English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
වධහිංසාව නැවත හිස එසවීමේ ප‍්‍රවනතාවක් තියෙනවා - ප‍්‍රබෝධ රත්නායක
(2019-04-10)

<< Go Back
Share |   




වධහිංසාව නැවත හිස එසවීමේ ප‍්‍රවනතාවක් තියෙනවා

”මානව හිමිකම් කොමිෂන් සභාවට පසුගිය දිනවල විවිධ අපවාද එල්ල වුනා. ඒ සම්බන්ධයෙන් තිබූ විශ්වාසනීයත්වය නැති කිරීම සඳහා පාර්ලිමේන්තුවේදී රටේ ප‍්‍රධාන නායකයා ප‍්‍රහාර එල්ල කලා අපි දැක්කා. මේ තත්ත්වය නැවතත් වධහිංසාවට අත වැනීමක්, ඒ ප‍්‍රවනතාවයේ කොටසක් තමයි මේ වගේ ස්වාධීන ආයතන වලට ප‍්‍රහාර එල්ල කිරීම. අනෙක් කරුණ වන්නේ ජනතාව වධහිංසාවෙන් ආරක්ෂා වෙන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව නිසා.”

නීතිඥ ප‍්‍රබෝධ රත්නායක - විධායක අධ්‍යක්ෂක - රයිට්ස් නව් සංවිධානය

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ මූලිකත්වයේ වධහිංසාවට එරෙහිව ශී‍්‍ර ලංකා එකමුතුව සහයෝගයෙන් සහ සහභාගිත්වයෙන් කොළඹ 02, නිපෝන් හෝටලයේ දී ”නීති විරෝධී අත්අඩංගුවට ගැනීම්, වධහිංසා පැමිණවීම්, නීති විරෝධී ඝාතන හා බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් පිටු දකිමු”යන තේමාවෙන් යුතුවූ මෙම මාධ්‍ය සාකච්ඡවේදී වෘත්තීයවේදීන් සහ නීතිවේදීන් සහ වින්දිතයන් මෙහිදී අදහස් දක්වන ලදි.

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ ව්‍යාපෘති කළමනාකරු ඇන්තනි විනෝත් විසින් අරමුණ සහ මාධ්‍ය සකච්ඡාවේ සැලසුම සඳහන් කිරීමෙන් අනතුරුව රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය, විධායක අධ්‍යක්ෂ පිලිප් දිසානායක, නීතිඥ දුලාන් දසනායක,නීතිඥ ප‍්‍රබෝධ රත්නායක,ඉනෝමා කරුණාතිලක, සහ පාසැල් සිසුවෙකුට හුංගම පොලිසිය විසින් පහරදීම හා සිරගත කිරීමේ සිද්ධිය, මිනුවන්ගොඩ පොලිස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වින්දිතයන් විසින් සහ ඔවුන්ගේ ඥාතීන් විසින් අදහස් දැක්වීමක් මෙහිදී සිදුවිය.

