English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
නාගනන්දගේ අවංකභාවය ප‍්‍රශ්න කෙරේ
(2019-07-07)

<< Go Back
Share |   



නාගනන්දගේ අවංකභාවය ප‍්‍රශ්න කෙරේ

නීතිඥ නාගානන්ද විසින් මෑතදී සමාජයේ මධ්‍යස්ථ මතධාරීන්ගේ මතයන්ට බලපෑම් කළ, රටේ තීරණාත්මක අවස්ථාවන් කිහිපයකදීම නීතිමය කටයුතුවලට මැදිහත් වූ පුද්ගලයෙකි. පසුව ඔහු ජනාධිපතිවරණයට ද ඉදිරිපත් වන බව පැවසුවේය. ඉතාමත් ආකර්ණීය සටන් පාඨ ඔහු විසින් ගෙනහැර පාමින් සිටියි. එයින් බොහෝ  සටන්පාඨ ප‍්‍රායෝගික නොවන ඒවා ද නොවෙයි. නමුත් යම් ජනකොටසකට ඔහුගේ බලපෑම තදින් දැනී ඇති බව පෙනෙයි.

ඔහු මෑතදී ඔහුගේ ඡුන්ද සටන වෙනුවෙන් අරමුදල් එකතු කිරීම ආරම්භ කර තිබේ. එසේ ආරම්භ කර තිබෙන්නේ නීති්‍යානුකූල නොවන බව පවසමින් හිටපු ජනාධිපති කාර්්‍ය මණ්ඩලයේ සේවකයෙක් වන  ඕෂල හේරත් විසිනි. ව්‍යවස්ථා විරෝධී අවස්ථාවේ ඊට විරෝධපා එම සේවයෙන් ඉවත් වූ පුද්ගලයෙකි  ඕෂල. කෙසේ වුවත්  ඕෂල විසින් පොලිස්පතිවරයා වෙත ඉදිරිපත් කර ඇති කරුණු වලින් නීතිඥ නාගානන්දගේ අවංකභාවය ප‍්‍රශ්න කෙරේ.

මේ ලිඛිත පැමිණිල්ල අනුව පොලිසිය විසින් පරීක්ෂණයක් සිදුකර ඒ සම්බන්ධයෙන් මහජනතාවට නාගනන්දට එල්ල වන චෝදනාවන්වල සත්‍ය අසත්‍යභාවය තහවුරු කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු.



 ඕෂල හේරත් විසින් ඉදිරිපත් කරන ලද ලිපිය මෙසේයි.



ශ‍්‍රී ලංකා පොලිසිය
කොළඹ
පොලිස්පතිතුමණි,

2019 වසරේ එළඹෙන ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන බවට හුවා දක්වමින් වංචනික ලෙස මුදල් එක්රැුස් කිරීම
----------------------------------
02/07/ 2019 දින ශ‍්‍රී ලංකා පොලිසියේ වෙබ් අඩවිය හරහා ඉදිරිපත් කළ පහත පැමිණිල්ල ඔබේ අවධාන සඳහා මෙසේ ද යොමු කරමි. (Referance Number : 10d2f3cfdcv184065367)

නො 22, වට මාවත පිළියන්දල ලිපිනයේ පදිංචි, හිටිහාමිලාගේ දොන්  ඕෂල ලක්මාල් අනිල් හේරත් වන මම ඉහත මාතෘකාවට අදාළව මගේ පැමිණිල්ල මෙසේ යොමු කරමි.

99, සුභද්‍රාරාම පාර, නුගේගොඩ නාගානන්ද කොඩිතුවක්කු නම් පුද්ගලයා විසින් තමා ඉදිරියේ දී පැමිණෙන ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බවට සඳහන් කරමින් වංචනික ලෙස මුදල් එක්රැුස් කිරීමේ කටයුත්තක නිරත වේ. ඔහු ජනාධිපතිවරණය සඳහා තරඟ කිරීමට රුපියල් මිලියන 500 - 750ක් පමණ මුදලක් අවශ්‍ය බව සඳහන් කරමින් නුගේගොඩ ලංකා බැංකුවේ ඔහුගේ නමින් ගිණුමක් ස්ථාපනය කර මුදල් එක්රැුස් කරමින් සිටිනවා. ඔහු මෙම මුදල් එකතු කිරීම අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය හරහා සිදු කරමින් සිටිනවා.

