English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
පෙන්නුම් කරමින් සිටින්නේ දියුණු ජනසමාජයක ගති ලක්ෂණ ද ?
(2019-05-08)

<< Go Back
Share |   



පෙන්නුම් කරමින් සිටින්නේ දියුණු ජනසමාජයක ගති ලක්ෂණ ද ?

අවුරැදු ගණනාවකට පසුව බෝම්බ පිපිරෙන හඩක් නොමැතිව ගත කළ කාලය හමාර කරමින්  මුලූ රටම කම්පාවටත්, භීතියටත් පත්කරමින් පසුගිය අපේ‍්‍රල් 21 වන දින කතෝලික පල්ලි 2කට හා කි‍්‍රස්තියානි පල්ලියක් වෙතත්, තවත් ප‍්‍රධාන පෙලේ සංචාරක හෝටල් 3ක් ඉලක්ක කරමින් එල්ල කළ කෲර ත‍්‍රස්ත ප‍්‍රහාරය සිදුකර මේ වන විට සුමාන දෙකක් ඉක්මවා ගොස් තිබේ.

අද වන විට මෙම ප‍්‍රහාරයට සම්බන්ධ වූ හා ඔවුන්ට සහාය දැක්වූ හා විවිධාකාරයෙන් උදව් කළ බොහෝ දෙනෙකු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් බවත්, මෙම ප‍්‍රහාරය සැලසුම් කළ ස්ථානයන්, ඒ සදහා භාවිතා කළ යාන වාහන ඇතුලූ අනෙකුත් උපකරණයන් බොහොමයක් සොයාගෙන ඇති බවත් වාර්තා විය.

සුමාන දෙකක් වැනි ඉතාමත් කෙටි කාලයක් තුළ මෙතරම් බැරූම් ප‍්‍රහාරයක් එකවර දියත් කල ජාත්‍යන්තර සබදතා සහිත ත‍්‍රස්ත සංවිධානයක සුල මුල සොයා ගැනීමට හැකිවීම පිළිබදව බුද්ධි අංශ ඇතුලූ සියලූම ආරක්ෂක අංශයන් වෙත අපගේ ගෞරවය හිමි විය යුතුව ඇත.



මෙම ප‍්‍රහාරය සැලසුම් කළ ත‍්‍රස්තයන්ට අරමුණු කිහිපයක් තිබු බව ඔවුන්ගේ හා කි‍්‍රයාවන් තුළින් පැහැදිලි වෙයි. එකවර විශාල මනුෂ්‍ය ඝාතණයක් සිදු කිරීම, එකම දිනක එකම වේලාවක ප‍්‍රහාරයන් කිහිපයක් දියත් කිරීම තුළින් සමාජය තුළ විශාල කම්පණයක් හා භීතියක් ඇති කිරීම, ඒ හරහා රාජ්‍යයක එදිනෙදා පැවැත්ව සම්පුර්ණයෙන් අකී‍්‍රය කිරීම, සංචාරක කර්මාන්තය සම්පුර්ණයෙන් අඩපන කිරීම හරහා ආර්ථික වශයෙන් රට ප‍්‍රපාතයට ඇද දැමීම හා මෙම ප‍්‍රහාරය දියත් කළ ත‍්‍රස්ත සංවිධානය වෙත ජාත්‍යන්තර අවධානය යොමු කරවා ගැනීම, එම අරමුණු විය හැක.

ඒ අතරින් මෙම ත‍්‍රස්තයන්ගේ තවත් ඉතා වැදගත් අරමුණක් වුයේ මෙම ප‍්‍රහාරයට සෘජුව ගොදුරුවූ කතෝලික හා කි‍්‍රස්තියානි ප‍්‍රජාව විසින් සාමාන්‍ය මුස්ලිම් ප‍්‍රජාව වෙත ප‍්‍රථිප‍්‍රහාරයක් දියත් කරවා ත‍්‍රස්තයන් කළ හානියට වඩා වැඩි විශාල හානියක් ඔවුන් ලවා සිදු කරවා ගැනීමයි.

