English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
හිංසාවෙන් තොර ශී‍්‍ර ලංකාවක්
(2019-06-11)

<< Go Back
Share |   



අතීතයේ සිට හිංසාව අප සමාජය තුළ පවතින සුළභ අවියකි. දියුණ සමාජය තමුන් මුහුණ දෙන ගැටලූ සාකච්ඡාවෙන්, සම්මන්ත‍්‍රණයෙන්, සම්මුතියෙන් විසදාගනු ලැබුවත් අපේ අපේ ප‍්‍රශ්ණ බොහෝ විට විසදා ගනු ලබන්නේ හිංසාවට මුල් තැන ලබා දෙමිනි. එම හිංසාව ශාරීකව කළ නොහැකි අවස්ථාවක දී ඊට වඩා බැරූරුම්ව එම හිංසාව මානසිකව හෝ සිදු කරනු ලබයි. එදිනෙදා ජීවිතය තුළ ශරීරිකව හෝ මානසිකව හිංසනයට ලක් නොවන්නෙක් ශී‍්‍ර ලංකා භූමිය තුළ සොයා ගැනීමට අපහසුය.

සමාජය තළ ප‍්‍රචලිත මෙම හිංසාව අපගේ රාජ්‍ය ව්‍යුහය තුළ ද යම් පමණකට පවතී. අප නීති ක‍්‍රමය තුළ රාජ්‍ය නියෝජනය කරන කිසියම් තැනැත්තෙක් විසින් සිදු කරනු ලබන හිංසනයන් මූලික අයිතිවාසිකම් කඩවීමක් හා අපරාධ වරදක් ලෙසත් අර්ථ දක්වා තිබේ.

එසේ හිංසනයට එරෙහිව කොපමණ නීති පැනවී තිබුනත්, එම නීති කිසි ලෙසකින් මායිම් නොකරමින් සිදු කෙරෙන හිංසනයන් හේතුවෙන් සමහර අවස්ථාවලදී එසේ හිංසනයට පත්වන තැනැත්තන් මිය යන අවස්ථාවන් ද බොහෝ විට වාර්තා වේ.  
විශේෂයෙන් ආරක්ෂක අංශ විසින් විවිධ හේතූන් මත අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ගෙන් තොරතුරු ලබා ගැනීම සදහා හිංසාව භාවීතා කිරීම ඉතා සුලභ කාණාවක් වන අතර, එය වලක්වා ගැනීම සදහා නිසා ප‍්‍රායෝගික වැඩ පිළිවෙලක් රජය විසින් මෙතෙක් සකස්කර නොමැත.

වධහිංසාව මෙරටින් තුරන් කිරීම උදෙසා මෙරට පවතින නීති සෑහෙන දුරකට ප‍්‍රමාණවත් වන නමුත්, එහි ප‍්‍රායෝගික ක‍්‍රියාකාරීත්වය ඉතා අවම මට්ටමක පවතී. මේ අතරින් සමහර නීති නිසියාකාරව කි‍්‍රයාත්මක නොවෙන තරම්ය. රටක නීතීරීති කෙතරම් පැවතුනද එවා ප‍්‍රායෝගිකව කි‍්‍රයාත්මක නොවන්නේ නම්, එම නීති පිළිබදව නිසි අවබෝධයක් එරට ජීවත් වන මහජනතාව සතුව නොවන්නේ නම් හා එම නීති කි‍්‍රයාත්මක වී තමුන්ට යුක්තියක් ඉටුවේ යන්න පිළිබදව විශ්වාසයක් ඇති නොවන්නේ නම්, එරට තුළ අනීතිය රජ කිරීම නොවැලැක් විය හැක.

මහජන ආරක්ෂාව සදහා සකසා ඇති නීති, එරට සිටින පුරවැසියන් ආරක්ෂා කිරීමට නෛතිකව බැදී සිටින, නිලධාරීන් විසින්ම උල්ලඝණය කරන්නේ නම්, එම රාජ්‍ය ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්ම මත කි‍්‍රයාත්මක වන රටක් ලෙස පිළිගනු නොලබයි.