පොලිසියට වධහිංසාව සාමාන්‍ය දෙයක්
 
2016 ලංකාවට ජුවාන් ඊ.මේඩස් කියලා එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරයෙක් ලංකාවට පැමිණියා වධහිංසාව සම්බන්ධයෙන් යම් තොරතුරු එකතු කරන්න, ලංකාවේ තත්ත්වය විමසා බලන්න. 2016 ඔහු සඳහන් කලා ලංකාවේ වධහිංසාව කියන්නේ පොලිස් කටයුතු වලදි සුවිශේෂී තත්ත්වයක දී භාවිතා කරන්නක් නෙමෙයි, සාමාන්‍යයෙන් අපරාධ පරීක්ෂණයකදී පවා වධහිංසාව භාවිතා කරනවා කියලා. වසර ගණනාවක් වසර 30 විතර රට පාලනය වුනේ හදිසි නීතිය, ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත, මර්ධනකාරී පනත් යටතේ. ඒ වගේ රටක අපරාධ පරීක්ෂණය සඳහා වධහිංසාව සාමාන්‍ය දෙයක් වීම, ටිකක් අපිට විශ්වාස කරන්න පුළුවන් සහ ජනතාවට අමුතු දෙයක් නෙමෙයි. අපි බලාපොරොත්තු වුනා වධහිංසාව භාවිතය අඩුවෙයි කියලා. නමුත් සමාජයේ වෙන වධහිංසාව කියන එක නවත්ත ගන්න බැරි වෙලා තියෙනවා. රාජ්‍ය ස්වාධීන ආයතන මගින් පටන් ගත්තා වධහිංසාවට තිත කියලා විශේෂ වැඩ පිළිවෙළක්. මේ සියලූ දේවල් තියෙද්දි වධහිංසාව තවමත් සාමාන්‍ය දෙයක් විදියට රටේ කි‍්‍රයාත්මක වෙමින් පවතිනවා.

පෞද්ගලික හේතු මතත් පොලිසිය වධහිංසා කරනවා
 
වධහිංසාව තියෙන්නේ පොලිසියේ විතරක් නෙමෙයි. එක්තරා විදියකට ප‍්‍රචණ්ඩකාරී ලෙස වධහිංසාව භාවිතා කරන සමාජයක් බවට පත්වී තිබෙනවා. පාසැල් තුළ, විශ්ව විද්‍යාල තුළ, පවුල් තුළ, වධහිංසාව නැවත නැවතත් ඒ ආකාරයෙන්ම කි‍්‍රයාත්මක වෙමින් පවතිනවා. පොලිසිය අපරාධ පරීක්ෂණ කි‍්‍රයාවලියේදී පමණක් නොවෙයි, පොලිසිය තමන්ගේ පෞද්ගලික අවශ්‍යතා ඉටු කරගන්න, වෙනත් අවශ්‍යතා ඉෂ්ඨ කරගන්නත්, වධහිංසාව කෙතරම් භාවිතා කර තිබේද යන්න පහුගිය කාලේ සිදුවූ සිදුවීම් වලින් පේනවා. රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනා පැහැර ගෙන ගොස් ඝාතනය කිරීම, අපරාධ පරීක්ෂණයකට කියලා කියන්න අමාරුයි. පෞද්ගලික අවශ්‍යතාවයන් සඳහා එය සිදු කලා කියලා පේනවා. මයියංගනයේ සිදුවූ සිදුවීමක් මාධ්‍යයෙන් පසුගිය දා වාර්තා වුනා. කාන්තාවක් ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් පොලිසිය පැහැරගෙන ගොස් තිබෙනවා. එතනත් අපරාධ පරීක්ෂණය කියන කරුණට නොවෙයි පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබෙන්නේ. පොලිසිය සහ වෙනත් ආයතන වලට, වධහිංසාව මේ අයුරින් භාවිතයට පරිසරයක් හැදිලා තියෙන්නේ, දීර්ඝ කාලීන කි‍්‍රයාවලිය ප‍්‍රථිඵලයක් විදියට තමයි.

