English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
තේරීම් කාරක සභා යෝජනාවට ජනාධිපතිවරයාගේ පාර්ශ්වය බියවේ.
(2019-05-12)

<< Go Back
Share |   


තේරීම් කාරක සභා යෝජනාවට ජනාධිපතිවරයාගේ පාර්ශ්වය බියවේ.

මැයි මස 09 වෙනි දින රාජගිරිය සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ කාර්යාලයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් සිවිල් සමාජ හා වෘත්තීය සමිති ව්‍යාපාරය විසින් අවධාරණය කරන ලද්දේ අපේ‍්‍රල් 21 වෙනි දින බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් මතුව ඇති විවාද සම්පන්න තත්ත්වය නිසාත්, ඒ සම්බන්ධයෙන් සිදුව ඇති සිදුවීම් සැක සහිත නිසාත් ඒ සම්බන්ධයෙන් තේරීම් කාරක සභාවක් පත් කරන ලෙසයි. ස්වාධීන පරීක්ෂණයක් කළ හැක්කේ එවිට පමණක් බවයි ඔවුන්ගේ අදහස වූයේ. ඒ සම්බන්ධ වාර්තාව පහත සඳහන් දිගුවෙන් කියවන්න පුළුවන්.

http://www.aithiya.lk/n_view.php?id=2523&lan=1

මේ ගැන දේශපාලන ක්ෂේත‍්‍රය තුළද කතාබහක් ඇති වෙද්දී මේ සම්බන්ධයෙන් වැදගත් තොරතුරු කිහිපයක් කලම්බු ටෙලිග‍්‍රාෆ් වෙබ් අඩවියේ උවිඳු කුරුකුලසූරිය විසින් අද දින ඔහුගේ ෆේස් බුක් ගිණුමේ  වාර්තා කරනු ලබනවා. එහිදී අදාල ලිපිය කතාකායතවරයාට බාරදීම සඳහා පාර්ලිමේන්තු මහලේකම්වරයා නමින් ලිපිය 2019 මැයි මස 09 වෙනි දිනින් යුතුව සකස් කර තිබෙනවා. මේ වන විට මන්තී‍්‍රවරුන් 40 දෙනෙක් මේ සඳහා අත්සන් කර තිබේ. මේ අය අතර සියලූ පක්ෂවල නියෝජනයක් දක්නට ලැබෙන අතර ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේනට සහය දක්වන ප‍්‍රධාන පෙළේ ශී‍්‍ර ලංකා නිදහස් පාක්ෂික මන්තී‍්‍රවරුන් මේ සඳහා අත්සන් තබා නැත. එක්සත් ජාතික පක්ෂය, පොදු ජන එක්සත් පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, හා තවත් පක්ෂ කිහිපයක් මේ සඳහා අත්සන් තබා තිබෙනවා.



ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මන්තී‍්‍රවරු තමන්ගේ ස්ථාවරය පසුව දන්වන්නම් කියමින් මඟහැර ගිය බව සඳහන් වෙනවා. බැලූ බැල්මටම පෙනෙන්නේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය හැර වෙනත් කිසිඳු පක්ෂයක් මේ සඳහා කැමැත්ත ප‍්‍රකාශ කර ඇති බවයි. එනම් මෙවැනි ස්වාධීන පරීක්ෂණයක් තුළින් ජනාධිපතිවරයාගේ කි‍්‍රයා කලාපය සෘජුව ප‍්‍රශ්න කෙරෙන නිසා, නිදහස් පක්ෂයේ නායකයා ජනාධිපති හෙයින් සහ මේ සඳහා අත්සන් කිරීමට ජනාධිපතිවරයාගේ අවසර අවශ්‍ය නිසා ඔවුන් මෙලෙස මඟ හරින්නට ඇත.

