English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
අර්ධ සත්‍යයක පූර්ණ සත්‍යය
(2019-04-11)

<< Go Back
Share |   



‘‘අර්ධ’’ යන සංස්කෘත වචනයෙන් අදහස් කැරෙන්නේ ‘‘අඩ’’ නැතහොත් භාගය යන්නයි. ශක්තික සත්කුමාර නම් පශ්චාත් නූතන යුගයේ ලේඛකයා ‘‘අර්ධ’’ නමින් තමන් අතින් රචිත කෙටිකථාව සිය මුහුණු පොතට ඇතුළත් කෙළේ ය. දැන් හෙතෙම ප්‍ර​ජා සහ දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර ප්‍ර​ඥප්තිය යටතේ වරදක් කළ අයෙකු වශයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටී.

නිර්මාණශීලී කලාකරුවා මෙහෙයවනු ලබන්නේ තමනට දකින්නටත් අසන්නටත් අඝ‍්‍රාණය කරනටත් අත් විඳින්නටත් ලැබෙන අරමුණු තුළින් ය. ලෙඛකයෝ ද කලාකරුවෝ ද කවීහු ද ඒ අනුව ලොව පවතින සුන්දරත්වය මෙන් ම එහි අසුන්දර පැති ද පාදක කරගනිමින් ස්වකීය නිර්මාණයන් ඉදිරිපත් කරති.

මධ්‍යතන යුගයේ දී සුන්දරත්වය ද සත්‍යය ද ඉස්මතු කළ නිර්මාණකරුවෝ ගර්හාවට පාත‍්‍ර වූහ. නීතිය සහ ප්‍ර​කාශයට පත් කිරීම් තුළින් ව්‍යාජ සාධුගුණ ආරෝපිතව පවතින වර්තමාන සමාජය ප‍්‍රදර්ශනය කරන්නේ අප යළිත් ගෝත‍්‍රික ගති ලක්ෂණ වෙත ගමන් කරන බවකි.

ප්‍රංශ​ ප්‍ර​වෘත්ති සේවය (AFP) නම් ජාත්‍යන්තර ප්‍ර​වෘත්ති සේවය විසින් කොළඹ පුවතක් වශයෙන් අපි‍්‍රයෙල් පළමු වැනිදා චින්තන හා චර්යා වැටකඩුලූ බිඳගෙන යමින් ශක්තික සත්කුමාර තැබූ පියවර පිළිබඳව ලොවට හෙළි කරන ලදී. අප ගේ කිසිදු මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍යයක දක්නට නො ලැබුණු මෙය අන්තරජාලය තුළ පැතිරී ගිය පුවතක් වූයේ ය.

බෞද්ධ භික්ෂූන් ගේ සමලිංගික චර්යාවන් පිළිබඳව ලිවීම හේතු කොටගෙන භාෂණ නිදහස පිළිබඳ සම්මතයන් කඩ වන සේ ශී‍්‍ර ලාංකේය ලේඛකයකු අත් අඩංගුවට පත් වී ඇති බව හා ජාත්‍යන්තර මානව හිමිකම් උල්ලංඝනය පිළිබඳ චෝදනා ඔහු වෙත ඉදිරිපත් වී ඇති බව නිලධාරීහූ කීහ.

භික්ෂූන් විසින් කරන ලද පැමිණිල්ලක් අනුව උතුරු මැද පළාතේ පොල්ගහවෙල නම් නගරයෙහි දී 33 හැවිරිදි ශක්තික සත්කුමාර ඉකුත් සඳුදා දින අත් අඩංගුවට ගනු ලැබ නව දිනක් ගත වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබී ය.

භික්ෂු සමාජය තුළ සමලිංගික චර්යාවන් පවතින බව පැවසීමෙන් බෞද්ධාගම අප කීර්තියට පත් කොට ඇති බවට භික්ෂූන් පිරිසක් විසින් පැමිණිලි කරනු ලැබ තිබෙන බව පොලිස් ප‍්‍රකාශකයෙක් පැවසී ය.

