English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
බෝම්බ සිද්ධියට සම්බන්ධ නැති පිරිස් නිදහස් කරන්න
(2019-07-10)

<< Go Back
Share |   



බෝම්බ සිද්ධියට සම්බන්ධ නැති පිරිස් නිදහස් කරන්න

මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පිරිසක් පසුගිය අටවෙනි දින ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමුවී විශේෂ සාකච්ඡුාවක් පවත්වා තිබේ.

පාස්කු දා බෝම්බ ප‍්‍රහාරය සිද්ධියෙන් පසුව ඇමැති , රාජ්‍ය ඇමැති සහ නියෝජ්‍ය ඇමැති ධූරවලින් ඉල්ලා අස්වූ මන්ත‍්‍රීවරු ජනාධිපතිවරයා හමුවී ඇති අතර බෝම්බ සිද්ධීන් සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවේ පසුවන මුස්ලිම් ජාතිකයින් සම්බන්ධයෙන් ඔවුහු ජනාධිපතිවරයාට කරුණු කියා තිබේ.

සිද්ධීන් වලට කිසිසේත් සම්බන්ධ නැති මුස්ලිම් ජාතිකයින් පිරිසක් අත්අඩංගුවේ පසුවන බවද ඔවුන් සිදුවීම්වලට සම්බන්ධ නැතිබව තහවුරු කර හැකි ඉක්මනින් නිදහස් කරන්නැයිද එහිදී මුස්ලිම් මන්ත‍්‍රීවරු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

මුස්ලිම් මන්ත‍්‍රීවරුන්ගේ ඉල්ලීමට ජනාධිපතිවරයා යහපත් ප‍්‍රතිචාර දැක්වූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී අමීර් අලි මහතා පැවැසීය.

නැවත ඇමැතිධූර බාරගැනීම සම්බන්ධයෙන්ද එහිදී ජනාධිපතිවරයා විමසීමක් කළ බවද මුස්ලිම් මන්ත‍්‍රීවරුන් එක්ව සාකච්ඡුා කර නුදුරු දිනකදී තීරණය දැනුම් දෙන බව ජනාධිපතිවරයාට දැන්වූ බවද අමීර් අලී  මහතා කීය.

රාවුෆ් හකීම් , රිෂාඞ් බදියුදීන්, ඒ.එම්.එච් ෆවුසි , ෆයිසාල් කාසීම්. අලී සහීඞ් මව්ලානා , එම් මන්සූර් යන මන්ත‍්‍රීවරු එලෙස ජනාධිපතිවරයා හමුවී තිබේ.



Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.