ගැටලූ‍ව වන්නේ මොහු ප‍්‍රකාශ කරන පරිදි ඉදිරියේ එන ජනාධිපතිවරණයේ අපේක්‍ෂකත්ව ලැබීමට මැතිවරණ නීතිවලට අනුව මූලික සුදුසු කම් සපුරා නෑ. එනම් ඔහු ශ‍්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය යන රටවල් දෙකේම ද්විත්ව පුරවැසිලාභියෙකි. පවතින නීතියට අනුව එය ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලැබීමට නුසුදුසුකමකි. දෙවන කාරණය ජනාධිපතිවරණ අපේක්ෂයකයකු විය හැක්කේ ලියා පදිංචි දේශපාලන පක්ෂයක් හරහා පමණි. එසේ නැත්නම් ස්වාධින අපේක්ෂකයකු ලෙස කටයුතු කිරීමට ඔහු දැනට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස කටයුතු කර තිබිය යුතුය. නගානන්ද කොඩිතුවක්කු වන මොහු හට කිසිම ලියාපදිංචි පක්ෂයක අනුග‍්‍රහය ලැබෙන බවට හෝ ඔහු සම්බන්ධ බවට කිසිම සඳහනක් නොමැත. ඒ අනුව ඔහු ඒ සුදුසුකම ද සපුරා නොමැත. ඔහු ‘විනිවිද පදනම‘ නමින් රාජ්‍යය නොවන සංවිධානයක් පවත්වාගෙන යන ලබන අතර දැන ගැනීමට ලැබී ඇති තොරතුරු අනුව විනිචිද පෙරමුණ නමින් ඔහු පක්ෂයක් ලියා පදිංචි කිරීමට උත්සහ දාරා ඇති අතර එය මැතිවරණ කොමිසම මගින් ද ප‍්‍රතික්ෂේප කර තිබේ. තවද ඔහු මෙම මුදල් එක්රැුස් කරනුයේ ලියාපදිංචි පක්ෂයක නමකින් වත් සංවිධානයක නමකින් වත් වන ගිණුමකට නොවීම මෙය වංචනික ක‍්‍රියාවක් බවට වඩාත් සැකයක් දනවයි

කරුණු කාරණා එසේ තිබියදී ඔහු දිගින් දිගට අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය හරහා මහජනතාව නොමග යවමින් මුදල් එකතු කිරීම වංචනික ක‍්‍රියාවකි. ඔහු ලංකා බැංකුවේ නුගේගොඩ ශාඛාවේ පවත්වාගෙන යනු ලබන මුදල් එකතු කරන ඔහුගේ පෞද්ගලික ගිණුමේ අංකය. 829 68 430. මොහු කරනු ලබන මෙම වංචනික ක‍්‍රියාවේ අන්තර්ජාල සටහන් ඔහු විසින් ම විනිවිද පදනම නමින් පවත්වාගෙන යන
youtube  ගිණුමේ අඩංගු වේ. ඔහු සඳහන් කරන තොරතුරුවලට අනුව වංචනික ක‍්‍රියාවක් ලෙස සැලකිය හැකි මෙම ක‍්‍රියාව ලංකා බැංකුවේ සාමාන්‍ය අධිකාරිවරයා සහ ලංකා බැංකුවේ නුගේගොඩ ශාඛාවේ කළමනාකාර වරයාගේ අනුදැනුම ඇතිව කරන වංචනික ක‍්‍රියාවකි.

ඔහු වෘත්තියෙන් නීතිඥයෙකු ලෙස සඳහන් කළත් ශේෂ්ඨාධිකරණයට අපහාසකිරීමේ චෝදනා මත වරදකරුවකු වී දැනට ඔහු වසර තුනක් සඳහා වෘත්තීය නීතිඥයකු ලෙස පෙනිසිටීම වළක්වමින් අධිකරණය විසින් දඬුවමක් ලබා දී තිබේ.

මෙම කරුණු සැලකිල්ලට ගෙන මගේ මෙම පැමිණිල්ල විභාග කර තව දුරටත් මෙම වංචනික ක‍්‍රියාව ඉදිරියට සිදු වීම වළකා මහජනතාව මෙම වංචනික කටයුත්තෙන් ගලවා ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

මීට
විශ්වාසී

ඕෂල හේරත්
ජාහැඅං : 763560481V
ජංගම දුරකතන අංකය : 0773062021



Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.