රටක නීතිය හා සාමය පවත්වාගෙන යාමට බැදී සිටින පොලීසිය ඇතුලූ ආරක්ෂක අංශයන් විසින් සිදු කරනු ලැබූ සමහර කි‍්‍රයාවන් නිසා ශී‍්‍ර ලංකා රාජ්‍යය තුළත් පසුගිය කාලය තුළ නීතිය හරිහැටි කි‍්‍රයාත්මක නොවන රාජ්‍යයක් ලෙස චෝදනාවන්ට පාත‍්‍ර විය. මින් වැඩිපුරම කතා බහට ලක් වුයේ අත්අඩංගුවට පත්වන සැකකැරවන් වෙත කරනු ලබන විවිධාකාරයේ හිංසාවන් පිළිබදවය. මෙම තත්ත්වය කාලයක සිට ශී‍්‍ර ලංකාව තුළ කි‍්‍රයාත්මක වූ නිසා වධහිංසා කිරීම සාමාන්‍ය දෙයක් බවට පත් වී එය එදිනෙදා ජීවිතයේ කොටසක් බවට පත්ව තිබුණි.

නමුත්, පසුගිය කාලය තුළ මෙම තත්ත්වයේ යම් වෙනසක් පෙන්නුම් කර ඇති බව ස්ථාන කිහිපයක ඇති වූ සිද්ධීන් මගින් හා අප වෙත වාර්තා වූ සමහර සිද්ධීන් මගින් පෙන්වා දිය හැක. පසුගියදා මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ දී එක්තරා බීමත් පොලිස් නිලධාරියෙකු විසින් ප‍්‍රදේශවාසීන්ට සිදු කළ පහරදීමකට එරෙහිව ගම්වාසීන්ගේ මැදිහත් වීම රට පුරාම කතාබහට ලක් වූ අතර, ඔවුන්ගේ එම මැදිහත් වීම නිසා එම පොලිස් නිලධාරියාට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමටත් එය විශේෂ හේතුවක් විය. එවැනිම සිද්ධියක් රත්ගම ප‍්‍රදේශයෙන් වාර්තා වූ අතර, පොලීසිය විසින් තරුණයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන්කරවීමේ සිද්ධිය සදාකල් අභිරහසක් වීමට ඉඩ නොදී ඒ පිළිබඳව පළමුව තොරතුරු හෙළිකරනු ලබන්නේ ද සේවයේ යෙදී සිටින පොලිස් නිලධාරීයෙකු විසින් වීමත් පෙන්වා දිය හැක. මේ අකාරයෙන් ජනතාව තුළින්ම වධහිංසාවන්, නීති විරෝධී ඝාතන ඇතුලූ නීති විරෝධී කි‍්‍රයාවන්ට එරෙහි වීමේ ප‍්‍රවණතාවය මහජනයා තුළින්ම තවදුරටත් වර්ධනය කරගත හැකි වුවහොත් මෙම තත්ත්වයෙහි පැහැදිලි වෙනසක් ඇති කර ගත හැකි වනු ඇත.

ඇතිවෙමින් පවතින මෙම වෙනස 2015 වර්ෂයේ සිට ඇති කරනු ලැබූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍ය ප‍්‍රතිසංස්කරණයන් හේතුවෙන් සිදු වූ අතර, ඒ හරහා විවර වූ නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරුවීමත්, රාජ්‍ය සේවය ස්වාධීන සේවයක් කිරීමත්, අධිකරණයන් හි ස්වාධීන කි‍්‍රයාකාරීත්වයත්, ස්වාධීන කොමිෂන් සභාවන් හි ස්වාධීනභාවය තහවුරු කිරීමත් මෙම තත්ත්වය ඇති වීමට හේතු විය.  