වධහිංසාවට වර්ධනයට හේතු

මෑත කාලයේ වධහිංසාව හිස එසවීමට අදාල අප විසින් හඳුනාගත් කරුණු කිහිපයක් තිබෙනවා. වධහිංසාව වෙනත් වටයකින් නැවතත් හිස ඔසවන ස්වරූපයක්, වධහිංසාව අවසන් වෙන ස්වරූපයක් නෙමෙයි වර්ධනය වෙන ස්වරූපයක් රටේ ඇති වෙලා තිබෙනවා. මේ තත්ත්වය වැලැක්වීම සඳහා අප විසින් කි‍්‍රයාමාර්ග ගත යුතු වෙනවා. හඳුනාගත් කරුණු අතර ප‍්‍රධානතම කරුණ තමයි පොලිස් වධහිංසාව සම්බන්ධයෙන් ඊට එරෙහිව කටයුතු කළ හැකි ප‍්‍රධානතම ආයතනයක් තමයි මානව හිමිකම් කොමිෂන් සභාව. මානව හිමිකම් කොමිෂන් සභාව වැනි ආයතන ස්වාධීන ආයතනයක් වශයෙන් වර්ධනය වෙලා තියෙනවා. එය ශක්තිමත් වෙමින් පැවතුනා. එම වර්ධනයන් නිසා විවිධ පිරිස් අපහසුතාවයන්ට පත් වුනා. ඒ නිසා මානව හිමිකම් කොමිෂන් සභාවට පසුගිය දිනවල විවිධ අපවාද එල්ල වුනා. ඒ සම්බන්ධයෙන් තිබූ විශ්වාසනීයත්වය නැති කිරීම සඳහා පාර්ලිමේන්තුවේදී රටේ ප‍්‍රධාන නායකයා ප‍්‍රහාර එල්ල කලා අපි දැක්කා. මේ තත්ත්වය නැවතත් වධහිංසාවට අත වැනීමක්, ඒ ප‍්‍රවනතාවයේ කොටසක් තමයි මේ වගේ ස්වාධීන ආයතන වලට ප‍්‍රහාර එල්ල කිරීම. අනෙක් කරුණ වන්නේ ජනතාව වධහිංසාවෙන් ආරක්ෂා වෙන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව නිසා. එහි එකොලොස්වෙනි පරිච්ජේදය අනුව අපිව ආරක්ෂා කරලා තිබ්බට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පවා උල්ලංඝණය වෙනවා ඉතා නිර්ලජ්ජිත ආකාරයකට. රටේ ප‍්‍රධානියා පවා දැඩි විදියට ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කලා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තවදුරටත් ආරක්ෂකයෙක් නෙමෙයි ද කියලා කියලා ප‍්‍රශ්න කරන්න සිද්ධ වෙනවා. මේ ඉදිරිපත් කරන ලද්දේ නීතිමය කරුණු නෙමෙයි. දේශපාලනික හා සමාජීය කාරණා.

වධහිංසාව සහ දඩුවම් නොලබා සිටීමේ සංස්කෘතිය

අපේ තියෙන සංස්කෘතිය, අපේ ස්වභාවය තමයි කොපමණ වරද කළත්, වරද වලට හසුවුනත්, දඩුවම් නොලබා සිටීමේ හැකියාව රටේ තියෙනවා. ඒකට කියනවා සපචමබසඑහ කියලා. දඩුවම් නොලබා සිටීමේ සංස්කෘතිය දිගින් දිගටම තත්ත්වය රටේ වර්ධනය වෙනවා. අපි හොඳින් හඳුනාගත් වරදකරුවන්ට පවා නිදැල්ලේ සිටින තත්ත්වයක් අපිට දකින්නට ලැබෙනවා. එයත් වධහිංසාව රටේ නැති කරන්න බැරි ප‍්‍රධානතම හේතුවක් තමයි මේ තත්ත්වය.

ප‍්‍රතිත‍්‍රස්ත ගැන සැක සංකා

ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කිරීම සහ අහෝසි කිරීම වෙනුවට ප‍්‍රතිත‍්‍රස්ත පනත ඇති කිරීමට යනවා. ඒ ගැන සාකච්ඡුාවක් ඇති වෙමින් යනවා. මේ පනතේ යම් හොඳ කාරණා තිබෙනවා වගේම, වධහිංසාවට හොඳින් භාවිතා කරන්න පුළුවන් අවස්ථාවන් මෙම පනතේ තිබෙන බවට සැක සංකා තිබෙනවා. ප‍්‍රති ත‍්‍රස්ත පනත කි‍්‍රයාත්මක වුවහොත් වධහිංසාව තවත් දරුණු තත්ත්වයකට යාවියැයි සැක සංකා තිබෙනවා.

