English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
මරණ දඩුවම විධායකයේ අත්තනෝමතික තීරණයක්! - ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම්
(2019-07-05)

<< Go Back
Share |   




මරණ දඩුවම විධායකයේ අත්තනෝමතික තීරණයක් ! - ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම්

මම පැහැදිලිවම මරණ දණ්ඩනයට විරුද්ධයි. මොන වැරැුද්දකට දඩුවම් ලැබුවත්. මොන වැරැුද්දකට දඩුවම් ලබා හිටියත්, මොන තරම් සාක්ෂි තිබුණත් එළිපනාපිිට, මම මරණ දණ්ඩනයට විරුද්ධයි. දඬුවම් කිරීම අවශයයි. එය මම පිළිගන්නවා. නමුත් අපි මේ දඬුවම කියන සංකල්පයට වෙනත් ප‍්‍රවේශයක් ලබා ගත යුතුයි. අපිට මරණ දණ්ඩනය සම්බන්ධයෙන් තිබෙන්නේ ඉතාම පැරණි අර්ථ නිරූපනයක්.

මම මරණ දණ්ඩනය හඳුන්වන්නේ රජයක් විසින් ජනතාව වෙනුවෙන් කියා, ජනතාවගේම වරදක් කළ එක් පුද්ගලයෙක්ගෙන් පළිගැනීම. මේ පළිගැනීමෙන් මොකක්ද තියෙන ප‍්‍රථිඵලය. මරණ දණ්ඩනයක් හරහා අපරාධ මර්ධනය කරන්න පුළුවන්ද? බැහැ. මේ වෙනකොට ලෝකයේ නොයෙක් රටවල් වල ඉන්න අපරාධ විද්‍යාඥයන්, නීතිවේදීන් අවුරුදු ගණන් පර්යේෂණ කරලා කරලා හොයාගෙන තියෙනවා මරණ දණ්ඩනය හා අපරාධ මර්ධන අතර කිසිම සම්බන්ධයක් නැහැයි කියලා. ඇත්තමට වෙන්නේ ඒකේ අනික් පැත්ත. මරණ දණ්ඩනය තියෙන රටවල්වල අපරාධ අඩුවීමක් දක්නට ලැබෙන්නේ නෑ වැඩිවෙලා තියෙන්නේ. මරණ දණ්ඩනය ප‍්‍රතික්ෂේප කිරීමට, ප‍්‍රායෝගික හේතුව වශයෙන් දක්වන්නේ මේක.

නුමුත් ඊට වඩිය කාරණා ගණනාවක් තියෙනවා. සම්පූර්ණ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් බලාපොරොත්තු වෙන සිවිල් පුරවැසියන්. පුරවැසියන් හැටියට අපිට අවශ්‍ය වෙන්නේ ශිෂ්ඨ සම්පන්න සමාජයක්. ශිෂ්ඨ සම්පන්න සමාජයක පළිගැනීම කියන හැගීම පදනම් කරගෙන සිදුවෙන කිසිම දඬුවමක් පිළිගන්න බැහැ. අපි දඬුවම ගැන මීට වඩා අලූත් විදියකට හිතලා බලලා පුනරුත්තාපනය කිරීම ඒ වගේම සිර දඬුවම් ලබන සිරකරුවන් නැවතත් සමාජයට බද්ධ කිරීම, ඔවුන්ට සමාජයේ පුද්ගලයන් හැටියට සාමාන්‍ය සමාජයේ රැුකියාවක් කරමින්, ඔවුන් අවශ්‍ය ලෙස ජීවත්වීමට අවශ්‍ය කාරණ සලසා දීම වැනි දේවල් සමාජය අවධානය යොමු කළ යුතුයි. බොහෝ රටවල් වල තිබෙන ප‍්‍රශ්නයක් තමයි, දඩුවම් ලබන ජනගහනයේ කොටස, එක පැත්තකින් වැඩිවෙමින් පවතිනවා. තවත් එකක් තමයි ඔවුන් වෙනත් රටවල් වල පිරිස වගේම අන්ත දුගී, වරප‍්‍රසාද අහිමි පිරිස. තුන්වෙනි එක ඒ පිරිස නැවත නැවතත්, බන්ධනාගාර පද්ධතියට ඇතුළුවෙමින්, පිටවෙමින්, නැවතත් ඒ ආකාරයෙන්ම සිදුවෙමින් චක‍්‍රයක්   (Re-offense ) මෙන් ගමන් කරනවා. එවැනි නැවත නැවත සිරගතවීමක් සිදුවෙනවා නම්, ඒ ක‍්‍රමයේ පැහැදිලිව ප‍්‍රශ්නයක් තියෙනවා. අපි මේක දිහා අලූත් විදියකට බලන්න  ඕනා.

