English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
ජඩමාධ්‍ය සංදර්ශන ගැන හමුදාපති විරෝධය !
(2019-05-10)

<< Go Back
Share |   



ජඩමාධ්‍ය සංදර්ශන ගැන හමුදාපති විරෝධය !

අයිති වෙබ් අඩවිය මානව හිමිකම් සම්බන්ධයෙන් පෙනී සිටින වෙබ් අඩවියක් නිසාම ඉතිහාසයේ කිසිම දිනක මෙලෙස ආරක්ෂක අංශ විසින් නිකුත් කරන තොරතුරු ආවරණය කිරීමක් සිදුකර නැත. අයිතිය වෙබ් අවඩිය ආරක්ෂක හමුදා පොලිසිය අප සලකන්නේ පීඩක බලවේගයක් ලෙසිනි. නමුත් අපේ‍්‍රල් 21 වෙනි දින සිට ඔවුන්ගේ හැසිරීම මේ තාක් නිරීක්ෂණ කරන අපට අඩුපාඩු මධ්‍යයේ වුවද යම් යම් තීරණාත්මක අවස්ථාවන්හීදී මධ්‍යස්ථාව පෙනී සිටිම හා කි‍්‍රයාකාරීවීම අපගේ නිරීක්ෂණයට ලක්ව ඇත. සිදුවෙමින් පවතින හමුදාමය කි‍්‍රයාන්විතයන් සම්බන්ධයෙන් යම් අඩුපාඩුවක් වී නම් එය වාර්තාවීමට යම් කාලයක් ගත වනු ඇත. ඒ අවස්ථාවන්හීදී අප ඒ වෙනුවෙන් පෙනී සිටින්නෙමු.

මැයි 04 වෙනි සෙනසුරාදා නිදහස් චත‍්‍රරඝ‍්‍රයේදී පැවැති මුස්ලිම් සිවිල් සංවිධාන එකමුතුවේ සැමරුම් වැඩ සටහන ආරක්ෂාව විධිමත් ලෙස සපයමින් ද, වැඩ සටහනට සහභාගි වෙමින්ද හමුදාපති ලූතිනන් ජෙනරාල් විසින් තමන් එක් ජාතියක පමණක් නොව මුළු මහත් ශී‍්‍ර ලංකාවේම හමුදාපති බව කි‍්‍රයාවෙන් පෙන්නුම් කළේය.



පවතින සිදුවීම් සම්බන්ධයෙන් හමුදාපතිවරයා පැහැදිලි නිරාවරණයක් සිදු කළේය. මේ නිරාවරණය සම්බන්ධයෙන් ඉදිරියේදී ජඩ මාධ්‍යයන් විසින් හමුදාපතිවරයාට ප‍්‍රතිචාර දක්වනු ඇත. ඒ ජාතිවාදී, ගෝත‍්‍රවාදී අවතාර වලට හසුනොවී සෘජු ප‍්‍රතිචාරයක් මධ්‍ය ආවරණයන් සම්බන්ධයෙන් දැක්වීම ගැන හමුදාපතිවරයාට ප‍්‍රණාමය හිමිවිය යුතුය. මුස්ලිම් දේවස්ථාන හා ඒ අවටත්, නිවෙස් වලත් ආයුධ හමුවීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් සමාජයේ සහ විශේෂයෙන් ජඩ මාධ්‍යයන්හී උද්මයෙන් මෙම තොරතුරු පළ කිරීම සම්බන්ධයෙන් ඔහු දක්වන අදහස් උඩුගං බලා පීනීමක් වැනිය.

මේ තොරතුරු වලින් ළමුන් පවා බිය ගැන්වෙන බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ලද ආගමික නායකයින් කිහිප දෙනෙක් ද ඊට අයිතිය වෙබ් අඩවිය සමග තමන්ගේ විරෝධය දැක්වීය. එම තොරතුරු උද්දාමයෙන් පැවසීම මගින් ළමුන් බිය ගැන්වෙන බව ඔවුන්ගේ අදහස විය.

ත‍්‍රස්ත විමර්ශන වලදී හමුවන කඩු සහ තියුණු ආයුධ සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙස යුධ හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පවසයි. හමුදාපතිවරයා මේ බව සඳහන් කළ අතර හමුවන බොහෝ කඩු පෞරාණික හා  මළකඩ කෑ ඒවාද බව ද පැවසීය.

එසේම ශී‍්‍ර ලාංකිකයන් යනු විජය රජුගේ යුගයේ සිටම කඩු වලින් සටන් කළ ජාතියක් බවත් එහිදී යුද හමුදාපතිවරයා  සිහිපත් කළේය.  එසේ තිබියදී ඇතැම් මාධ්‍ය මෙම කඩු සහ තියුණු ආයුධ සම්බන්ධයෙන් වාර්තා කරන්නේ ලන්දේසි සටන වාර්තා කරන්නාසේ ජනතාව බිය ගන්නවමින් බවද මෙහිදී ප‍්‍රකාශ කෙරිණි.

එබැවින් බිම වැටී තිබෙන අජීවි පතරොම් හෝ බෝර 12 ගිනි අවියක් පෙන්වමින් සිදුකරන රගපෑම නවත්වන ලෙසත් යුධ හමුදාපතිවරයා ඉල්ලා සිටියේය.

සෝදිසි මෙයෙහුම් වලදී සොයා ගැණුනා ගිනි අවි සම්බන්ධයෙන් ද යුධ හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක අදහස් දැක්වූ අතර ජාතික තවුහිද් ජමාත් සංවිධානයට අදාළව මේ දක්වා හමුවී ඇත්තේ ටී 56 ගිනි අවි 01 පමණක් බවත් පැවසීය.


Share |   


Advertisments
Facebook
www.aithiya.lk