English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
රාජපක්ෂලා හා සමානව මෛති‍්‍රත් ඉස්ලාම් අන්තවාදයට සරුපසක් හැදුවා
(2019-05-11)

<< Go Back
Share |   



රාජපක්ෂලා හා සමානව මෛති‍්‍රත් ඉස්ලාම් අන්තවාදයට සරුපසක් හැදුවා

”අපි කතා කළේ ඉතා ශක්තිමත් යහපාලනයක් පවත්වාගෙන යන්න කියලා. එයා ආපු වෙලාවේ ඉඳලා පටන් ගත්තේ කකුළෙන් අදින්න. එයා කළේ රාජ්‍ය දුර්වල කරන වැඩ. ශී‍්‍ර ලංකා රාජ්‍ය දුර්වල කලා කියලා කියන්නේ ඉස්ලාමීය අන්තවාදීන්ට සිය ත‍්‍රස්තවාදය ව්‍යාප්ත කිරීම සඳහා ස්ථානගත වෙන්න කදිම සරු පසක් ඇති කරන්න මෛති‍්‍රපාල දෙවෙනි පියවරක් පටන් ගත්තා. ඒ නිසාම ත‍්‍රස්තවාදීන්ට හරිම ලේසි වුනා ඔවුන්ගේ වැඩ ටික කරගෙන යන්න. ආණ්ඩුවේ ආරක්ෂාව ගැන බලන්න කෙනෙක් නැහැ. ජාතික ආරක්ෂාව ගැන හොයන කෙනෙක් නැත්නම්, එකාට එකා නැති තත්ත්වයක් ආවම, ඉස්ලාමීය අයි.එස්.අයි.එස්ලට සරු පසක් වේගයෙන් ඇති වේගෙන ගියා.”

පූජ්‍ය දඹර අමිල හිමි

පූජ්‍ය දඹර අමිල හිමියන් මේ බව පැවසුවේ 2019 මැයි 09 වෙනි දින රාජගිරිය සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ ශාලාවේ දී පැවති සිවිල් සමාජය හා වෘත්තීය සමිති එකමුතු විසින් සංවිධානය කරන ලද මාධ්‍ය හමුවේ දීය. මේ මාධ්‍ය හමුව සඳහා කතිචාර්ය පූජ්‍ය දඹර අමිල හිමි, සමන් රත්නපි‍්‍රය හා පිලිප් දිසානායක යන අය සහභාගි විය.

මේ එහිදී පූජ්‍ය දඹර අමිල හිමියන් විසින් දක්වන ලද අදහස් වලින් කොටසක්.

ගෝඨාභය රාජපක්ෂ යනු ඉස්ලාමීය අන්තවාදී ප‍්‍රශ්නෙට පිළිතුරක් නොව ඔහු ඉස්ලාමීය අන්තවාදීත‍්‍රස්තවාදයේ කොටස්කරුවෙක්. ඒ නිසා ඔහු ඒකට අදාලව උත්තරකරුවෙක් නොවෙයි. උත්තරදීමේ හැකියාව තියෙන කෙනෙක් නෙමෙයි ඔහු. හාමුදුරුවන්ට මේවා කියා දෙන්න  ඕනා. ඉතිහාසය බලන්න. හරියට කතා කරන්න. තමුන්ගේ සිවුර පාවාදෙමින් නිකන් දෙකයි පනහේ කතා කියන්නේ නැතුව ඉන්න. ශරියා මතවාදය වර්ධනය කළා නම්, ඒකට අදාල පාසැල් පද්ධතිය හදන්න නීතිමය තත්ත්වයන් ඇති කරගන්න අවසර දුන්නා නම්, සහරාන් සහ රාසික්ලට වැටුප් ගෙව්වා නම්. විශ්ව විද්‍යාල ආරම්භ කරන්න ඉඩම් සියල්ල දුන්නා නම්, තවුසික් ජමාත් මූලස්ථානය හදන්න අවශ්‍ය කරන ඉඩම ගෝඨාභය රාජපක්ෂ දුන්නා නම්, හාමුදුරුවෝ කොහොමද කියන්නේ ඉස්ලාමීය අන්තවාදයට බැටේ දෙන්න, උත්තර දෙන්න පුළුවන් ගෝඨාභයට කියලා. එයා ඒකේ උත්තරයක් නෙමෙයි එයා ප‍්‍රශ්නේ කොටසක්. ඒක ඇත්ත කතාව. ඒක අවධාරණය කරන්න  ඕනා. මෙහෙම තමයි මැර කණ්ඩායම ගොඩනගාගෙන ආවේ.