මම බෞද්ධ දර්ශනයට ලැදි කෙනෙක්. ඒ වගේම මේ රටේ බෞද්ධ බහුතරයක් එසේ යයි කියනා අය. බෞද්ධයන් හැටියට අපිට කිසිම කෙනෙක්ගේ පනක් නැසීම සාධාරණීකරණය කරන්න බැහැ. මොන හේතුවක් යටතේදීවත්. මෑත කාලයේදී මරණ දඩුවම නැවත කි‍්‍රයාත්මක කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය සම්බන්ධයෙන් හා සතර දෙනෙක් තමන් විසින් මරා දැමීමට අත්සන් කරායයි කියන මේ තීරණය සම්බන්ධයෙන් සඳහන් කළොත්, ජනාධිපතිවරයා විසින් මෙවැනි තීරණයක් ගන්නේ කුමන පදනමකද, එම පදනම මත ඇති විනිවිදභාවය කුමක්ද? ඒ පදනම කිසිම විනිවිදභාවයක් නැතිව තමන් විසින් අත්තනෝමතික ලෙස තීරණය කරන ලද පදනමක්ද? එසේ හතර දෙනෙක්ව එල්ලා මැරීමට තීරණය කළා නම්, මට අයිතිය තියෙනවා පුරවැසියෙක් හැටියට එය ප‍්‍රශ්න කරන්න. මොකද විශේෂයෙන් මේ ජනාධිපතිවරයාව අපි පත් කරන්නේ මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිිත කිරීම සඳහා.

ජනාධිපතිවරයා විසින් භාවිතා කළ යුත්තේ අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ තියෙන 3,4 වගන්ති අනුවයි. ජනාධිපතිවරයා, පාර්ලිමේන්තුව, අධිකරණය පවා භාවිතා කරන්නේ මහජනයාගේ ස්වාධිපත්‍යය බලය. ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාග වුනු නඩු බොහෝමයකම කියලා තියෙනවා, බලය ව්‍යවස්ථාදායකයට, විධායකට, අධිකරණයට, ලබාදී තිබෙන්නේ බාරයක් හැටියට. ඒ භාරය ලබාදී තිබෙන්නේ ඒ අවස්ථාවට පමණයි. ඒ අවස්ථාවට භාවිතා කළාට පස්සේ එය අයිතිවිය යුත්තේ, මහජනතාවට. මහජනතාවගේ බලය භවිතා කරනවා නම් භාවිතා කළ යුත්තේ මහජනතාවගේ අභිලාෂයන්ට අනුව. පුරවැසියන් හැටියට අපි කොහේවත් ප‍්‍රකාශ කරලා නැහැ මරණ දඬුවම කි‍්‍රයාත්මක කරන්න  ඕන කියලා. අපේ අභිලාෂයකින් තොරව, අපේ අනුමැතියකින් තොරව, අපේ නමින් මරණ දඬුවම කි‍්‍රයාත්මක කරනවා නම්, අපි ඒකට පැහැදිලිවම විරුද්ධයි. ඒ මරණ දඩුවම ලබා දීම සම්පූර්ණයෙන් අත්හිටුවිය යුතුයි. එය අමානුෂිකයි. එය පළිගැනීමක්. ඒ වගේම දිගුකාලීනව සලකා බැලූවොත් අපේ දඩුවම් ක‍්‍රමය, අපේ බන්ධනාගාර ක‍්‍රමය, ගැන නැවත විමසා බැලීමක් කරලා, කොහොමද මේ ක‍්‍රමයේ තියෙන බරපතල වැරදි නිවැරදි කරගෙන, ලංකාවේ අපරාධ මර්ධනය කරන්නේ කියන එක ගැන සාකච්ඡාවකට යන්න  ඕනා. 



ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම්
කතිකාචාර්ය නීතිපීඨය
කොළඹ විශ්ව විද්‍යාලය
චිත‍්‍රපට අධ්‍යක්ෂ, සමාජ කි‍්‍රයාධර



සටහන - සුදේශ් ද සිල්වා






Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.