English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
අධිකරණ තීන්දුවෙන් විදුලිය බලගාරය අර්බුදයකට යයිද?
(2019-04-04)

<< Go Back
Share |   



පසුගිය කාලයේ දී සුවිශේෂී තීන්දු කිහිපයක් ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණය නැවතත් අද දින එවැනි තීන්දුවක් ලබා දී ඇත. එනම් යාපනය, චුන්නාකම් උතුරු ජනනී තාප විදුලි බලාගාරයෙන් මූලික ඓතිවාසිකම් කඩ වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

ඒ අනුව එම ප්‍රදේශවාසීන්ට එක් නිවසකට රු. 40,000ක උපරිමයකට යටත්ව රු.මිලියන 20ක වන්දියක් ගෙවන ලෙස එම තාප විදුලි බලාගාරය පවත්වාගෙන ගිය නොදර්න් පවර් කම්පැනි පෞද්ගලික සමාගමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.

එම තාප විදුලි බලාගාරයෙන් පිටවූ ඉන්ධන සහ ග්‍රීස් ළිං ජලයට එක් වී ජලය අපවිත්‍ර වී ඇති අතර එමඟින් මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි පරිසර හා සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ සභාපති අචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා විසින් 2015දී මෙම පෙත්සම ගොණු කර තිබුණි.

2015 වසරේදී මෙම පෙත්සම ගොණු කිරීමෙන් අනතුරුව 2016 වසරේ සිට මෙම තාප විදුලි බලාගාරයේ කටයුතු අත්හිටුවීමට ද අධිකරණය නියෝග කර තිබුණි.

නියමිත සුදුසුකම් සැපිරීමෙන් අනතුරුව විදුලි බලාගාරය පවත්වාගෙන යා හැකි බවයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත්තේ.

ප්‍රියන්ත ජයවර්ධන,ප්‍රසන්න ජයවර්ධන සහ එල්.ටී.බී.දෙහිදෙනිය යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් උක්ත තීන්දුව ලබා දී ඇත.

හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ උපදෙස් පරිදි මෙම බලාගාරය ඉදිකිරීම් සිදුකරන ලදී.

මෙගාවොට් 8.6 බැගින් වූ දැවි තෙල් ආශ‍්‍රිත තාප විදුලි ජනක යන්ත‍්‍ර 03ක් ස්ථාපිත කිරීමට කටයුතු කළ අතර ලංවිම සතු මෙම බලාගාරය නිර්මාණය කිරීම සහ ඉදි කිරීම ලංවිමට අනුබද්ධ දේශීය සමාගමක් වන ලක්දනවි සමාගම විසින් සිදු කරන බව එවකට විෂය භාර අමාත්‍යාංශය පැවසීය

සමස්ත ව්‍යාපෘතිය සඳහා වැය වන මුදල රු. මිලියන 4000ක් ලෙස ඇස්තමේන්තු කර තිබුණි.

මාස 04ක් වැනි කෙටි කාලයකින් මෙගාවොට් 24ක ධාරිතාවක් යාපනය අර්ධද්වීපය වෙනුවෙන් ජාතික පද්ධතියට සම්බන්ධ කරන බව එවකට ලක්දනවි සමාගමද කියා සිටියේය.

කෙසේවෙතත් මෙම බලාගාරයෙන් සිදුවන පරිසර හානිය මෙන්ම ජන ජීවිතයට වන අහිතකර බලපෑම ශ්‍රේෂ්ඨාධිකරණය දක්වාම වූ දිගුවක් විය.

වත්මන් විදුලි බල,බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතාද පසුගිය දිනෙක එහි නිරීක්ෂණයට එක් වූ අතර අධිකරණ කටයුතු අවසන් වූ පසු එම බලාගාරය නැවත සක්‍රීය තත්ත්වයට පත්කරන ලෙස එහිදී අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබුණි.

පාලකයන් විසින් නියමිත ප‍්‍රමිතීන්ට සහ නියමිත නීතියට අනුව ව්‍යාපෘති කිරීමට යෑමෙන් මෙවැනි අර්බුදයන්ට මුහුණ දීමට සිදුව ඇත. එමෙන්ම රටේ ප‍්‍රධාන අර්බුදයක් වන විදුලි බල අර්බුදයට මෙවැනි විසඳුම් ද යල්පැන ගිය බවක් ගනී. එනම් දැන් දියුණු බොහෝ රටවල පැන නැගුණු පාරිසයක අර්බුද නිසා තාප විදුලි බලාගාර ඇති කිරීම නවතා ඇත. තවද, ගල් අගුරු වල පැවැත්ම ඉදිරියේ දී සීමා වීම නිසා මෙම බලගාර ඉදිරියේ දී අර්බුදයන්ට යාමට ඉඩ ඇත.

එමෙන්ම මුහුදු රළ භාවිතය, සූර්ය විදුලිය බලය, සහ වෙනත් විකල්ප ක‍්‍රම භාවිතා කිරීමට උත්සාහ කළ යුතුය. පරිසර ව්‍යාපාරයන් ප‍්‍රබල ලෙස කි‍්‍රයාත්මක සිදුකරන මේ අවදියේ රජයන් මීට වඩා සැලසුම් සහගත,¥ර දර්ශී ලෙස කි‍්‍රයා කළ යුතුය.

මෙවැනි අර්බුදයන් නිසා අවසානයේ දී ජනතාව නැවතත් විදුලි බල ප‍්‍රශ්න වලට මුහුණ දීමට සිදුවනු ඇත.  


Share |   


Advertisments
Facebook
www.aithiya.lk