මෙහි සඳහන්ව ඇති තේරීම් කාරක සභාවේ පරීක්ෂණයට ලක් කළ යුතු කරුණු ලෙස කරුණු රැුසක් දක්වා ඇත. ඒ අතර, ප‍්‍රහාර වලට පෙර ඒ පිළිබඳ බුද්ධි තොරතුරු නීතිය කි‍්‍රයාත්මක කරන බලධාරීන් වෙත ලැබී තිබුනේ ද යන්න, එම ප‍්‍රහාර වැළැක්වීමට සහ/හෝ ඒවා අවම කිරීමට අදාල බලධාරීන් ප‍්‍රමාණවත් පියවර ගත්තේ ද යන්න, එම ප‍්‍රහාරයන් වැළැක්වීමට/හෝ අවම කිරීමට නොහැකි වීමට හේතු වූ රාජ්‍ය යාන්ත‍්‍රණයේ අඩුපාඩු තිබුණේ ද යන්න, එම ත‍්‍රස්තවාදී කි‍්‍රයා වලට දායක වූ වෙනත් කරුණු, අනාගතයේදී එවැනි ප‍්‍රහාරයන් සිදුවීම වැලැක්වීමට ගත යුතු කි‍්‍රයාමාර්ග, පෙර කී දෑට සම්බන්ධ හෝ අනුශාංගික වෙනත් කරුණු, පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාවක් පත් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කර සිටී.



එමෙන්ම එම ලියවිල්ලට පහත සඳහන් තේරීම් කරක සභාවේ කටයුතු පිළිබඳව ද තොරතුරු ඇතුළත්ව ඇත. එනම්, කථානායකවරයා විසින් කාරක සභාව සහ එහි සභාපතිවරයා නම් කළ කිරීම, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 101 හී විධිවිධානයන්ට අනුව කාරක සභාව සමාජිකයන් දොළහකට (12) නොවැඩි විය යුතුය යන්න, එම තේරීම් කාරක සභාවට, සිය ගණපූරණය නියම කර ගැනීමට, සිය කාරක සභාව ඉදිරියේ හෝ පාර්ලිමේන්තුව ඉදිරියේ පෙනී සිටින ලෙස යම් තැනැත්තකු කැඳවීමට ද, යම් ලේඛනයක් හෝ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියම කිරීමට ද, එවන් පුද්ගලයෙකුගේ පාලනය යටතේ තිබෙන යම්කිසි පති‍්‍රකාවක්, පොතක්, වාර්තාවක් හෝ ලේඛනයක් ඉදිරිපත් කරන ලෙස නියම කිරීමට ද, කාරක සභාවේ සභාපතිවරයා හෝ ඒ වෙනුවෙන් විශේෂයෙන් බලය ලත් පුද්ගලයන් විසින් සිදුකරන දිවුරම් දීමක් හෝ ප‍්‍රතිඥා දීමක් මත සාක්ෂිකරුවන් පරීක්ෂා කිරීම සහ සාක්ෂිකරුවන්ගෙන් වාචික පරීක්ෂණ මගින් ස්ථිර කර ගැනීමට හෝ නිශ්චය කර ගැනීමටත්, පාර්ලිමේන්තුවෙන් පිටත රටේ  ඕනෑම තැනක රැුස්වීම් පැවැත්වීමටත්, කාරක සභාවේ සහය පිණිස අදාළ ක්ෂේත‍්‍රයන්හි විශේෂඥ දැනුමක් ඇති පුද්ගලයන්ගේ සහ ප‍්‍රවීණයන්ගේ සේවය ලබා ගැනීමටත් කලින් කල අන්තර්වාර වාර්තා ඉදිරිපත් කිරීමට ද පාර්ලිමේන්තුව කල් තබන ලද්දේ වුවද රැුස්වීම් පවත්වාගෙන යාමට ද බලය තිබිය යුතු බවත් එහි සඳහන් ය.  අවසන් වශයෙන් කාරක සභාව තම පළමු රැුස්වීම් දිනයේ සිට මාස 03 ක් ඇතුළත හෝ පාර්ලිමේන්තුව විසින් නියම කරන වෙනත් හෝ වැඩිමනත් කාල සීමාවක් තුළ මෙම වාර්තාව ඉදිරිපත් කළ යුතු බවත් සඳහන් ය.