අධිකරණයෙන් බැහැරව ගැටලූව සමථයකය පත් කරගැනීමට නො කැමැති වූ පැමිණිලිකාර භික්ෂුහු සත්කුමාරට එරෙහිව නඩු පැවැරිය යුතු බව අවධාරණය කළ බැව් පොලිස් ප‍්‍රකාශක සඳහන් කරයි. ප‍්‍රාදේශීය මහේස්ත‍්‍රාත්වරයකු වෙත ඉදිරිපත් කරනු ලැබූ හෙතෙම, ශී‍්‍ර ලංකාව ද පාර්ශ්වකරුවකු වන එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් ප‍්‍රඥප්තිය යටතේ ‘‘ආගම් නිගරුවක්’’ සිදු කොට ඇති බවට චෝදනා ලබා සිටී.

ප‍්‍රජා සහ දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර ප‍්‍රඥප්තිය යටතේ ඇප ලබාගත නො හැකි වන වරදක් පිළිබඳ චෝදනාවක් පොල්ගහවෙල පොලීසිය විසින් ඔහු වෙත එල්ල කරනු ලැබ ඇත. මතුපිටින් පෙනෙන ආකාරයට පොලිස් නිලධරයා විසින් ගනු ලැබ තිබෙන්නේ දේශපාලන හා ප‍්‍රජා අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර ප‍්‍රඥප්තිය අබිබවා යන පියවරකි.

චූදිතයා කර තිබෙන්නේ කෙටි කථාවක් ලිවීමයි. මෙය හානිකර කථාවක් බව ඇතැම් භික්ෂූන් ගේ මතයයි. ඒ සඳහා සිය විරෝධය පෑමේ සෑම අයිතියක් ම ඔවුනට තිබේ. එහෙත් ප‍්‍රශ්නයට තුඩු දෙන කාරණය වන්නේ අදාළ පුද්ගලයා අත් අඩංගුවට ගත යුතු බව ඔවුන් අවධාරණය කර තිබීමයි. දැන් ඔවුන් ගේ අපේක්ෂාව ඉටු වී තිබේ.

අදහස් ප‍්‍රකාශ කිරීමේ මෙන් ම එකී තොරතුරු වෙත ප‍්‍රවේශ වීමේ ද අයිතිය මුළුමනින් ම හා පැහැදිලිව ම ප‍්‍රජා සහ දේශපාලන අයිතිය යන්නෙහි ඇතුළත් ය. දේශපාලන සහ සමාජ කටයුතුවලට සහභාගි වීමේ අයිතිය වැනි වෙනත් සෑම මානව හිමිකමක් ම කි‍්‍රයාත්මක කිරීමට ඉඩ සලසන්නා වූ මූලික බලායන හිමිකම වන්නේ එයයි. නිදහස් අදහස් ප‍්‍රකාශ කිරීමෙහි ලා ලේඛකයකු හෝ කවියකු සතු මෙම අයිතිය මානව ප‍්‍රගමනයේ මූලික සාධකයකි.

සිය ’’අර්ධ’’ කෙටිකථාව ලිවීම තුළින් ශක්තික සත්කුමාර විසින් සිදු කරනු ලැබ තිබෙන බරපතල වරද කුමක් ද?

මෙම කෙටිකථාව ලේඛකයා ගේ මනා සාහිත්‍යමය පරිනත භාවය පළ කරන්නක් සේ මම නො දකිමි. මේ වනාහි ඇත්තෙන් ම පශ්චාත් නූතනවාදී නිර්මාණශීලී ලේඛනය පිළිබඳ අගැයිය යුතු පර්යේෂණමය ප‍්‍රයත්නයකි.

