English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
සයිබර් ආරක්ෂණ පනත් කෙටුම්පත’ මහජන සංවාදයට ලබා දී ඇති කාලය ප්‍රමාණවත් නැහැ!‘ - අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරිත්වය
(2019-06-04)

<< Go Back
Share |   


සයිබර් ආරක්ෂණ පනත් කෙටුම්පත’  මහජන සංවාදයට ලබා දී ඇති කාලය ප්‍රමාණවත් නැහැ!

අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරිත්වය

ලංකාවේ එතරම් ගැඹුරින් සාකච්ඡා නොවන එහෙත් සාකච්ඡා විය යුතු කලාපයක් වන අන්තර්ජාලය/ සයිබර් අවකාශය පිළිබඳ වන පනත් කෙටුම්පතක්පිළිබඳ මහජන සාකච්ඡාව සදහා දින 13කට ආසන්න කාලයක් පමණක් ලබා දී තිබීම පිළිබඳ තමන් පුදුමයට පත් වන බව අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරිත්වය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.


එම සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.

04 ජූනි 2019

ශ්‍රී ලංකාවේ සයිබර්  ආරක්ෂණ උපායමාර්ග ක්‍රියාත්මක කිරීම, සයිබර් ආරක්ෂණ නියෝජිතායතනයක් පිහිටුවීම සහ ශ්‍රී ලංකාවේ සයිබර් ආරක්ෂණ ක්‍රමවේදයන් සඳහා විධිවිධාන සැලැස්වීමට යනුවෙන්   පවසමින් සයිබර් ආරක්ෂණ පනත් කෙටුම්පතක්ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්‍ෂණ අමාත්‍යාංශය  විසින් මේ වන විට ඉදිරිපත් කර තිබේ.

 එම පනත් කෙටුම්පත http://www.mdiit.gov.lk/index.php/en/mtdi-news/item/64-cyber-security-bill හෝ  https://srilankacert.blogspot.com/2019/05/invitation-for-comments-on-cyber.html යන වෙබ් අඩවිවලට පසුගිය මැයි 23වනදා, මහජන මත විමසීම සදහා ඇතුලත් කර ඇති අතර, එම  මහජන මත විමසුමට අදාළ යෝජනා එළඹෙන ජූනි 5 වනදාට පෙර එවිය යුතු අතර, වාචික යෝජනා සහ අදහස් ඉදිරිපත් කිරීම ජූනි මස 6 වනදා ට යොදා ඇති බව එම වෙබ් අඩවිය වාර්තා කර ඇත.

ලෝකය පුරා සන්නිවේදන කටයුතු වල මේ වන විට ප්‍රමුඛස්ථානය ගෙන ඇත්තේ අන්තර්ජාලය මත පදනම් වූ සන්නිවේදන වේදිකාවන්ය. එම නිසාම එම අන්තර්ජාල වේදිකාවල ආරක්ෂාව, එම වේදිකාවල අන්තර්ගතයන්, ඒවායේ දත්ත සහ තොරතුරුවල ආරක්ෂාව මෙන්ම පුද්ගලිකත්වය(Privacy) පිළිබඳවත් ලෝකය පුරා අවධානය යොමුව ඇත්තේ බොහෝ කලක සිට බව අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වය(IMA) අවධාරණය කරමු.

එම තත්වය තුළ ශ්‍රී ලංකාවේ එම කතිකාව එතරම් පළල් මට්ටමක නොවුණත්, අන්තර්ජාල නිදහස, පුද්ගලිකත්වය, ආචාරධර්ම සහ මානව හිමිකම් මත පදනම් වූ අන්තර්ජාල භාවිතාවක් පිළිබද සාකච්ඡාවක් මේවන විටත් ආරම්භ වී ඇත. එහි එක් ක්‍රියාකාරීත්වයක් සමාජ මාධ්‍යය ප්‍රකාශනය: කොළඹ 2019’ නමින් පසුගිය මාර්තුවේදී ශ්‍රී ලංකාවෙ ප්‍රමුඛ පෙළේ සිවිල් සංවිධාන 16ගේ එකඟත්වයෙන් කොළඹ දී එළිදැක්වීය.

 එවැනි සංදර්භයක් තුළ ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්‍ෂණ අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර ඇති  සයිබර් ආරක්ෂණ පනත් කෙටුම්පතපිළිබඳව අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වයේ දැඩි අවධානය යොමු කරමු.

 එහි දී මෙවැනි සංවේදී මෙන්ම ඉතාමත් ගැඹුරින් අධ්‍යනය කළයුතු මෙන්ම සැලකිය යුතු විෂයක් සම්බන්ධයෙන් වන පනත් කෙටුම්පතක් මහජන අවකාශයේ සාකච්ඡාවට, සංවාදයට ලක්කිරීම සදහා ලබා දී ඇති කාලය පිලිබඳ අපි කිසිසේත්ම සතුටු නොවෙමු.

 විශේෂයෙන් ලංකාවේ එතරම් ගැඹුරින් සාකච්ඡා නොවන එහෙත් සාකච්ඡා විය යුතු කලාපයක් වන අන්තර්ජාලය/ සයිබර් අවකාශය පිළිබඳ වන පනත් කෙටුම්පතක්පිළිබඳ මහජන සාකච්ඡාව සදහා දින 13කට ආසන්න කාලයක් පමණක් ලබා දී තිබීම පිළිබඳ  අප ක්‍රියාකාරීත්වය පුදුමයට පත් වෙමු.


Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.