English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
මානව හිමිකම් කඩවිම් සෑහෙන ප‍්‍රමාණයක් කිසිදු අධිකාරියකට තවමත් වාර්තා වෙන්නේ නැහැ
(2019-04-05)

<< Go Back
Share |   




19 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ඇති කළ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවත්, ඒ හරහා ඇති කළ ස්වාධීන කොමිෂන් සභාවනුත් හේතුවෙන් එතෙක් රටේ පැවති ක‍්‍රමයේ විශාල වෙනස්කම් රාශියක් සිදුව ඇති බවත්ය. ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිසම වැනි ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම හා අධිකරණ ක‍්‍රමය තුළ ඇති කරනු ලැබූ අනෙකුත් වෙනස්කම් හේතුවෙන් ද දශක ගණනාවක් තිස්සේ ඉතා ඉහල අගයක පැවති, පුද්ගල අතුරුදහන්කරවීම්, නීති විරෝ්ධී ඝාතණ හා වධහිංසා සිදු කිරීම් වැනි මූලික මිනිස් අයිතිවාසිකම් කඩකිරීම් වල අගයෙහි කිසියම් පහත යාමක් ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් නිකුත් කළ තිබූ වාර්තා අනුව පෙනී යන බවයි.  

පිලිප් දිසානායක මහතා මෙම අදහස් ප‍්‍රකාශ කරනු ලැබුවේ පසුගිය අපේ‍්‍රල් 3 වන දින කොළඹ නිපොන් හෝටලයේ පැවති ප‍්‍රවෘත්ති සාකචඡුාවකට සහභාගී වෙමිනි. වදහිංසාවට එරෙහිව ශ‍්‍රී ලංකික එකතුව නමින් පැවැත් වූ මෙම ප‍්‍රවෘත්ති සාකච්ඡුාව ස`දහා එම එකමුතුව නියෝජනය කරන සංවිධාන 22 නියෝජිතයින් හා පසුගිය මාස 3 තුළ විවිධාකාරයෙන් වදහිංසාවට පාත‍්‍ර වූ වින්දිතයින් ද සහභාගී විය.
 
පිලිප් දිසානායක මහතා මෙහි දී වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිිටියේ. ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ වාර්තාවන් අනුව 2015 වසරට පෙර හා 2015 වසරට පසු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයන් ලෙස සැලකෙන නීති විරෝධී අත්අඩංගුට ගැනීම්, වධහිංසා පැමිණවීම්, නීති විරෝධී ඝාතණ, නීති විරෝධී පැහැරගෙන යාම් හා අතුරුදහන්කරවීම් ප‍්‍රමාණයෙහි සැලැකිය යුතු වෙනසක් සිදු වී ඇති බව පෙනී යන බවයි.

2012 ජනවාරි සිට 2014 දෙසැම්බර් දක්වා ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත වාර්ථා වී ඇති මූලික අයිතිවාසිකම් කඩකිරීම් පිළිබඳ පැමිණිලි

  20112012
2013
2014
 වධහිංසා සිදුකිරීම් 569 535 551 481
 නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීම් හා රඳවා තබා ගැනීම් 581 675 553 610
 නීතිවිරෝධී ඝාතන 16 11 03 08
 නීතිවිරෝධී ලෙස අතුරුදහන් කරවීම් සහ පැහැරගෙන යාම් 230 126 144 77
 එකතුව 1396 1347 1251 1176

2015 ජනවාරි සිට 2018 දෙසැම්බර් දක්වා ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත වාර්ථා වී ඇති මූලික අයිතිවාසිකම් කඩකිරීම් පිළිබඳ පැමිණිලි

  20152016
2017
2018
 වධහිංසා සිදුකිරීම් 311 286 251 
 නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීම් හා රඳවා තබා ගැනීම් 247 190 198 
 නීතිවිරෝධී ඝාතන 04 03 04 
 නීතිවිරෝධී ලෙස අතුරුදහන් කරවීම් සහ පැහැරගෙන යාම් 15 11 04 
 එකතුව 577 490 457 

