English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
වරදට දඩුවම් කරන්න කලින් හේතුව හොයන්න ඕනා
(2019-04-06)

<< Go Back
Share |   



වරදට දඩුවම් කරන්න කලින් හේතුව හොයන්න  ඕනා

1962 පෙබරවාරි 05 වෙනි දින අද්දරආරච්චිගේ ගුනේන්ද්‍ර කමල් වේදිකා,ටෙලිනාට්‍ය,චිත‍්‍රපට නළුවෙක්. ගායකයෙක්. ඉදිරිපත් කරන්නෙක්. ගාමිණි ෆෝන්සේකාගේ ආන්දෝලානාත්මක, කලක් තහනම් ලක්වූ ”සාගරයක් මැද” චිත‍්‍රපටයෙන් සිනමාවට එක්වෙනවා. ඒ සඳහා පාසැල් කාලයේ සිටම සාලමොන් ෆෝන්සේකාගේ ගුරුහරුකම් මැද වේදිකාවට පිවිසීමත් එහිදී ඔහු දක්වන දක්ෂතාවයක් හේතු වෙනවා. ඔහු වටා දැනට ලංකාවේ පෙළහර පාන පිරිස් ද එක්ව සිටිනවා. 2002 සරසවි සම්මාන උළේළේදී ”අග්නි දාහය” චිත‍්‍රපටය වෙනුවෙන් හොඳම නළුවාට හිමි සම්මානය ද ලබනවා. මේ දිනවල ප‍්‍රදර්ශනය වන  ගින්නෙන් උපන් සීතල” චිත‍්‍රපටයේ වෙනස හා ප‍්‍රබල රංගනයක් ඉදිරිපත් කරන කමල් රටේ නීතිය හා සාමය සම්බන්ධයෙන් අයිතිය වෙත දක්වන ලද අදහස් වලින් කෙටි උපුටාගැනීමක්.  

”දුප්පත් මිනිහෙක්ට මොනව හරි වුනාම ඒ මනුස්සයා හැම අසාධාරණයකටම විවෘත වෙලා ඉවරයි. ඒ මිනිහට අසාධාරණයක් වුනාම කතා කරන්නවත් කවුරුත් නෑ අහන්න. ඒකට හඬක් නෑ. ඒ වගේ දුප්පත් මිනිහා තැලෙන සමාජ පසුබිමක් තුළ තමයි, අපි මේ නීතිය හා සාමය මහ ලොකුවට කතා කරන්නේ.”

ප‍්‍රවීන රංගධර කමල් අද්දරආරච්චි

”අද නීතිය විතරයි ඉගෙන ගන්නේ නීතිය ඉගෙන ගන්න ළමයා. අනික් අයට ඒක අදාල වෙන්නේ නැහැ. බොහෝම සුළුවෙන් යම් යම් දේවල් කියනවා. ගුණධර්ම වශයෙන් කතා කලාට, මාර්ග නීතියක් හෝ සාමාන්‍යයෙන් දෛනිකව වෙළඳ කටයුතු වලදී කරන නීති රීති, අපි මනුෂ්‍යයන් හැටියට කටයුතු කරන්න  ඕන නීති රීති, ඒවට ලැබෙන දඬුවම් කිසිවක් ගැන මිනිසුන්ට හරි අවබෝධයක් නැහැ. පොලිස් නිලධාරියෙක්ට තියෙන අයිතිය මොකක්ද? සාමාන්‍ය මිනිසෙක්ට තියෙන අයිතිය මොකක්ද? යම් කිසි ප‍්‍රශ්නයක් ඇති වුනාම කොහොමද ඒක ඉදිරිපත් කරන්නේ. කොයි විදියට ද උසාවිය කි‍්‍රයාක්මක වෙන්නේ ? කොයි විදියට ද නීතිඥයෝ කටයුතු කරන්නේ?



අද නීතිය සාමය රකින නීතිඥයෝ කරන්න මොකක්ද? යම් කිසි ප‍්‍රශ්නයක් ඇති වුනාම අපිට මුණ ගැහෙනවා නීතිඥයෝ. නිතිඥයෝ කරන්නේ තමන්ට ගෙවන පුද්ගලයා හැම වෙලාවෙම නිර්දෝශී පුද්ගලයා හැටියට සලකනවා. ඒ වගේම නිර්දෝෂී පුද්ගලයාට දෝෂයක් පවරන්නමයි උත්සාහ කරන්නේ. ඔහුගේ යුතුකම ඔහු හිතන්නේ නෑ, තමන් නීතිඥයෙක් බවට පත්වෙන්නේ මොකටද? වරදක් කරපු පුද්ගලයෙක් එළියට ගන්න එක තමන්ගේ දක්ෂතාවය ද?. තමන්ගේ සාක්කු පුරවගන්න එකද? ඒක නෙමෙයි විය යුත්තේ, යම් කිසි කෙනෙක් වරදක් කරලා තියෙනවා නම්, ඒ වරදට තමන් පුළුවන් තරම් අවබෝධයෙන්, අඩුම දඩුවමක් නීතිය ඉදිරියේ ලබා දීමත්, මේ ප‍්‍රශ්නය නිරාකරණය කරගන්නට, තමන්ගේ විනිසුරුවරයට උදව් දීමත් තමයි කරන්න  ඕනා. එහෙම නැතුව වෙච්ච දේ හංගලා, වෙච්ච නැති දෙයක් මතු කරලා, වරදක් නොකරපු මනුස්සයෙක්ව වරදකරුවෙක් බවට පත් කරලා, වරදක් කරපු මනුස්සයව එලියට දාගන්න ගන්න උත්තසාහයක්නේ මේක.