මෙම තේරීම් කාරක සභාව සම්බන්ධයෙන් අද දින (11) ඇල්පිටියේ උත්සවයකදී අදහස් දැක්වූ අගමැති රනිල් වික‍්‍රමසිංහ,

”පසුගිය 21 වැනිදා සිදුවූ බෝම්බ පිපිරීම සම්බන්ධයෙන් රට තුළ මතුවෙමින් තිබෙන කරුණු පිළිබඳව සැකයක් තිබෙනවා නම් ඒ සැකය දුරු කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීම උචිත බව ප‍්‍රකාශ කර තිබෙනවා. පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් පැවති විවාදයේදී සමහර මන්තී‍්‍රවරු තමන්ගේ දේශපාලනය කතා කිරීමට ඒ අවස්ථාව යොදා ගත්තා. ජනතා විශ්වාසය යළි ගොඩනැංවීමට ඒ අයගෙන් කිසිම සහයක් ලැබුණේ නැහැ. ඒ ගැන මම කණගාටු වෙනවා.

මේ විවාදයේදී ජයම්පති වික‍්‍රමරත්න මන්තී‍්‍රතුමා කළ කතාවක් ගැන මගේ විශේෂ අවධානයක් යොමු වුණා. බෝම්බ පිපිරීමේ සිද්ධිය ගැන සොයා බලන්න පාර්ලිමේන්තුවට බලය ලබා දිය යුතු බව ඔහු කිව්වා.

එහිදී බය වෙන්න දෙයක් නැහැ. සගවන්න දෙයක් නැහැ. ආරක්ෂා කරන්න කවුරුත් ඇත්තේ නැහැ. අපට කිසිම ප‍්‍රශ්නයක් නැහැ. මෙය විවෘතව සොයා බලන්න. ඒවා හෙළි කරන්න. කවුරුත් හෝ තමන්ගේ වැඩ කටයුතු සිදු කර නැත්නම්, තම වගකීම ඉටු කර නැත්නම් ඒ බව හෙළි කර ගන්න කිසිම ප‍්‍රශ්නයක් නැහැ.

තේරීම් කාරක සභාවක් පත් කිරීම හොඳ පියවරක් බව හිටපු ජනාධිපති ජනමාධ්‍යට ප‍්‍රකාශ කරලා තිබුණා. ඒ අනුව මේ සම්බන්ධව පක්ෂ අතර බේදයක් නැති බව පැහැදිලියි. එසේ නම් සියලූ දෙනා එකමුතුයි. ”

තේරීම් කාරක සභාව පත් කිරීමේදී එය නිසි පරිදි කළ හැකිවුවහොත් 2018 ඔක්තෝම්බර් 26 වෙනි දින සිට ජනාධිපතිවරයා විසින් දිගින් දිගටම සිදුකරන ලද ව්‍යවස්ථා උල්ලංඝනයන් සම්බන්ධයෙන් නැවත නිරීක්ෂණය කිරීමට පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට අවස්ථාව ලැබේ. ඒ නිසා මෙම ව්‍යායාමට කඩා කප්පල් කිරීමට ජනාධිපතිවරයා විසින් විවිධ පියවර ගනු ඇත. එමෙන්ම නිර්දෝෂී පුද්ගලයන්ගේ කිළිටි වූ නමක් ඇත්නම් එය පිරිසිදු කර ගැනීමට ද තේරීම් කාරක සභාවේ කටයුතු වලින් අවස්ථාවක් ලැබෙනු ඇත. එමෙන්ම තේරීම් කාරක සභාව දේශපාලන ඞීල් තුළ සැඟවීමට ද අවස්ථාවක් නොදිය යුතුය.

    


Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.