නීතිවිරෝධී ලෙස පැහැරගෙන ගොස් අතුරුදහන් කරවීම් සිද්ධීන් පසුගිය අවුරුදු 3ට වාර්තා වී නොමැති බව මානව හිමිකම් කොමිෂන් සභාව පවසන නමුත්, නීති විරෝධී ඝාතන, නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් හා රඳවා තබා ගැනීම් හා වධහිංසා සිද්ධීන් හි අඩුවීමේ ප‍්‍රථිශතය මෙම වාර්තා අනුව 40% - 50% අතර ප‍්‍රථිශතයක් ගන්නා බවයි ඔහු පැවසුවේ.

ඉහත වාර්තා කෙසේ වුවත් වධහිසංව තවමත් සමාන්‍ය පරිදි සිදු වන බව පෙනී යන බවත් පසුගිය මාස 3 තුළ පමණක් එවැනි සිදුවීම් කිහිපයක් තම සංවිධානය වෙත වාර්තා වී ඇති බවත් පෙන්වා දෙමින්, විශේෂයෙන් ග‍්‍රාමීයව සිදුවන වදහිංසා සිද්ධීන්ගෙන් සෑහෙන ප‍්‍රමාණයක් තවමත් කිසිදු අධිකාරියකට වාර්තා නොවන බවත් ඔහු එහි දී කියා සිටියාය.

එමෙන්ම, 1994 අංක 22 දරණ වධහිංසාවන්ට එරෙහි පනත පිළිබදව අදහස් දක්වමින්, දශකයට ආසන්න කාලයක් මෙම පනත යටතේ පැවරු නඩු ප‍්‍රමාණය ගැන දැනගැනීමට අප විවිධ උත්සාහයන් ගනු ලැබුවත් අවසානයේ ඒ සම්බන්ධව ද නිල තොරතුරක් ලබා ගැනීමට හැකි වුයේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ සිදු කරනු ලැබූ ඉල්ලීමක් හේතුවෙන් බවත් ඔහු පවසා සිටියා.

නීතිපති දෙපාර්තමේන්තුව විසින් එවා තිබූ සංඛ්‍යා ලේඛන වලට අනුව මෙම වධහිංසා පනත පැනවූ 1994 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා වසර 23ක කාලය තුළ නීතිපතිවරයා විසින් පවරා ඇත්තේ නඩු 115ක් පමනක් බවත් ප‍්‍රකාශ කර සිිටියා.

එම නඩු වලින් විත්තිකරු හෝ විත්තිකරුවන් වරදකරුවන් බවට පත්වූ ප‍්‍රමාණය හෝ නිදහස් වූ ප‍්‍රමාණයට අදාළ තොරතුරු නීතිපති දෙපාර්තමේන්තුව සතුව නොමැති බවත් එසේම එම නඩු වලින් තවමත් අධිකරණය ඉදිරියේ කොපමණ නඩු සංඛ්‍යාවක් විභාග වෙමින් පවතීද යන්න පිළිබඳවත්, එසේ පැවරූ නඩු අංක හා උසාවි පිළිබදවත් තොරතුරක් තමන් සතුව නොමැති බවද අප වෙත දන්වා තිබන බවත් ඔහු පවසා සිටියා. නමුත් ඉන් පසුවත් තොරතුරු පනත යටතේ සිදු කළ තවත් විමසීමක දී එසේ පැවරූ නඩු වලින් 50%ක පමණ උසාවි හා නඩු අංකයන් හා දැනට මේ පනත යටතේ පැවරු නඩු ප‍්‍රමාණය 36 ක් බවත් අපේ‍්‍රල් 4 වන දින එවු ලිපියකින් දන්වා තිබූ බවත් ඔහු පවසා සිටියා.