පශ්චාත් නූතනවාදී ලේඛනය ශී‍්‍ර ලංකාව තුළ වාරණයට භාජන වූවක් නො වේ. එසේ ම ථෙරවාද ති‍්‍රපිටකය ජාතික උරුමයක් බවට ද ශී‍්‍ර ලංකාව තුළ ප‍්‍රකාශයට පත් කරනු ලැබ තිබේ. අප දැන් ප‍්‍රයත්න දරමින් සිටින්නේ එය විශ්ව හා මානව උරුමයක් බවට ද පත් කරවීමට ය.

වසර ගණනාවක් තිස්සේ ඔලිම්පික් කී‍්‍රඩා සම්බන්ධයෙන් අප ගේ ජාතියෙහි පෙරමුණ ගෙන කටයුතු කළ ආරක්ෂක ලේකම්වරයා ගේ අවධානයට යොමු විය යුතු සංවාදාත්මක කාරණය වන්නේ මෙයයි. පොදුවේ මානව වර්ගයාගේත් විශේෂයෙන් ම පැවිදි බව ලැබූ ‘‘ශ‍්‍රමණ’’ නැතහොත් යතිවරයන්ගේත් ලිංගික පැවතුම් පිළිබඳ කරුණු ති‍්‍රපිටකයෙන් එකක් වූ විනය පිටකයෙහි සඳහන් ය.

පශ්චාත් නූතනවාදී නිර්මාණශීලී ලේඛනය යනු කුමක් ද? පාරම්පරික සාහිත්‍ය සම්ප‍්‍රදායයන් ගෙන් බැහැරව නිර්මාණකරණයේ යෙදෙන පශ්චාත් නූතනවාදී ලේඛකයෝ හාස්‍යානුකරණය හා ප‍්‍රහසනය බහුලව උපයෝගී කොට ගනිති. කෙටියෙන් සඳහන් කරතොත් ඒ වනාහි නො නවතින ප‍්‍රතිවිරෝධයන් ගෝචර කරගනිමින් පවතින්නකි.

පශ්චාත් නූතනවාදී නිර්මාණයන් බොහෝ විට බිහි වන්නේ විවිධ ග‍්‍රන්ථ ආශ‍්‍රිතව ය.

‘‘අර්ධ’’ යනු විශ්ව විද්‍යාල ශිෂ්‍ය භික්ෂුවක් පිළිබඳ කථාවකි. සිවුරු හැර යන හෙතෙම මිත‍්‍රයකු ගේ ‘‘බෝඩිමක’’ ලැගුම් ගනී. කථාවෙහි ආරම්භය අතිශයින් කර්කශ ය.

‘‘හාල්වැල්ලේ කස්සප හිමියන් කසාන් පලිහවඩන වූයේ ගිහි ජීවිතය පිළිබඳ ඇල්මකින් ම නොවේ. නමුදු ඔහුට පැවිදි ජීවිතය පිළිබඳව ද ඇල්මක් නො වී ය.’’

වෙනත් පැවිදි විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් කස්සප පලිහවඩන වෙත සුබ පතයි. ‘‘මිදුණා මිදුණා කසා නම් මිදුණා. . . . උඹ හොස්ටල් එකේ දිගට ම ඉන්නවනේ . . . . දැන් ඉතින් චමරියට බඩු ගේන්න යන්න ? වෙනකම් ඉන්න ඕනේ නෑනේ ’’

සිය ගිහි මිත‍්‍රයකු වන ලොයිඞ් අය්යා ගේ නවාතැනට කසන් යයි. තමා ලියන්නට අදහස් කරන කෙටි කථාවක දළ සටහන ලොයිඞ් විස්තර කරයි. එහි වූයේ සිද්ධාර්ථ ගේ ලෞකික වින්දනයන් බැහැර කිරීම පිළිබඳ සම්මතයට එරෙහි විප්ලවීය තේමාවකි.
අප ජීවත් වන සාම්ප‍්‍රදායික ථෙරවාදී බෞද්ධ සමාජය තුළ එවැනි නිර්මාණයන් ප‍්‍රතික්ෂේප වනු ඇති බව කසන් ලොයිඞ්ට කියයි.