බන්ධනාගාරයන්හී වධහිංසාව

බන්ධනාගාර වල තත්ත්වයත් ගැන අපි දන්නවා. ඒවාවල දරාගැනීමට බැරි තරම් රැුඳවියන් සංඛ්‍යාවක් රඳවාගෙන තිබෙනවා. අපි හොඳයි කියලා හිතපු, ආදර්ශමත් ස්ථානයක් යැයි සලකපු අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිදුවූ සිදුවීම අපි දැක්කා. අපිට නැවතත් පේන්න තියෙන්නේ වධහිංසාව කියන කාරණය, නැවතත් ආයතන මට්ටමින් ඇති වෙමින් තියෙනවා. අවසන් වෙලා නැහැයි කියන කාරණය.

මරණ දඩුවම සහ වධහිංසාව

මීට අමතරව තියෙන කාරණාවක් තමයි මරණ දඩුවම සම්බන්ධයෙන් රටේ ඇතිවෙලා තියෙන තත්ත්වය. අපිට කියන්න පුළුවන් රට නැවතත් ප‍්‍රචණ්ඩකාරී තත්ත්වයකට, ප‍්‍රශ්න වලට විසඳුම ප‍්‍රචණ්ඩත්වය නැත්නම් වධහිංසාව කියන එක සමාජය තුළ තහවුරු කරන සංවාදයක් තමයි මරණ දඩුවම නැවත අවශ්‍යයි කියලා ඇති වෙලා තියෙන තත්ත්වය.

වධහිංසාව සහ භීතිය

මේ වගේම තත්ත්වයක් තමයි යම් ජනකොට්ඨාශ සම්බන්ධයෙන් අයුක්ති සහගත, අනීතික භීතියක් ඇති කිරීම. පහුගිය කාලයේ පාතාලය සම්බන්ධයෙන් ඇති වුනු භීතිය කෙළවර වුනේ සුදුවෑන් වලින් හරි නීති විරෝධී ආකාරයකට මනුෂ්‍යයන් පැහැර ගැනීමෙන් තමයි අවසන් වුනේ. මේ කාලයේ එවැනිම භීතියක් ඇති කරමින් යනවා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන්. මෙහි සමහර නිවැරදි කාරණා ඇති. ඒ වගේම අතිශයෝක්තියෙන්, වැඩිපුර ආකාරයකට මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් භීතියක් රටේ ඇති කරමින් තියෙනවා. ඒ භීතිය අවසාන වශයෙන් උදව් කරන්නේ, වධහිංසාව සඳහා පොලිසියට, නීතිය කි‍්‍රයාත්මක කරන ආයතන වලට, අයුතු බලයක් ලබාදීමෙන් කියලා අත්දැකීමෙන් දන්නවා. එය හොඳටම තේරුම් ගන්න පුළුවන් පහුගිය කාලයක පාතාලයේ සිටි පුද්ගලයන් අවසන් කළ අන්දම. තුවක්කු පෙන්වන්න ගිහිල්ලා උනු සිදුවීම මොකක්ද කියලා අපි දන්නවා. මේ වගේම සිදුවීම් වලට යන්න පුළුවන් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් භීතිකාව අනවශ්‍ය අයුරින් රටතුළ ඇති කරන්න ගත්තොත්.

