English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
හමුදා වෙඩි පහරින් පියෙකු මිය යාමේ ඇත්ත.
(2019-07-07)

<< Go Back
Share |   




හමුදා වෙඩි පහරින් පියෙකු මිය යාමේ ඇත්ත.

අක්මීමන මානවිල උපනන්ද කනිෂ්ඨ විද්‍යාලයේ සේවයේ යොදවා සිටි හමුදා සෙබලෙකුගේ වෙඩි තැබීමකින් එම විදුහලේ ඉගෙනුම ලබන දරුවන් දෙදෙනෙකුගේ පියෙකු ඊයේ(ජිවිතක්ෂයට) පත් විය. මේ පිලිබඳ පලවන වාර්තා වල දිගින් දිගටම සඳහන් වන්නේ බලහත්කාරයෙන් පාසලට ඇතුළු වීමට ගිය පුද්ගලයෙකුට වෙඩි තබා ඇති බවයි.



සත්‍ය ලෙස සිදු වූ සිදුවීම මෙසෙයි. තම දියණිය අසනීප වීම හේතුවෙන් දියණිය රැගෙන යාමට පාසලට පැමිණෙන ලෙස මෙම පියාට දැනුවත් කිරීම කර තිබුනේ පාසල් බලධාරීන් විසිනි. ඒ අනුව මෙම පියා පාසලට යන විට පාසල් ගේට්ටුවේ කිසිඳු ආරක්ෂක නිලධාරියෙකු නොසිටි අතර පාසල තුලට ගිය පිය දියණියද රැුගෙන පාසලෙන් පිටතට ගොස් ඇත. පාසල අවසන් වන වෙලාවට මෙම පුද්ගලයා නැවත පාසලට පැමිණියේ තම අනෙක් දරුවා රැුගෙන යාමටය. එම අවස්ථාවේ පාසල ගේට්ටුව අසල ආරක්ෂාවට රැුදී සිටි හමුදා සෙබලා මෙම පියාට පාසලට ඇතුල් වීමට ඉඩ නොදෙන අතර පියා සහ හමුදා සෙබලා අතර බහින්බස් වීමක් සිදුව තිබේ. එම බහින්බස් වීම සිදු වන්නේ , තමන් අසනීප වූ දරුවා රැුගෙන යාමට පාසලට පැමිණි අවස්ථාවේ කිසිඳු ආරක්ෂක නිලධාරියෙකු නොසිටි අතර දෙවන දරුවා රැුගෙන යාමට පැමිණි විට පාසලට ඇතුල් වීමට නොදෙමින් කරන ආරක්ෂක වැඩ පිළිවෙල කුමක්ද යන්න පිළිබඳවයි. ඒ අනුව බහන්බස් වීම දුරදිග ගොස් අදාල පියාට හමුදා නිලධාරියා වෙඩි තබා ඇති අතර එමගින් පියා මිය ගොස් ඇත.



මෙම සිදු වීමට අදලාව මේ වන විටත් විවිධ මත පලවන අතර බොහෝ දෙන පවසන්නේ අදාළ හමුදා නිලධාරියා ‘තම රාජකාරිය ඉටු කර ඇති බවයි. ඒ අනුව ඇතැම් දෙමාපියන් පවා වෙඩි තැබීම සාධාරණීකරණය කරනු දක්නට ලැබිණ. හමුදා නිලදාරීන් පවා ප‍්‍රවෘත්ති ප‍්‍රකාශ තුල අදහස් පල කලේ දණහිසින් පහලට වෙඩි තැබිය යුතු බවට හමුදාව තුල නීතියක් නැති බවයි. එම ප‍්‍රකාශ වලින්ද පැහැදිලි වන්නේ වෙඩි තැබීම සාධාරණ බවයි. බලහත්කාරයෙන් පාසලට ඇතුළු වුවා යයි කියන පියාට වෙඩි වැදී තිබුනේ පපු ප‍්‍රදේශයටයි.

අපේ‍්‍රල් 21 බෝම්බ ප‍්‍රහාර වලින් පසු අන්තවාදය පරාජයට පත් කිරීමට මුවා වෙමින් රට තුල හදිසි නීති රෙගුලාසි ප‍්‍රකාශයට පත් කර ඇත. පාසැල් ආරම්භ කිරීමට පෙර විශාල භීතියක් වපුරා හැරීමට කටයුතු කල අතර පාසල් වල ආරක්ෂාවට හමුදාව යෙදවීය. විශ්වවිද්‍යාල ආරම්භ කිරීම ප‍්‍රමාද කරමින් හමුදාව යොදවා පරික්ශා කිරීම් සිදු කල අතර ජජඑඩ කැමරා සවි කිරීමටත් ආරක්ෂාව යන වචනයට මුවා වෙමින් ආරක්ෂා අංශවල මැදිහත් වීම වැඩි කිරීමට තීරණය කෙරිණ. අපේ‍්‍රල් 21 ප‍්‍රහාර වලින් පසු මෙම ක‍්‍රියාමාර්ග සාධාරණ ඒවා යයි කෙනෙකුට තර්ක කල හැක. නමුත් ඉහත සිදු වීමට අදාල පියා පාසලට පැමිණෙන්නේ නිරායුදවය. සැක කටයුතු පුද්ගලයෙකු නම් ආරක්ෂක අංශ වලට ගත හැකි ක‍්‍රියාමාර්ග  ඕනෑ තරම් ඇත. අත්අඩංගුවට ගැනීමක් හෝ සිදු නොකොට බහින් බස් වූ පලියට වෙඩි තැබිය හැකිද? ඇතැමුන් මේ පිලිබඳ තර්ක කරනුයේ අදාළ පියා ත‍්‍රස්තවාදියෙකු වුයේ නම් යනුවෙනි. එසේ නම් පුරුෂ ලිංග ඇති නිසා ස්ත‍්‍රී දුෂණයක් සිදු වේ යයි සිතා සියලූ‍ පිරිමින්ට එරෙහිව චෝදනා කල හැකි නොවේද?