ඊට පස්සේ ආපු මෛති‍්‍රපාල ඉතුරු ටික පටන් ගත්තා. බොදු බල සේනාවල මතවාදය වලක්වලා, ගෝඨාභයගේ මිනිමරු මතවාදයන් වලක්වලා, මහින්ද රාජපක්ෂගේ ජාතිවාදී මතවාද වලක්වලා, අපි එයාට දුන්නේ රට ගෙනයමු වෙන මඟක කියලා. නමුත් එයා මොකද කළේ, එයත් පටන් ගත්තා ගෝඨාභයගේ, මහින්දගේ රජය කරගෙන ගිය වහබ්වාදය, මුස්ලිම් අන්තවාදය, ඉස්ලාමීය අන්තවාදය පෝෂණය කිරීමට අදාල සරුපස හැදීමේ දෙවන කොටස පටන් ගත්තා මෛති‍්‍රපාල සිරිසේන. ඒකෙන් එයා මොකක්ද කළේ ශී‍්‍ර ලංකා රාජ්‍ය දුර්වල කිරීමේ ව්‍යාපෘතිය පටන් ගත්තා.

අපි කතා කළේ ඉතා ශක්තිමත් යහපාලනයක් පවත්වාගෙන යන්න කියලා. එයා ආපු වෙලාවේ ඉඳලා පටන් ගත්තේ කකුළෙන් අදින්න. එයා කළේ රාජ්‍ය දුර්වල කරන වැඩ. ශී‍්‍ර ලංකා රාජ්‍ය දුර්වල කලා කියලා කියන්නේ ඉස්ලාමීය අන්තවාදීන්ට සිය ත‍්‍රස්තවාදය ව්‍යාප්ත කිරීම සඳහා ස්ථානගත වෙන්න කදිම සරු පසක් ඇති කරන්න මෛති‍්‍රපාල දෙවෙනි පියවරක් පටන් ගත්තා. ඒ නිසාම ත‍්‍රස්තවාදීන්ට හරිම ලේසි වුනා ඔවුන්ගේ වැඩ ටික කරගෙන යන්න. ආණ්ඩුවේ ආරක්ෂාව ගැන බලන්න කෙනෙක් නැහැ. ජාතික ආරක්ෂාව ගැන හොයන කෙනෙක් නැත්නම්, එකාට එකා නැති තත්ත්වයක් ආවම, ඉස්ලාමීය අයි.එස්.අයි.එස්ලට සරු පසක් වේගයෙන් ඇති වේගෙන ගියා.

ඊට පස්සේ ඔහු ආරක්ෂක මණ්ඩලය හෑල්ලූවට ලක් කලා. ආරක්ෂක මණ්ඩලයට අගමැතිවරයව කැඳෙව්වේ නැහැ. ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයව කැඳෙව්වේ නැහැ. පොලිස්පතිවරයව කැඳෙව්වේ නැහැ. ඒ වෙනුවට ඔහු එක එක ජාතියේ අයව කැඳවන්න පටන් ගත්තා. පාර්ලිමේන්තුවේදී ජනාධිපති කියනවා මම ආරක්ෂක මණ්ඩලය පුළුල් කළා කියලා. ඒ සඳහා මම නැති අය ගෙන්නුවා. මම කාදිනල්තුමාටත් ආරාධනය කළා. එතුමත් ආවා. විශිෂ්ඨ ගණයේ ආරක්ෂක මණ්ඩලයක් මම හැදුවා. පුළුල් කලා කියලා දෙකයි පනහේ කතා කියන්න පටන් ගත්තා. කාදිනල්වරු කොහෙද ලෝකේ ආරක්ෂක මණ්ඩල වලට යන්නේ? ආගමික නායකයෝ කොහෙද ආරක්ෂක මණ්ඩල වලට යන්නේ. ආගමික නායකයෝ එක්ක පුළුවන් ද ආරක්ෂක මණ්ඩල තීන්දු තීරණ ගන්න. තිලංග සුමතිපාල වැනි දෙකයි පනහේ මිනිස්සු වාඩි කරවනවද ආරක්ෂක මණ්ඩල වලට. විපක්ෂ නායකව ආරක්ෂක මණ්ඩලයට කැඳෙව්වම කොහොමද රාජ්‍ය රහස් රැකගන්නේ. විපක්ෂ නායකයා ඉන්නේ ආණ්ඩුව කොහොමද ගන්නේ කියන ස්ථාවරයේ. එයා දැනගන්නවා රජය ගන්න උපාය මාර්ග. මොළේ කළඳක් නැති වැඩනේ මේ කරලා තියෙන්නේ.