 20002001
2002
2003
2004
2005
2006
2007
2008
2009
2010
2011
2016
 0610
11
29
14
08
09
08
06
02
02
08
01
 එකතුව
            115

ඉහත සංඛාලේඛන අනුව මෙම පනත සම්මත වු 1994 වසරේ සිට 1999 දක්වා වසර 6ක කාලය තුලත්, 2012 සිට 2015 වසර 4ක කාලය දක්වාත් 2017 සිට 2018 දක්වාත් මෙම පණත යටතේ පැවරූ නඩු පිළිබ`ද විස්තර ඉදිරිපත් කර නොමැති බවත්,

ඉහත තොරතුරුවලට අනුව මෙම පනත යටතේ වැඩිම නඩු ප‍්‍රමාණයක් ගොනු වී ඇත්තේ 2002, 2003 හා 2004 යන වර්ෂයන් හිදී බවත් ඔහු පෙන්වා දුන්නා. එමෙන්ම මෙම වසර තුන තුල දී පමණක් පොලිස් නිළධාරීන්ට එරෙහිව නඩු 54 ක් පැවරී ඇති අතර, එම ප‍්‍රමාණය මෙම පනත යටතේ පැවරී ඇති සම්පුර්ණ නඩු ප‍්‍රමාණයෙන් අර්ධයකට ආසන්න වී ඇති බවත් පෙන්වා දුන්නා. මේ පිළිබ`දව සොයා බැලීමේ දී පෙනී ගියේ පලමු පොලිස් කොමිසම ආරම්භවීමත්, පොලිස් වධහිංසා පිළිබදව සොයා බැලීම සදහා පොලිසියේ විශේෂ විමර්ෂන ඒකකයක් පිහිටු වීමත්, ජනාධිපති නීතිඥ රංජිත් අබේසුරිය මහතා පළමු පොලිස් කොමිසමේ සභාපති ලෙස විශාල වැඩකොටසක් සිදු කිරීමත් ඉහත වෙනසට හෙතුවන්නට ඇති බවත් ඔහු පවසා සිටියා.

එමෙන්ම, 1994 අංක 22 දරණ වදහිංසාවට එරෙහි පනතට අමතරව වධහිංසාවකට එරෙහිව ආණ්ඩුක‍්‍රම ව්‍යාවස්ථාවේ 11 වන ව්‍යාවස්ථාව උල්ලංඝණයට එරෙහිව මූලික අයිතිවාසිකම් පැවරීම හැකියාව 1978 ව්‍යාවස්ථාව තුළින් ස්ථාපිත කර ඇති බවත්, පසුගියදා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 11 ව්‍යවස්ථාව උල්ලංඝනය සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නඩු තීන්දු සම්බන්ධව විමර්ශණයක් සිදු කරනු ලැබූ බවත් ඔහු පවසා සිටියා.

11 ව්‍යවස්ථාව උල්ංඝණය සම්බන්ධ ශ්‍රේෂාඨාධිකරණය ලබා දුන් නඩු තීන්දු

  20082009
2010
2011
2012
2013
2014
2015
2016
2017
2018
  0003
04
00
00
03
01
01
09
14
08
 එකතුව           43

ඉහත සංඛ්‍යා ලේඛන අනුව පෙනී යන්නේ වධහිංසාව සිද්ධීන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීම ඉතා පහල අගයක් ගන්නා බවත්, දැනට සොයා ගත් තොරතුරු අනුව සමාන්‍යයෙන් වසරකට මූලික අයිතිවාසිකම් කඩවීම් පිළිබදව නඩු 400 - 450 ආසන්න ප‍්‍රමාණයක් පැවරෙන බවත්, එම නඩු අතරින් වදහිංසා සිද්ධි සම්බන්ධව පැවරෙණ නඩු සම්බන්දව සංඛ්‍යා ලේඛන අපට මෙතෙක් සොයා ගැනීමට නොහැකි වී ඇති බවත් ඔහු ප‍්‍රකාශ කලා.  
ශ්‍රේෂ්ඨාධිකරණය මේ සම්බන්ධව ලබා දුන් නඩු තීන්දු අනුව 2016 සිට 2018 දක්වා කාලය තුළ යම් වෙනසක් පෙන්නුම් කරනු ලබන බවත්, ඉහත අවුරුදු 3 තුළ මේ සම්බන්ධව පැවරු නඩු ප‍්‍රමාණයෙන් නඩු තීන්දු 32ක් ලබා දී ඇති බවත් ප‍්‍රකාශ කළා.

