English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
රතන හිමිගේ උපවාසය දේශපාලන උත්ප‍්‍රාසයක්. තිරපිටපතක් අනුව කළ රගපෑමක් !- කේ.ඩබ්.ජනරංජන
(2019-06-06)

<< Go Back
Share |   



රතන හිමිගේ උපවාසය දේශපාලන උත්ප‍්‍රාසයක්. තිරපිටපතක් අනුව කළ රගපෑමක් !
කේ.ඩබ්.ජනරංජන

”ඔවුන්ව පත් කළේ මෛති‍්‍රපාල සිරිසේන. මෛති‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයාගේ එක ලියුමකින් පත් කරනවා වගේම, තව ලියුමකින්  ක්ෂණිකයකින් ඉවත් කරන්න පුළුවන්. එතන හාමුදුරුවෝ ජනාධිපතිවරයාගේ උපදෙශකවරයෙක්. එතකොට ජනාධිපතිවරයාගේ උපදේශකවරයෙක්, විරෝධය පානවා ජනාධිපතිවරයාම පත් කරපු ආණ්ඩුකාරවරයාට විරුද්ධව. මේක හරිම දේශපාලන උත්ප‍්‍රාසයක්. කාට හරි හිතෙන්න පුළුවන් මේක කවුරු හරි ලියපු තිරපිටපතකට එක එක්කෙනා වෙන වෙනම වැඩ කරනවා කියලා.” 

කේ.ඩබ්.ජනරංජන
ජේෂ්ඨ ජනමාධ්‍යවේදී - අනින්දා පුවත්පතේ ප‍්‍රධාන කර්තෘ
 

”රතන හිමියන් දේශපාලන වශයෙන් අවලංගු කාසියක් වෙලා හිටියේ. රතන හිමියන් 2014 වසරේ දී මහින්ද රාජපක්ෂ රජයෙන් ඉවත් වෙලා 2015 ඔහුව පරාජය කරන්න විශාල වැඩ කොටසක කළා. අපි ඒක පිළිගන්නවා. ඒ ගෞරවය රතන හිමියන් ඇතුළු ජාතික හෙළ උරුමයට හිමිවිය යුතුයි.”

”රතන හාමුදුරුවෝ කල්පනා කළා වෙන්න පුළුවන් මටත් මේකේ යම් භූමිකාවක් රගපාන්න පුළුවන් කියලා. ඒ අවශ්‍යතාවය සඳහා ඔහු තෝරාගත්තේ මේ වෙලාවේ සමාජයේ පැළවෙලා තියෙන මුස්ලිම් විරෝධයයි. ඒ මුස්ලිම් විරෝධයේ එක කොටසක් හැටියට, ආණ්ඩුකාරවරු දෙන්නෙක් ඉවත් කරන්න. එක ඇමතිවරයෙක් ඉවත් කරන්න කියලා බලකරමින් රතන හාමුදුරුවෝ උපවාසයක් කළා. ඇත්තටම මේ ආණ්ඩුකාරවරු දෙන්නා ගත්තොත් එහෙම ඔවුන්ව පත් කළේ මෛති‍්‍රපාල සිරිසේන. මෛති‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයාගේ එක ලියුමකින් පත් කරනවා වගේම, තව ලියුමකින්  ක්ෂණිකයකින් ඉවත් කරන්න පුළුවන්. එතන හාමුදුරුවෝ ජනාධිපතිවරයාගේ උපදෙශකවරයෙක්. එතකොට ජනාධිපතිවරයාගේ උපදේශකවරයෙක්, විරෝධය පානවා ජනාධිපතිවරයාම පත් කරපු ආණ්ඩුකාරවරයාට විරුද්ධව. මේක හරිම දේශපාලන උත්ප‍්‍රාසයක්. කාට හරි හිතෙන්න පුළුවන් මේක කවුරු හරි ලියපු තිරපිටපතකට එක එක්කෙනා වෙන වෙනම වැඩ කරනවා කියලා.

සම්පූර්ණ අදහස් දැක්වීම පහත දැක්වෙන වීඩියෝවෙන්







Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.