මෙම ලිපියෙහි ප‍්‍රධාන චරිතය වන කසන් කැළැඹුණු මානසිකත්වයක් සහිත පුද්ගලයෙකි. බිය උපදවනසුලූ නොසන්සුන්කාරී සිහිනයක් ඔහු දකියි.

උපවිඥානගත ඉන්ද්‍රිය සංවේදී සිහිනයෙන් අවදි වන හෙතෙම නාන කාමරයට ගොස් ඇඟ​පත සෝදාගෙන යළිත් මදුරුදැල තුළට රිංගාගනී. හෙමිහිට කාමරයට එන ලොයිඞ් අයියා ගේ සිහින් මිමිනුම අඩ නින්දේ සිටි කසන් ගේ දෙසවනට දැනේ. ලොයිඞ් අයියා ගේ

දැඩි දහඩිය දුගඳ ලොකු හාමුදුරුවන් ගේ සිරුරෙහි ආඝ‍්‍රාණය ඔහුට සිහි කරවයි.

සමලිංගිකත්වය හෝ විශම​ ලිංගිකත්වය පිළිබඳව විනය පිටකයෙහි සඳහන් වන්නේ කෙසේ ද?

සමලිංගික, විශම​ ලිංගික සහ සංක්‍රාන්ති චර්යාවන් පිළිබඳ සිද්ධීන් විනය පිටකයෙහි සඳහන් වේ. බුදුන් වහවන්සේ ගේ සිරුරෙහි පෙනුමට ආකර්ෂණය වීම නිසා ම පැවිදි බව ලබාගත් වක්කලී හිමියන් ගේ කථා වස්තුව මෙහි දී විශේෂයෙන් ගෙන හැර දැක්විය හැකිය. සාමනේර භික්ෂුවක් විසින් වැඩිහිටි භික්ෂුවක් සියතින් ලිංගිකව සන්තර්පණය කරවන අවස්ථාවක් පිළිබඳව ද එහි සඳහන් වේ. එක්තරා භික්ෂුවක් වැඳිරියක සමග ලිංගික සංසර්ගයේ යෙදුණු අවස්ථාවක් මුල් කොටගෙන තිරිසන් සතුන් හා ලිංගික සේවනයෙහි යෙදීම පිළිබඳව ද බුදුන් වහන්සේ ගේ දේශනයන් හි කරුණු ඇතුළත් ය.

භික්ෂූන්ගේ ලිංගික පැවතුම් සම්බන්ධයෙන් කිසියම් ක‍්‍රමයක් විනය පිටකයෙහි විශේෂිතව දැක්වෙන්නේ නැත.

යෝනි විවරය හෝ අධෝ විවරය හෝ මුඛය හෝ වූ කිසිදු කායික විවරයකට සිය ලිංගේන්ද්‍රිය ඇතුළු කිරීම විනය පිටකය අනුව භික්ෂූනට තහනම් ය.

තෙවැනි ස්වභාවය යන අදහස සහිත ‘‘ත්‍රිත්‍ය​​ ප්‍රක්ති’’යන යෙදුම ඉපැරණි ඉන්දියාවෙහි භාවිත වූයේ සමලිංගිකයන් හැඳින්වීමට ය. ශක්තික ගේ කථාවෙන් ඉස්මතු කරනු ලබන්නේ එය අයොග්‍ය චර්යාවක් වන බව හෝ නො වන බව හෝ නොවේ. සන්සුන්ව තුබුණු ‘‘දෙබරයට’’ ගල් ගසනු ලැබ තිබෙන්නේ මෙම කථාවෙහි අන්තර්ගත යථාර්ථය විසින් ය.

සරත් ද අල්විස්

*2019 අප්‍රේල් 3 වැනි දා ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Whole Truth Of A Half Truth නැමැති ලිපියේ සිංහල පරිවර්තනය


Share |   


Advertisments
Facebook
www.aithiya.lk