English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
ජාත්‍යන්තර මරණ දඬුවම හා ශ්‍රීලංකාව
(2019-07-09)

<< Go Back
Share |   



ජාත්‍යන්තර මරණ දඬුවම හා ශ්‍රීලංකාව

මේ වන විට මරණ දඩුවම ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් විශාල කථා බහක් සමාජය තුළ ඇති වී තිබේ.අතීතයේ රාජ උදහසට ලක් වන අය ප්‍රසිද්ධියේ උල තැබීම, ඇතුන් ලවා පෑගීම, උණු තෙල් කටාරම් වලට දැමීම වැනි දරුණු දඩුවම් ලබා දීමට රජවරුන් කටයුතු කළ බව ඉතිහාසය තුළ සඳහන් වේ. මෙවැනි දඩුවම් ක්‍රම නිසා අතීත සමාජයේ අපරාධ අඩු වී තිබූ බව පැරැන්නන්ගේ කියමන් තුළ සඳහන් වේ.

ජාතික ක්ෂමා සංවිධානයේ 2018 වර්ෂයට අදාළ වාර්ථා අනුව ලෝකය තුළ මරණ දඩුවම ලබා දෙන ක්‍රම 05ක් පවතී. එනම්, හිස ගසා දැමීම, එල්ලා මැරීම, විෂ ශරීර ගත කිරීම, වෙඩි තැබීම, විදුලි පුටුව යනාදියයි. මේ හැරුනු විට ඔවුන් දක්වන පරිදි ගල් ගසා මරා දැමීමේ සිද්ධි කිහිපයක් මැදපෙරදිග කලාපයෙන් 2018 වර්ෂයේදී වාර්ථා වී ඇත. ක්ෂමා සංවිධානය දක්වන පරිදි 2017 වර්ෂයේ වාර්ථා අනුව ලෝකයේ මරණ දඩුවම හේතුවෙන් මිය යන පිරිසෙන් සියයට 84ක්ම මිය ගොස් ඇත්තේ ඉස්ලාම් රටවල් 04ක් වන ඉරානය, සෞදි අරාබිය, ඉරාකය හා පකිස්ථානය යන රාජ්‍යන් වලය. ක්ෂමා සංවිධානය දක්වන පරිදි මානව හිමිකම් සංවිධාන නිතර විමසිල්ලෙන් පසුවන චීනය තුළ මරණ දඩුවම් ලබා දීමට අදාළ දත්ත ඔවුන් රාජ්‍ය රහස් ලෙස පවත්වාගෙන යනු ලබන අතර කෙසේ වුවද චීනය තුළ වසරකට පුද්ගලයින් දහසකට වැඩි පිරිසක් මරණ දඩුවමට ලක්කරන බවට අනුමාන කරන බව ක්ෂමා සංවිධානය දක්වා සිටී.

ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය දක්වන පරිදි 2017 වර්ෂයේදී පමණක් ලෝකයේ රටවල් 53කදී පුද්ගලයින් 2590කට වැඩි ප්‍රමාණයකට මරණ දඩුවම ලබා දී ඇති අතර නමුත් 2018 වර්ෂයේදී ලොව වටා රට වල මරණ දඩුවමට ලක්වූවන්ගේ සංඛ්‍යාව 690 දක්වා පහළ ගොස් තිබේ. එය 2017දී මරණ දඩුවම ලැබූ ප්‍රමාණයට වඩා සියයට 31ක පහළ යාමකි. යුරෝපයේ බෙලරුස් රාජ්‍යය හැර අනෙක් යුරෝපීය රටවල සියල්ලම මරණ දඩුවම අත්හිටුවා තිබේ. ඊට අමතරව මෑතක සිට මැඩගස්කරය, බෙනින්, ගිනී රාජ‍ය සහ බුර්කිනා ෆාසෝ ඇතුළු රටවල් කිහිපයක් මරණ දඩුවම ලබා දීම අහෝසි කර තිබේ. ලෝකය තුළ මරණ දඩුවම තවමත් පවත්වාගෙන යන රටවල 53ක් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා කරන අතර එකී රටවල් අතර ඉන්දියාව, ඇමෙරිකාව, ජපානය, තායිලන්තය, බංගලාදේශය, කියුබාව, උතුරු කොරියාව යන රාජ්‍යයන් සිටින බව අනාවරනය වී තිබේ.

ලංකාව දෙස බැලීමේදී මේ වන විට ශ්‍රී ලංකාව තුළ මරණ දණ්ඩනයට නියමවූවන් 1219ක ප්‍රමාණයක් සිටින බව ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන දත්ත මගින් පෙනී යන අතර ඔවුන්ගෙන් 762ක පිරිසක් මරණ දඩුවමට එරෙහිව අභියාචනා ගොනු කොට ඉන් තීරණය අපේක්ෂාවෙන් පසු වේ. ඉතිරි 457ක පිරිස මරණ දඩුවමට එරෙහිව අභියාචනා කොට එම අභියාචනා ප්‍රතික්ෂේප වූවන් සහ අභියාචනා ගොනු නොකරනු ලැබූවන් වේ.


- හිරෝශාන් ප්‍රනාන්දු 



Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.