වධහිංසාව සහ ජාත්‍යයන්තර සම්මුතීන්

මේ කාරණා ගැන තමයි අපි උනන්දු වෙන්න  ඕන රට නැවතත් වධහිංසාව කියන කාරණයට ඉලක්ක කරගෙන, වධහිංසාව ඇති කරන්න මේ වගේ කරුණු උදව් වෙන්න පුළුවන්. තවත් කාරණා කිහිපයක් තියෙනවා වධහිංසාව අඩුවෙන්නේ නැහැ වැඩිවෙනවා කියලා පෙන්වන්න. ලංකාවේ මේ වෙද්දි තියෙන දේශපාලන නායකත්වයේ කි‍්‍රයාකාරිත්වය, ප‍්‍රවනතාවයක් තියෙනවා අපි සම්මුතියට ලක්කරගත්, එකඟ වුනු, අපි පාර්ශ්වකරුවන් වන ජාත්‍යයන්තර සම්මුතීන් සම්බන්ධයෙන් අවඥ සහගතව, නැත්නම් නොසැලකිල්නේ කටයුතු කිරීම. ජිනීවා යෝජනාවන් සම්බන්ධයෙන් 40/01 සඳහාත් මෙවැනි තත්ත්වයක් ඇති වුනා. මේ ප‍්‍රවනතාවය වධහිංසාව වැඩිවෙන්න ඉතාම තදින් බලපාන්න පුළුවන්. වධහිංසාවට එරෙහි ජාත්‍යයන්තර සම්මුතියට අපි අත්සන් කරලා තියෙනවා. ඒ අනුව කි‍්‍රයාත්මක වෙන්න අපි බැඳී සිටිනවා. ඒ සම්මුතීන් 2017 වර්ෂයේ යම් නිර්දේශ ප‍්‍රමාණයක් ඉදිරිපත් කරලා තියෙනවා ලංකාවට කි‍්‍රයාත්මක වෙන්න. මේ නිර්දේශ අපි සලකා බලා කි‍්‍රයාත්මක කළ යුතුයි. මේවා ඇති වුනේ ජාත්‍යයන්තර බලපෑම් නිසා ඇති නොවෙයි. රට තුළ තියෙන ආයතන පද්ධතිය හදාගන්න වධහිංසාව රටෙන් සම්පූර්ණයෙන්ම රටෙන් අයින් කරන්න ගෙනාපු නිර්දේශ තමයි මේ. දේශපාලන වුවමනාව නැන්තම් මේවා ඉටු වෙන්නේ නැහැ.

වධහිංසාව සම්බන්ධ ජාත්‍යයන්තර නිර්දේශ

උදාහරණයක් හැටියට ලංකාවේ වධහිංසාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරිපත් කරන ලද යෝජනා ගැන, පොලිස් රඳවාගැනීම් සම්බන්ධ නිර්දේශ තියෙනවා. වධහිංසාවට ලක්වෙන ප‍්‍රධාන තැනක් තමයි පොලිස් රඳවාගැනීම්. ඒ වගේම සුදුවෑන් සම්බන්ධයෙන් කරුණු කිහිපයක්, ආරක්ෂක අංශවල සිදුවිය යුතු ප‍්‍රතිසංස්කරණ සම්බන්ධයෙන්, ඒ වගේම ආරක්ෂක අංශවල සිටින චෝදනා වලට ලක්වුනු නිලධාරීන් සම්බන්ධයෙන් කි‍්‍රයාමාර්ග ගැනීම, මීට පෙර සිදුවුනු සිදුවීම් වලට සම්බන්ධ අයට දඩුවම් ලබාදීම, වින්දිතයන්ගේ සහ සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම, ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත වෙනස් කිරීමට හෝ අහෝසි කිරීම,  වෛද්‍ය වාර්තා සැපයීම සම්බන්ධයෙන් වෛද්‍යවරුන්ට විශේෂ යෝජනා, වෛද්‍ය වාර්තා සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කිරීමේ යෝජනා, මානව හිමිකම් කොමිසම තවත් ශක්තිමත් කිරීමේ යෝජනා, අත්අඩංගුවේදී සිටීමේදී සිදුවන ඝාතන පියවර, රඳවා තබාගැනීමේ ස්ථානවල කැමරා සවි කිරීම වැනි ප‍්‍රයෝගික යෝජනා මෙහි ඇතුළත් වී තිබෙනවා. මේ වගේ ප‍්‍රායෝගික කරුණු යෝජනා කර තිබෙන්නේ වධහිංසාව දිගින් දිගටම රටින් තුරන් කරන්න බැරි තත්ත්වයකට පත් වෙලා නැති නිසා.