19 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ඇති කරනු ලැබූ තවත් වැදගත් කොමිෂන් සභාවක් ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව පිළිබදව පැහැදිලි කරමින්, මෙම කොමිෂන් සභාවට පොලිස්පතිවරයා හැර අනෙකුත් පොලිස් නිලධාරීන් පත්කිරීම, උසස් කිරීම, මාරු කිරීම, විනය පාලනය කිරීම, සේවයෙන් පහ කිරීම සහ නිලධාරීන් බදවා ගැනීම්, පුහුණු කිරීම්, සේවා කාර්්‍යක්ෂමතාව වැඩි කිරීම සදහා කටයුතු කිරීම්, පොලිස් නිලධාරීන් සදහා චර්යා ධර්ම හා ප‍්‍රමිතීන් ගොඩනැගීම, පොලීසිය අවශ්‍ය අවි හා උපකරණ සම්බන්ධව තීරණය කිරීම වැනි කි‍්‍රයාවන් සිදු කිරීමට බලය පැවරී ඇති බව ප‍්‍රකාශ කළා.
 
එමෙන්ම, පොලිස් නිලධාරීන්ට එරෙහිව මහජනයාගෙන් ලැබෙන පැමිණිලි හා පොලිස් නිලධාරීන්ට සිදුවන විවිධ අකටයුතුකම් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි බාර ගැනීම ඒවා විමර්ශනය කිරීම හා අදල විනය කි‍්‍රයාමාර්ග ගැනීමේ බලයත් මෙම කොමිසම වෙත පැවරී තිබෙන බවත් ඔහු ප‍්‍රකාශ කළා.

විධායකය විසින් පොලිස් කොමිසමෙන් නොවිමසා නිලධාරීන් මාරුකිරීමට ගත් උත්සාහන් හා පොලිස්පතිවරයා කොමිසමේ නිර්දේශ නොතකා කටයුතු කිරීමට ගත් උත්සාහයන් හි දී තමන් වෙත ලැබී ඇති බලතල අනුව පසුගිය කාලය තුළ යම් කැපී පෙනෙන වැඩ කොටසක් පොලිස් කොමිසම විසින් සිදු කරනු ලැබූ බව මතක් කරමින්,

පොලිස් නිලධාරීන්ගේ නීති විරෝධී කි‍්‍රයා සම්බන්ධව පොලිස් කොමිසම වෙත ඉදිරිපත් වන පැමිණිලි සම්බන්ධව ගනු ලබන කි‍්‍රයා මාර්ගයන් හි සැලකිය යුතු වෙනසක් මෙතෙක් වාර්තා වී නොමැති බවත්, යම් නිලධාරියෙකුට එරෙහිව එන පැමිණිල්ල විභාග කිරීම සදහා එම නිලධාරියා සේවය කරනු පොලිසියේ ස්ථානාධිපතිගෙන් වාර්තාවක් ගෙන්වා ගැනීමත් එම වාර්තාව මත පදනම්ව අදාල විමර්ශණය කිරීම තවමත් සිදු කරන බවත් ඔහු පෙන්වා දුන්නා. පොලිස් කොමිසම වෙත ලැබෙන එවැනි මහජන පැමිණිලි සම්බන්ධව විමර්ශනය කිරීම සදහා ස්වාධීන යාන්ත‍්‍රණයක් තවමත් ස්ථාපිත නොවීම විශාල අඩුපාඩුවක් බවත් ඔහු පෙන්වා දුන්නා.

පොලිස් නිලධාරීන් විසින් වධහිංසා සිදු කිරීම් සම්බන්ධව කොපමන පැමිණිලි සංඛ්‍යාවක් පොලිස් කොමිසම වෙත ලැබී තිබේද යන්න විමසා තොරතුරු දැනගැනීමේ පණත යටතේ කළ විමසීමක දී 2015 ජනවාරි මස සිට 2017 දෙසැම්බර් මස දක්වා කාල සීමාව තුළ පොලිස් වධහිංසාව සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 11 ක් බව දන්වා ඇති බවත් පැවසුවා.