මේවගේම සදාචාරාත්මක ප‍්‍රශ්නත් තියෙනවා. නීතිය ඉදිරියට ගියාම බොහෝ වෙලාවට මිනිස්සු ගොළු වෙනවා. මිනිස්සු තැති ගන්නවා. ඔවුන් කියන්න යන දේ පවා අමතක වෙනවා. මේ විදියට බැලූවොත් මිනිස්සුන්ට නීතිඥවරුන්ගෙන් සමහර වෙලාවට වෙන පීඩනය ඉතාමත් අහිතකරයි. ඉතාමත් අසාධාරණයි. නීතිඥවරුනුත් නීතිය හා සාමය යම් කිසි ආකාරයකින් පවත්වාගෙන යාමට ගන්න ප‍්‍රයත්නය ගැන කල්පනා කළොත් එය ඉතාමක් පල්ලෙහා මට්ටමක තියෙන්නේ. සදාචාරාත්මක වශයෙන් එකඟ වෙන්නම බෑ.

මේක එක පැත්තක් විතරයි. ඇත්තමට වරදට දඬුවමක් දෙනකොට අපි හැම වෙලාවෙම වෙච්ච වරද ගැන විතරයි හිතන්නේ. වරද කරන්න පසුබිම් වුනු දේ ගැන කවුරුත් හිතන්නේ නෑ. අපි දන්නවා අඹ ගෙඩියක්, කොස් ගෙඩියක් කැඩුවයි කියලත් මිනිස්සුන්ට දඬුවම් කරලා තියෙනවා. මේ වගේ දෙයක් කරනකොට දඬුවමක් ලබාදෙන්න ඉස්සෙල්ලා හිතන්න  ඕන මේ වරදට හේතු වුනේ මොකක්ද කියලා. ඒ විදියට හිතන්න බැරි මනුස්සයෙක් ඉන්නවා නම්, වෙච්ච වරදට දඩුවම් කිරීම තුළ මේ රටේ නීතිය හා සාමය පවත්වාගෙන යන්න බෑ. අපේ රටේ දුප්පත් මිනිහා හැම තිස්සෙම තැලෙනවා. ඒ මිනිහාට කතා කරන්න තරම්වත් ශක්තියක් නෑ. තමන් වෙනුවෙන් පෙනී සිටින්න නීතිඥයෙක්ව අල්ලගන්න තරම්වත් මුදල් අතේ නෑ. මේ වගේ අයට තමයි හැම වෙලාවෙම අසාධාරණ වෙන්නේ.

කවුරුහරි ලොකු සල්ලිකාරයෙක්ට මොනව හරි වුනාම, මිනිහට ඉන්න ලොකුම ලෝයර් කෙනෙක් , දෙන්නෙක් නෙමෙයි, දහදෙනෙක් හරි අල්ලලා, එයා වෙනුවෙන් කතා කරනකොට එයා වෙනුවෙන් ලොකු පවුරක් තියෙනවා. දුප්පත් මිනිහෙක්ට මොනව හරි වුනාම ඒ මනුස්සයා හැම අසාධාරණයකටම විවෘත වෙලා ඉවරයි. ඒ මිනිහට අසාධාරණයක් වුනාම කතා කරන්නවත් කවුරුත් නෑ අහන්න. ඒකට හඬක් නෑ. ඒ වගේ දුප්පත් මිනිහා තැලෙන සමාජ පසුබිමක් තුළ තමයි, අපි මේ නීතිය හා සාමය මහ ලොකුවට කතා කරන්නේ.

ඒ වගේම සියල්ල දේශපාලනීකරණය වෙච්ච රටක තමයි අපි නීතිය හා සාමය කතා කරන්නේ. ඒ නිසා මේ රටේ තියෙන වැදගත්ම ප‍්‍රශ්නය, මිනිස්සුන්ගේ ඔලූ හදන එක. පාර්ලිමේන්තු යවන්නේ කාවද කියලා හිතන තැන ඉඳන්ම, ඔලූ හදන එක. එහෙම නැත්නම් තට්ටු මාරු දේශපාලනයකට ගිහිල්ලා අද මෙයා එයාගේ තියෙන වැරදි ඔක්කෝම කියලා පරද්දලා, ඊට පස්සේ ඒ පරද්දපු මනුස්සයා නිකම්ම හොඳ වෙනවා කාලයත් එක්කම. කාලයට මිනිස්සුන්ට දේවල් අමතක වෙනවා. එහෙම ජාතියක් එක්ක තමයි අපි මේ හැම දෙයක්ම ඉස්සරහට ගෙනියන්න හදන්නේ.”



Share |   


Advertisments
Facebook
www.aithiya.lk