අපගේ පසුගිය අත්දැකීම් සමග බලන විට රටතුළ මෙවැනි තත්ත්තවයන් ඇති වූ බොහෝ අවස්ථාවන් හි දී අප කි‍්‍රයාකර ඇති අකාරය අනුව ඔවුන් එවැන්නක් අපගෙන් බලාපොරොත්තු වීම එතරම් අරුමයක් ද නොවේ. නමුත් මෙවර අප සියලූම දෙනාගේ වාසනාවට විශේෂයෙන් කිතුණු හා කතෝලික ප‍්‍රජාවත්, ඔවුන්ට නායකත්වය ලබා දුන් පූජ්‍ය පක්ෂයත්, ඒ ප‍්‍රදේශයන් හි ජීවත් වූ අනෙකුත් බෞද්ධ ඇතුලූ අන්‍යආගමිකයන් සියලූ දෙනාත් ත‍්‍රස්තයන්ගේ තවත් ප‍්‍රධාන අරමුණක් වූ ප‍්‍රහාරයෙන් පසුව අපි අපිම කා කොටා ගැනීම මෙවර සිදු නොවීය. මේ අවස්ථාවේ දී අපි සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථාවල දී පාවිච්චි කරනු නොලබන බුද්ධිය මෙවර පාවච්චි කරනු ලැබීම නිසා ඇති වෙන්නට ගිය තවත් විශාල විනාශයක් ඉන් වලක්වා ගැනීමට හැකි විය.



එමෙන්ම, රජයත් ආරක්ෂක අංශයනුත් මේ අවස්ථාවේ දී ඉතා බුද්ධිමත්ව කටයුතු කරමින් එවැනි අවස්ථාවන් ඇති වී වැලැක්වීම සදහා උපරිම ලෙස කටයුතු කරනු ලැබීය. මින් පෙර අවස්ථාවල දී මෙන් අන්තවාදීන්ට රාජ්‍ය අනුග‍්‍රහය මෙවර නොලැබුනි.

ඒ අතින් බලන විට අප ජන සමාජය අතීත අත්දැකීම් වලින් පාඩම් උගනමින් පියවර කිහිපයක් ඉදිරියට පැමිණ තිබේ. පසුගිය ඔක්තෝබර් මාසයේ 26 වන දින ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථා විරෝධීව හා අනීතිකව කටයුතු කිරීමට එරෙහිව වීදියට පැමිණි පුරවැසියන් තුළින් ද අපට දිස් වුයේ ද, කාලයක සිට අප බලාපොරොත්තු වූ ජන සමාජය ශී‍්‍ර ලංකාව තුළ ක‍්‍රමයෙන් ගොඩනැගෙමින් පවතින බවයි.

අප ජනසමාජයේ ක‍්‍රමක් ක‍්‍රමයෙන් දියුණු වේ ලක්ෂණ පෙන්නුම් කරමින් සිටින මොහොතක, පැත්ත ගියත් ඇත්ත කියන, ජාත්‍යන්තර ප‍්‍රමිතියෙන් යුතු මාධ්‍ය මෙහෙයුමේ යෙදෙන, අංක එකේ නාලිකා යැයි කියාගන්නා මාධ්‍ය මුදලාලිලා කි‍්‍රයාකලේ අපි බොහොම අමාරුවෙන් යටපත් කරනු ලැබූ අපේ ආවේනික ගෝත‍්‍රවාදී ප‍්‍රචන්ඩත්වයට නැවත අත්තටු පැළදවීම සදහාය. බ්‍රේකින් නිවුස් කියමින් ලේ, කදුලු, මළ මිනී පෙන්වමින්, රෝහල් අස්සේ රිංගමින් එහි ප‍්‍රථිකාර ගන්නා තුවාලකරුවන් හා විපතට පත්වුවන්ගේ විලාපයන්ට කැමරා අල්ලමින් ඔවුන් තවත් කලූ ජූලියක් ප‍්‍රාර්ථනා කළාය.

එයත් අසර්ථක වූ තැන, පැත්ත ගියත් ඇත්ත කියන මේ මාධ්‍ය මුදලාලිලා ගම් නියම්ගවල ආරක්ෂක අංශ විසින් කරනු ලැබූ හදිසි වැටලීම් වලින් සොයා ගන්නා කඩු, කිනිසි, මන්න පෙන්වමින් වෙනත් පිංතූරක් සමාජ ගත කරන්නට විශාල උත්සාහයක් ගනු ලැබීය. මුලූ ලංකාවේ වෙසෙන සියලූම මුස්ලිම් ජාතිකයන් සිංහල ජාතියකයන් වෙත  ඕනෑම මොහොතක පහර දීම සදහා සන්නද්ධව සිටි බවට අදහසක් සමාජගත කරන්නට තවත් අසාර්ථක උත්සාහයක ඔවුන් නියැලූනාය.

