපරාධය පිළිබඳව ඇති ගැටලූ ගණනාවක් පිළිබඳව වැඩිදියුණු වූ කතිකාවක් නිර්මාණය කරන්නත් ඒ මගින් අපරාධ මර්දනය සමාජ ස්ථාවරත්වය හා මහජන ආරක්ෂාව පිළිබඳව වඩා පුළුල් අදහස් ජනගත කිරීමටත් හැකි වාතාවරණයක් ඇති කළ හැකිය. මෙවැන්නක් සකස් කිරීමත් අපරාධය පිළිබඳ සංස්කෘතික වැඩිදියුණුවක් ඇති කිරීමට සමත් වනු නොඅනුමානය.  ඕනෑම විෂයක අන්තර්ගතය සමාජ ගත කිරීමේදී මාධ්‍ය වන්නේ එම විෂයය පිළිබඳව වඩා පරිණත වූ සොයා ගැනීම් විවිධ ගවේෂණ මගින් කර ඒවා ජනතාව අතට පත් කිරීම තුළිනි.

එසේ වැඩිදියුණු වූ අදහස් රටේ නොතකා හැරීමට රටේ ව්‍යවස්ථාදායකයට නුපුළුවන. විශාල වශයෙන් යම් කරුණු පිළිබඳ අවබෝධයක් ජනතාවගෙන් සෑහෙන කොටසක් තුළ නිර්මාණය වුවහොත් හා එය ප‍්‍රකාශයට පත් වුවහොත් එය අනිවාර්යයෙන්ම ව්‍යවස්ථාදායකයේ හා පාලකයන්ගේ අවධානයට යොමු වීම ස්වභාවික දෙයකි. මේ අනුව බලන කළ වැඩිදියුණු තාක්ෂණයක් ඇති රටවලදී මෙම අදහස් සමාජය තුළ ගලා යාම හා ඒවා පාලකයන් හා ව්‍යවස්ථාදායකය අතට පත් වීමත් එමගින් ව්‍යවස්ථා හා නීති සකස් වීමත් මෙන්ම ඒ සියල්ල කි‍්‍රයාත්මක කිරීම සඳහා මුල්‍ය සම්පත් වෙන් කර ගැනීමත් ආදී බොහෝ පියවර ගැනීම වඩා ඉක්මන් වේ.

ඉහත සඳහන් තේමාවන්ට අමතරව තවත් ඉතා වැදගත් තේමාවක් වන්නේ ලාංකීය සංස්කෘතිය තුළ මාධ්‍යයේ පළපුරුදු කොතෙක් දුරට අපරාධය පිළිබඳව හා යුක්තිය පසි`දලීම පිළිබදව ගැඹුරු සංස්කෘතික අවබෝධයක් තුළින් පැන නගින ඒවාද නැතහොත් බොහෝ දුුරට ඉතා සරලව ලියවෙන වාර්තා පමනක් ද යන්න පිළිබඳ කරුණකි. වර්තමාන ලෝකයේ බුද්ධිය දියුණු කිරීමට හෝ බුද්ධිය අඩපන කිරීමට හැකියාවක් ඇති ප‍්‍රබල සාධකයක් වන්නේ මාධ්‍යයි. ලංකාව තුළ මාධ්‍යය ඉටු කරන්නේ කුමන කාර්යයක්ද ? එය වැඩිදියුණු අවබෝධයක් පාඨකයන් තුළ වගා කිරීමේ ප‍්‍රයත්නයක යෙදී සිටීද ? නැතහොත් විවිධාකාරයේ ඉතා අඩු වටිනාකමකින් යුතු වාර්තා නිකුත් කිරීම හෝ කිසියම් දේශපාලන අරමුණු යටතේ ගැඹුරු සාකච්ඡුා ඇතිවීම වළක්වා මහජන මතය වැඩිදියුණු වීම වළක්වා ලීමේ මාධ්‍ය සම්ප‍්‍රදායයක් පවතීද යන්න ලාංකික සංස්කෘතිය තේරුම් ගැනීම මෙන්ම අපරාධ පිළිබඳ කරුණු වටහා ගැනීමටත් හේතු වන හෙයින් මෙම කරුණද සංස්කෘතික අපරාධ විද්‍යාව තුළ වැදගත්කමකින් යුතු සැලකිය යුතු තේමාවක් වේ. මෙම තේමාවන් පිළිබඳව සාකච්ඡුා කිරීමේදී කාර්මික වශයෙන් හා තාක්ෂණික වශයෙන් ශතවර්ෂ ගණනාවක් තිස්සේ දියුණු වූ රටවල් වල ඉහත කී තේමාවන්ට අදාළ කරුණු පිළිබ`දව කුමන වර්ගයේ හැදෑරීම් හා අවබෝධයන් ජනගත වීද ? එම අවබෝධය එම රටවල ප‍්‍රතිපත්ති සකස් කිරීම මෙන්ම මානසික තත්ත්වයන් හැඩගැස්වීම කෙරෙහිද බලපා ඇත්ද ? එම සමාජය තුළ නීතිගත වූ විවිධ අදහස් හා එම නීති කි‍්‍රයාත්මක කිරීම පිළිබඳව පවතින සංස්කෘතික පළපුරුදු ඇති වූයේ කෙසේද ? ආදිය මෙම හැදෑරීම් වලට ඇතුළත් කළ හැකිය. ඇත්තෙන්ම එසේ ඇතුළත් කළ යුතුව ඇත. මේ මාර්ගයෙන් කාර්මික වශයෙන් හා තාක්ෂණික වශයෙන් දියුණු වූ රටවල් වල මේ තේමාවන් සාකච්ඡුා වන ආකාරය පෙන්නුම් කිරීම තුළින් අප සාකච්ඡුා කරන විෂයයන් පිළිබඳව වැඩි පළල් අවබෝධයක්ද ඇති කළ හැකිය.




නීතිඥ බැසිල් ප‍්‍රනාන්දු









Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.