මෙම සංඛ්‍යාලේඛනයන් හි නිරවද්‍යතාවය පිළිබදව ගැටලූ ඇති බවත්, අප සංවිධානය වෙත වාර්තා වූ වදහිංසා සිද්ධි 2015 වසරේ දී 04, 2016 වසරේ දී 11 හා 2017 වසරේ දී 07ක් අප පොලිස් කොමිසම වෙත යවා ඇති නමුත් මෙහි එම සංඛ්‍යාවන් හො එහි සදහන්ව නොතිබීම ගැටලූවක් බවත් ඔහු පෙන්වා දුන්නා.

2015 සිට 2018 දක්වා වසර 4 තුළ කිසිදු ආකාරයේ අතුරුදහන්වීමක් වාර්තා වී නොමැති බවත්, ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසන නමුත් අත්අඩංගුවට පත්වීමෙන් පසුව සැකකරුවන් මිය යාම නොහොත් නීති විරෝධී ඝාතන, අපරාධ පරීක්ෂණයේ දී හා වෙනත් පුද්ගලික් වුවන් සදහා නිලධාරීන් විිසින් සිදු කරනු ලබන වදහිංසා පැමිණවීම් හා නීති විරෝධී ලෙෂ අත්අඩංගුවට පත්කිරීම් වැනි සිදුවීම සම්පුර්ණයෙන් වලකා ලන්නට රජය තවමත් අපොහොසත් වී ඇති බවත්, පසුගිය අවුරුදු 4 තුළ නීති විරෝධී ඝාතණ සිද්ධි 15 කට වැඩි ප‍්‍රමාණයක් තම සංවිධානය වෙත ද වාර්තා ඇති බවත් පෙන්වා දුන්නා.

එම ප‍්‍රවෘත්ති සාකච්ඡාවේ දී 2019 ජනවරි 01 දා සිට මාර්තු 31 දක්වා රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය වෙත  වාර්තා වූ සිද්ධි 5ක් වන, හුංගම පොලීසියේ නිලධාරියෙකු විසින් සිදු කළ පහරදීමක් නිසා 48 හැවිරිදි ඩබ්. ශාන්ත මහතාගේ පාදයක් බිදීයාම සිද්ධිය (http://www.right2lifelanka.org/newsview.php?id=2476&) මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ දී කටුනායක පොලීසියේ බීමත්ව ගමන්ගත් පොලිස් නිලධාරියෙකු විසින් සිදු කළ රථ වාහන අනතුරකින් පසුව ඇති වූ තත්වයේ දී ප‍්‍රදේශ වාසීන් දෙදෙනෙකුට පහරදී තුවාල සිදු කිරීමේ සිද්ධිය (http://www.right2lifelanka.org/newsview.php?id=2482) රත්ගම ප‍්‍රදේශයේ පදිංචිව සිටි ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතණය කිරීමේ සිද්ධිය (http://www.right2lifelanka.org/newsview.php?id=2464) කුරුණෑගල මහරෝහලේ ශල්‍ය වෛද්‍යවරයෙකු එහි සේවය කරන තවත් හෙදියකට බෝන් කටර් නැමැති උපකරණයකින් ගසා ඔලූව තුවාල කිරීමේ සිද්ධිය (http://www.aithiya.lk/n_view.php?id=2410&lan=1) හා හුංගම පොලීසිය විසින් 16 හැවිරිදි පාසැල් සිසුවෙකුට දින 3කට ආසන්න කාලයක් පොලීසිය තුළ රදවාගෙන පහරදීමේ සිද්ධිය (http://www.right2lifelanka.org) ගැන විශේෂයෙන් සාකච්ඡා විය.   

මෙම මාධ්‍ය සාකච්ඡුාවේ දී නීතිඥ ප‍්‍රබෝධ රත්නායක, නීතිඥ දුලාන් දසනායක, විනොද් ඇන්තනී, ඉනෝමා කරුණාතිලක යන අය ද අදහස් දැක්වීය.





Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.