ඉතාලිය මුලින්ම පාලනය කළේ පාප් වහන්සේ. ඉතාලි රජය තීන්දුවක් ගත්තා ඒක හරියන්නේ නැහැ කියලා. ඒ අනුව ඉතාලිය කතෝලික පූජකවරුන්ව අයින් කලා රාජ්‍ය පාලනයෙන්. අයින් කරන්න හොඳ උපායක් යෙදුවා. වතිකානුව කියලා කුඩා රාජ්‍යයක් හැදුවා. පර්චස් කිහිපයක පොඩි කෑල්ලක්. ඒක රාජ්‍යයක් බවට පත් කළා. තමුන්නාන්සේ මේක පාලනය කරන්න කියලා ඒක දුන්නා කතෝලික සභාවට. ලෝකේ කුඩාම රාජ්‍යය. අද ඉතාලියට ඇඟිලි ගහන්න දෙන්නේ නැහැ පාප් වහන්සේට. කාදිනල්වරුන්ට, පූජ්‍ය පක්ෂයට අද ඉතාලියට ඇඟිලි ගහන්න දෙන්නේ නැහැ. ඉතාලිය අනාගමික රාජ්‍යයක් කළා ඉතාලිය. එහෙම කරලා තමයි ඉතාලිය ඔය මට්ටමට ගෙනාවේ. කාදිනල්වරුයි, හාමුදුරුවරුයි පුළුවන්ද ආරක්ෂ මණ්ඩලයට කැඳවන්න. ආරක්ෂක මණ්ඩලයට ඔය විදියට කැඳවන එක ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් ලොකු කතාවක් ද? ඒකෙන් පේන්නේ ආරක්ෂාව හෑල්ලූවට ලක්කරලා තියෙනවා.





ඊයේ පෙරේදා මම දැක්කා මහින්ද රාජපක්ෂ තමන්ගේ දූෂිත, මිනීමරු හා කල්ලි කණ්ඩායම් අරගෙන ගියා ප‍්‍රභූන් කියලා ආරක්ෂාව ගැන කතා කරන්න. උපදෙස් ගන්න කැඳෙව්වා. ඒ කණ්ඩායම දිහා බැලූවම කව්ද ඉන්නේ? ළමයින්ව පැහැරගෙන ගිය ගිහින් මරලා චෝදනා තියෙන කණ්ඩායම්. අත්අඩංගුවට ගත්ත අයව ආයුධ පෙන්වන්න කියලා ගිහින් මරන්න කියලා උපදෙස් දීපු ලොම් හැලිච්ච පොලිස්පතිවරු. සුදුවෑන් ගැන වැඩ කරපු පොලිස්පතිවරු තමයි ඉන්නේ. ඔය ඔක්කෝම ටික ගත්තම ජෙනරාල් ෆොන්සේකාගේ ගෝලයෝ. වයසින් ගත්තත්, අත්දැකීම් වලින් ගත්තත්, වැඩ වලින් ගත්තත් ජෙනරාල් ෆේන්සේකාට කිට්ට් වෙන්නවත් බෑ. ජනරාල් ෆොන්සේකාගෙන් උපදෙස් ගන්නේ නැතුව, එයා යටතේ හිටපු, කුපාඩිකම් කරපු අය එක්ක සැලසුම් හදලා ඒක ගිහින් දෙනවා විපක්ෂ නායකට. විපක්ෂ නායක ඒක ජනාධිපතිට දෙනවා.   ඒ සාකච්ඡුාවට අඩුම ගානේ ජනාධිපති ලේකම්වවත් සම්බන්ධ කරගන්නේ නැහැ. ඒ කියන්නේ මොකක්ද? කල්ලියක් අතර කුමණ්ත‍්‍රණයක්.





Share |   


Advertisments
Facebook
www.aithiya.lk