වධහිංසාවේ අලූත් ප‍්‍රවනතා

වධහිංසාවේ අලූත් ප‍්‍රවනතාවයන් තියෙනවා දැන්. ශක්තික සත්කුමාර කියන තරුණ ලේඛකයා ඔහුව අත්අඩංගුවට ගත්තා සිවිල් සහ දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යයන්තර සම්මුති පනත උපයෝගී කර ගනිමින්. මෙම පනත 2007 දී ගෙනාවේ වාර්ගික සහ ආගමික සංහිඳියාව ඇති කිරීමට. තවත් ආගමකට සහ තවත් ජාතියකට, අපහාස කරන්න බෑ. එහෙමත් නැත්නම් දිගින් දිගටම එය පවත්වාගෙන යන්න බෑ කියන කාරණය තමයි මේකෙන් තහවුරු වෙන්නේ. මේ අවස්ථාවෙදි එම පනත භාවිතා කරලා තියෙන්නේ තරුණ කලාකරුවෙක්ව මර්ධනය කරන්න, නැත්නම් අත්අඩංගුවට ගන්න. මේ තත්ත්වය නරක පූර්වාදර්ශයක්. මේ තත්ත්වය අප විසින් වලක්වාගත යුතුයි. එම පනතේ ”කිසිම තැනැත්තෙකු විසින් යුද්ධය පැතිරවීම හෝ වෙනස් ලෙස සැලකීමට, එදිරිවාදීකම් වලට හෝ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලට, සංයුක්තවන ජාතික, ආගමික හෝ වාර්ගික පෙළඹවීම් නොකළ යුතුය කියලා මේ පනතේ සඳහන් වෙලා තියෙනවා.”  ශක්තික සත්කුමාරට අදාල කාරණයෙදි දකින්න තියෙන්නේ ඔහු කෙටි කතාවක් ලියලා එය සමාජ මාධ්‍යවලට දාලා තියෙනවා. මේ කෙටි කතාව නිසා ආගමික කණ්ඩායම් අතර හෝ වාර්ගික කණ්ඩායම් අතර ප‍්‍රචණ්ඩත්වයක් ඇති වෙලා තියෙනවා අපි දැකලා නෑ. හදිසියේ කරපු පැමිණිල්ලක් නිසා ඔහු මේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම නිසා මහේස්ත‍්‍රාත්වරයට ඔහුට ඇප දෙන්න බෑ. ඔහු දවස් 15 කට පමණ මේ නිසා අත්අඩංගුවට පත් වෙලා තියෙනවා ආරංචි පරිදි. මෙම නීතිය කලාකෘතියකට එරෙහිව භාවිතා කිරීම කිසිසේත් අනුමත කරන්න බැරි කාරණාවක්. කලා කෘතියක් අපිට කොටස් වෙන් කරලා තේරුම් ගන්න බෑ. සමස්ත කෙටි කතාව කියවලා ගන්න අදහස මිසක්. ඒ කෙටි කතාවෙන් එක කොටසක්, වෙන් කරලා අරගෙන ඒ කොටසෙන් යම් කොටසකට අපහසුතාවයක් ඇති වුනා කියන එක, ඉතාම වැරදි කාරණයක්. වධහිංසාවන් ගැන හිතන අපි මේ අලූත් ප‍්‍රවනතාවයන් ගැන කල්පනාවෙන් සිටිය යුතුයි.

මිනිස්සු අධිකරණය විශ්වාස කරලා නඩු පැවරීමේ ප‍්‍රවනතාවයක් තිබ්බා. ඊට සාපේක්ෂව රට තුළ ඇතිවෙමින් යනවා වධහිංසාව තහවුරු කරගැනීමේ, අවසන් කිරීමට නොහැකි අන්දමේ ප‍්‍රවනතාවයක් රට තුළ ඇතිවෙමින් යනවා.  
 

 


Share |   


Advertisments
Facebook
www.aithiya.lk