English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
ජනාධිපතිගේ තත්ත්වය බරපතලයි. කැබිනට් මණ්ඩලයට අනතුරු අඟවයි !
(2019-06-08)

<< Go Back
Share |   




ජනාධිපතිගේ තත්ත්වය බරපතලයි. කැබිනට් මණ්ඩලයට අනතුරු අඟවයි !

පසුගිය දිනවල විවිධ උපක‍්‍රම යොදමින්, ඒ උපක‍්‍රම නිසාම රට ආරක්ෂාවත් ජනතාවගේ ජීවිතත් අවධානමකට ලක් කරමින්, රට පුරා සංසිඳී තිබූ ජනවාර්ගික විෂමතාවයන් නැවතත් අන්තවාදයක් වෙත ගෙන යමින්, රට නැවතත් ආපස්සට ගෙන ගියේ පල්ලෙවත්ත ගමරාළලාගේ මෛති‍්‍රපාල සිරිසේනයි.  පාස්කු ප‍්‍රහාරයත් සමඟ පාර්ලිමේන්තුවේ බහුතර පක්ෂවල  කැමැත්තෙන් නිර්මාණය කරන ලද පාර්ලිමේන්තු තෛ්රීම් කාරක සභාව නිසා තමන්ගේ නිරුවත හෙළිවීමේ අර්බුදයෙන් ගැලවීමට ඊට තර්ජනාත්මක අනතුරු ඇඟවීමක් කර තිබේ. ඒ සඳහා ඔහු භාවිතා කරන්නේ ඔහු විසින්ම විනාශ මුඛයට ඇඳ දමන ලද ජාතික ආරක්ෂාවේ විලාපයයි.

ඥානසාර නිදහස් කිරීමෙන් ද, රතන හාමුදුරුවන්ගේ සත්‍යග‍්‍රහයෙන් ද, තීරණාත්මතව පරාජය වූ සිරිසේනට දැන් ඉතිරිව ඇත්තේ සජිත් තුළින් භාරකාර රජයක් ඉදිරියට ගෙන ඒමේ හෝ සජිත් ජනාධිපති කරවීමේ සිහිනය පමණි. සජිත් පේ‍්‍රමදාස බුද්ධිමත් නම් ඔහු කිසිසේත් මේ අවස්ථාවේදී ජනතා අප‍්‍රසාදයට ලක් වූ සිරිසේන හරහා ඉදිරි දේශපාලන තීරණය නොගත යුතුව ඇත. සජිත්ට මෛතිපාලගේ සහය නොමැතිව හෝ ඉදිරිගමනක් තිබේ. අපට සජිත්ගේ දේශපාලන කි‍්‍රයාකලාපය ගැන තිබෙන විවේචනයන වෙනම කරුණකි.

තත්ත්වය දරුණු වූයේ හිටපු පොලිස්පති හා හිටපු ආරක්ෂක ලේකම් පූජිත ජයසුන්දර හා හේමසිරි ප‍්‍රනාන්දු ලබා දුන් සාක්ෂි වලින් මෙතෙක් රහසිගත ව තිබූ ජනාධිපතිවරයාගේ කි‍්‍රයා කලාපය එළිපිටම ප‍්‍රකාශ වූ නිසාය. දැන් ඔහු කෙරෙහි විශාල ජනතා අප‍්‍රසාදයක් පළ වී තිබේ.

ජනාධිපතිවරයා මෙසේ තර්ජනය කර ඇත්තේ ඔහුගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (07) රාත‍්‍රීයේ කැඳවා තිබු හදිසි කැබිනට් රැස්වීමේදීය. මෙම රැස්වීම පැයකට අධික කාලයක් පැවැති බවද වාර්තා විය.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ජාතික බුද්ධි සේවයත් ජාතික ආරක්ෂාව ගැනත් තැකීමක් නොමැතිව දිගින් දිගටම කටයුතු කරන්නේ නම් තමා ආණ්ඩුවේ කිසිම කටයුත්තකට සහය නොදෙන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසා තිබෙන්නේ මෙම විශේෂ කැබිනට් රැස්වීමේදීය.

තේරීම් කාරක සභාව දිගටම මේ ආකාරයෙන් කටයුතු කරන්නේ නම් තමා කැබිනට් රැුස්වීම් වලටද සහභාගී නොවන බවද, රහස්‍ය තොරතුරු පනතද උල්ලංඝණය කරමින් තේරීම් කාරක සභාව කටයුතු කරන බවටද චෝදනා කොට ඇතැයි පැවසේ.

බුද්ධි අංශ නිලධාරීන් කාරත සභාවට ගෙන්වා මාධ්‍ය ඉදිරියේ ඔවුන්ගෙන් තොරතුරු විමසීම රටේ ජාතික ආරක්ෂාවටත්, ජාතික බුද්ධි සේවාවටත් බරපතල තර්ජනයක් බවද, පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳව ශේෂ්ඨාධිකරණයේ පෙත්සම් පහක් විභාග කෙරෙන අවස්ථාවේ තේරීම් කරක සභාවේ කටයුතු එම පෙත්සම් විභාගයට බාධාවක් බව නීතීපතිවරයා දැනුම් දී ඇති බවත් නීතීපතිවරයාගේ එම වාර්තාව කතානායකවරයා වෙත යොමු කොට ඇති නමුත් මෙතෙක් ප‍්‍රතිචාරයක් ලැබී නැති බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇතැයි වාර්තා වේ.

තේරීම් කාරක සභාව කටයුතු කරන්නේ මේ ආකාරයෙන් නම් ආණ්ඩුවේ වැඩ වලට සහය නොදෙන බවත් ජනාධිපතිවරයා ලෙස තමාගේ කටයුතු පමණක් කරගෙන යන බවත් ජනාධිපතිවරයා සඳහන් කොට ඇතැයි වාර්තා වේ.

එහිදී අදහස් දක්වා ඇති ඇමතිවරුන් කිහිප දෙනෙකු පෙන්වා දී ඇත්තේ තේරීම් කාරක සභාවේ කටයුතු ජාතික ආරක්ෂාවට හෝ ජාතික බුද්ධි සේවාවේ කටයුතු වලට බාධාවක් නොවන අයුරින් පවත්වාගෙන ගෙන බවය.

තේරීම් කාරක සභාවේ සාක්කි විමසීමේදී ජාතික ආරක්ෂාවට බලපාන කරුණු මාධ්‍යයට විවෘත නොකරන බවද එම ඇමතිවරුන් ප‍්‍රකාශ කොට ඇති බවද දැනගන්නට තිබේ.



Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.