නමුත්, අපේ‍්‍රල් 21 පාස්කු ඉරුදින එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් අනතුරුව සුමාන තුනකට පමණ පසු මැයි මස 13 වන දින සිට ශී‍්‍ර ලංකාවේ ප‍්‍රදේශ කිහිපයක සිදු වූ අන්තවාදී ප‍්‍රහාරයන් හේතුවෙන් නැවතත් රට අරාජික තත්ත්වයක් කරා යාමට ඉඩ තිබූ නමුත් එය කෙසේ හෝ පාලනය කර ගැනීමට රජයට හැකියාව ලැබූ නිසා මෙම අන්තවාදී ප‍්‍රහාරයේ සුලමුල මේ වනවිට හෙළිදරව් වෙමින් තිබේ. පරාජිත කණ්ඩායම් විසින් ප‍්‍රජාතන්ත‍්‍රීය ලෙස ආණ්ඩු බලය ලබා ගැනීම විනා ජනතාව කුපිත කරවමින්, රට අරාජික කරවමින් ජනතාව නොමග යැවීමට ගන්නා සියලූ උත්සාහ පරාජය කළ යුතු අතර, සුළුතරයක් වූ මෙම අන්තවාදීන්ට හිස එසවීමට ඉඩ නොතැබිය යුතුය. එමෙන්ම මෙම අන්තවාදී කි‍්‍රයාවන්ට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව තරා තිරම නොබලා වහාම නීතිය කි‍්‍රයාත්මක කළ යුතුය.

එමෙන්ම, රාජ්‍ය ආරක්ෂාව හා ත‍්‍රස්තවාදය මර්ධනය සඳහා කටයුතු කිරීමේ දී ප‍්‍රජාතන්ත‍්‍රවාදී මුලධර්මයන් වන ජනතාවගේ මූලික අයිතිවාසිකම්, වෙනස්කොට සැළකීම් හා ජනතාවගේ මානව නිදහසට බාධාවන අයුරින් කටයුතු කිරීම වැළැක්වීමටත් රජය මූලික අවධානය යොමු කළ යුතු අතර, මේ සම්බන්ධව කටයුතු කරනු ලබන පොලීසිය ඇතුලූ ආරක්ෂක අංශයන් හි කි‍්‍රයාකාරීත්වය නිරන්තරයෙන් අධීක්ෂණය කළ යුතුය.

මෙහිදී පුරවැසි සමාජයට ද විශාල වගකීමක් පැවරේ. එහිදී අන්තවාදී අදහස් සමාජගත වීම වැළැක්වීම සඳහාත්, එම ප‍්‍රවණතාවයන් මැඩ පැවැත්වීම සඳහාත් කටයුතු කළයුතු අතර, ගොඩනගා ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යූහයන් තවදුරටත් ආරක්ෂා කරගනිමින් එම පදනම් තවදුරටත් සංවර්ධනය කරගැනීමට පෙරසේම මැදිහත් විය යුතුව ඇත.

පසුගිය වසර 5 තුළ මානව නිදහසට සෘජු ලෙසම බලපාන නීති විරෝධී ඝාතන, අතුරුදහන්කරවීම් හා වධහිංසාවන් සිදුවීම්හි යම් අඩුවක් ඇති බව පහත සඳහන් මානව හිමිකම් කොමිෂන් සභා වාර්තා අනුව පෙනී යයි.    

ශී‍්‍ර ලංකාව තුළ සිදුවන සියලූම මානව විරෝධී කි‍්‍රයා, විශේෂයෙන් පොලිස් නිලධාරීන් විසින් සිදු කරනු ලබන වධහිංසාවන් සියල්ලම වාර්තාවන බවක් අපට පිළිගත නොහැකි නමුත්, මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සිදු කරනු ලබන සකී‍්‍රය කි‍්‍රයාකාරීත්වය හා විශ්වාසනීත්වය මත එවැනි කි‍්‍රයාවන්ගෙන් සෑහෙන ප‍්‍රතිශතයක් වාර්තා වන බවක් අපට පිළිගත හැක.

ඒ කෙසේ වෙතත්, දැනට අපට ඇති එකම නිල සංඛ්‍යාලේඛනය මෙය වන අතර, මේ අනුව පවා අපට පෙනී යන්නේ වධහිංසාව තවමත් සෑහෙන පමණකින් රට තුළ කි‍්‍රයාත්මක වන බවයි. වධහිංසාව සම්පුර්ණයෙන් තුරන් කිරීම රජයේ ප‍්‍රතිපත්තිය වී ඇතත් අපට තවමත් ඒ ආසන්නයටවත් ළගා වීමට නොහැකි වී ඇති බව මෙම සංඛ්‍යා ලේඛන අනුව පෙනී යයි.



Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.