මෙය පළමු අවස්ථව නොවීම අවධාරණයට ගත යුතු කාරණයකි. මීට පෙර නාවික හමුදා සෙබලූ‍න් වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනයට ලක් විය. මීට වසර කිහිපයකට පෙර යාපනය විශ්වවිද්‍යාලයේ සිදුන් දෙදෙනෙකු අණ නොතකා ධාවනය කල බවට පවසමින් පොලිසිය වෙඩි තබා ඝාතනය විය. නමුත් එම සිසුන් දෙදෙනා වරදක් කර නොමැති බවටත් ඔවුන් බීමතින් සිටි බවට පොලිසිය සිදු කල ප‍්‍රකාශ අසත්‍ය බවත් ඔප්පු වී ඇත. රතුපස්වල, නිදහස් වෙළඳ කලාපයේදී රොෂේන් චානකත්, අයිතීන් ඉල්ලා සටන් කල ධීවර ඇන්ටනි මරා දැමුවෙත් මේ මිලිටරී යාන්ත‍්‍රණය මගින්මය.

අපේ‍්‍රල් 21 ප‍්‍රහාරය පාවිච්චි කරමින් විශ්වවිද්‍යාල තුලද මිලිටරී මැදිහත් වීම සිදු කිරීමට ආණ්ඩුව කටයුතු කලේ නිකන්ම නොවේ, අද වන විට රුහුණු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගම් සභාපතිට හා ලේකම්ට ලබා දී ඇති පන්ති තහනම් වලට එරෙහි අරගලය මැඩලීමට යොදවා ඇත්තේ හමුදාවයි. අග්නිදිග, නැගෙනහිර විශ්වවිද්‍යාල තුල හමුදාව යොදවා ඇත. කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුල් වන මාර්ගයේද හමුදාව යොදවා ඇත. ඉහත සිදු වීම අනුව විශ්වවිද්‍යාල තුල කෙරෙන උද්ඝෝෂණ වලදී පවා කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් වෙඩි තැබුවායයි කියමින් මර්දනය ක‍්‍රියාත්මක නොවිය හැකිද? පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක වරයා පැවසුවේ ගිනි අවිය උදුරා ගැනීමට අදාළ පියා උත්සාහ කල විට වෙඩි තබා ඇති බවයි. පසු ගිය කාලය පුරා ආයුද පෙන්වීමට යැයි පවසමින් බොහෝ සැකකරුවන් මරා දැමු ඉතිහාසයක් අපට ඇත. බන්ධනාගාර තුලදී අමු අමුවේ සිර කරුවන් මරා දැමු බව අප දනිමු.



මිලිටරී යාන්ත‍්‍රණය ශක්තිමත් වීමේ ප‍්‍රතිපල මේවාය. අන්තවාදයට මුවා වෙමින් ආණ්ඩුව ගෙන එන හදිසි නීතිය, ත‍්‍රස්තවාදය වැළක්වීමේ පනත, ප‍්‍රති ත‍්‍රස්ත පනත ඇතුළු අණ පනත් සියල්ලෙන්ම අවසානයේ සිදු වන්නේ මෙම මිලිටරී යාන්ත‍්‍රණය ශක්තිමත් වීමයි. මීතොටමුල්ල කුණු කන්ද කඩාවැටීමෙන් පසු එය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදියෙකුට බාධා කල විශේෂ කාර්ය බලකා සෙබළෙකුට අප විරෝධය පල කල අවස්ථාවේ එම නිලධාරියා අප අසලට පැමිණ කිවේ පස්සේ බලාගමු කියාය.

එම නිසා මෙය කොහේ හෝ සිදු වු එක් සිදුවීමක් ලෙස බැහැර කල නොහැක.හෙට තවත් අම්මා තාත්තා කෙනෙකුට විය හැකිය. පාසලේ ගුරුවරයෙකුට විය හැකිය. අවසන ඔබටද විය හැකිය.

සහරාන්ගේ දරුවා බේරාගත් විටත් රණවිරුවාය. නිරා යුද අහිංසක පියෙකුට වෙඩි තබා ඝාතනය කල පසුත් රණවිරුවාය.

එම නිසා සහරාන්ලාගේ බෝම්බ වලට ලක් වුවන්ගේ වේදනාවත් රාජ්‍ය ත‍්‍රස්තවාදය හමුවේ මෙලෙස ජිවිත අහිමි වන්නන්ගේ වේදනාවත් එකම නොවේ ද?

/www.bbc.com/sinhala


Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.