මෙම කෲර ප‍්‍රහාරය දඩමීමා කරගෙන අප අතර ඇණකොට ගැනීමක් පාර්ථනා කළ සමහර මාධ්‍ය හා අන්තවාදීන්ට මෙතෙක් එය සාර්ථක කර ගැනීමට නොහැකිවීමම අප ලබාගත් තවත් විශාල ජයග‍්‍රහණයකි. එය ඔක්තෝබර් 26 කුමන්ත‍්‍රණය පරාජය කලා හා සමාන ජයග‍්‍රහණයකි. එමෙන්ම, එය අවතක්සේරු කළ නොහැකි දියුණු සමාජයක පැවතිය යුතු ලක්ෂණයකි. මෙම තත්ත්වය තවදුරටත් ආරක්ෂා කර ගැනීමත්, අප අතරම සිටින අන්තවාදීන් හෙලිදරව් කර ගනිමින් ජාතීන් අතර සමගිය තහවුරු වන ආකාරයෙන් කටයුතු කිරීමත් අප විසින් කුමන බාදක හමුවේ වුවත් තවදුරටත් සිදු කළ යුතුය.

එමෙන්ම, බීතියටත්, කම්පාවටත් පත් ව තිබෙන ජන ජීවිතය යථා තත්ත්වයට පත් කර ගැනීමටත් අප සියලූම දෙනා කටයුතු කළ යුතුව තිබේ. එල්ටීටීඊ සංවිධානය විසින් මෙවැනිම ප‍්‍රහාරයන් දළදාමාලිගාවට හා ශ‍්‍රී මහාබෝධියටත්, මහබැංකුවට හා දෙහිවල දී මගී දුම්රිය වැනි ස්ථානයන්ට ප‍්‍රහාර එල්ලකරනු ලැබූ අවස්ථාවේ මෙවැනිම කම්පනයක් හා භීතියක් රට පුරාම ගොඩනැගිණි. නමුත් ඉතාම කෙටි කාලක් තුළ ජන ජීවිතය යථාතත්ත්වයට පත්කර ගැනීමට අපට එදා හැකි විය. එම ප‍්‍රහාරයන්ගෙන් පසුව එදා පැවති ආණ්ඩුවට ඉල්ලා අස්වෙන්න වැනි කතා එදා කවුරුවත් කියන්න අවේ නැත. එමෙන්ම, අද වගේ සුමාන ගනන් පාසැල් වසා දැමීම හෝ දේවස්ථාන වසා දැමීම හෝ එදා සිදු කරනු නොලැබීය.

මෙම ප‍්‍රහාරයට සම්බන්ධ හෝ ඊට සෘජුව හෝ වක‍්‍රව අනුබල දුන් හෝ මේ ප‍්‍රහාරය වලක්වා ගැනීමට හැකියාව තිබිය දී එය වැලැක්වීම සදහා සිතා මතා කටයුතු නොකළ හෝ තැනැත්තෙක් සිටී නම් ඔහු හෝ ඇයට තරාතිරම නොබලා දඩුවම් කිරීම ද දියුණු සමාජයක තවත් ලක්ෂණයකි. ඊට සම්බන්ධ තැනැත්තන් නීතිය ඉදිරියට ගෙන එන ලෙසට අප බලපෑම් කළ යුතුය. ඒ සදහා දැනට රජය විසින් ගෙන ඇති කි‍්‍රයා මාර්ගයන්ට ඉඩකඩ ලබා දී ඒ පිළිබදව විමසිල්ලෙන් සිටිය යුතුය. එම කි‍්‍රයාවලිය නිවැරදිව සිදු වන්නේ දැයි අප විසින් අධීක්ෂණය කළ යුතුය.
 
නමුත් ඒ ගැන කියමින් මේ මොහොතේ කළ යුතු දේ නොකර හැරීමත්, එසේ කරන්නට ඉඩ ලබා නොදීමත්, ආරක්ෂක අංශ විසින් රටේ ආරක්ෂකව පිළිබදව යම් කිසි සහතිකයන් ලබා දී තිබිය දී සාමන්‍ය ජන ජීවිතය ඇතුල්වීමට ඉඩ නොදී අනවශ්‍ය භීතියක් තවදුරටත් සමාජය තුළ ඇති කිරීමට පියවර ගැනීමත් තුළ ඇත්තේ වෙනත් දේශපාලණ න්‍යායපත‍්‍රයක් බව දැන් දැන් හොදටම පෙනී ගොස් තිබේ. දේශපාලණය වෙනමම කරමු. ත‍්‍රස්තවාදීන්ගේ හා අන්තවාදීන්ගේ අරමුණු එක්ව පරාජය කරමු.


පිලිප් දිසානායක     



Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.