English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
අන්තවාදීන් නැවතත් තරුණ ලේඛකයෙකු සිරගත කරයි.
(2019-04-02)

<< Go Back
Share |   



2010 සහ 2014 වසරවල දී වසරේ විශ්ඨතම කෙටිකතාකරුවාට හිමි තරුණ සම්මානය දිනාගත් කෙටි කතා කරුවෙකු, කවියෙකු හා සාහිත්‍යවේදියෙකු වූ ශක්තික සත්කුමාර විසින් රචනා කළ අර්ධ නම් කෙටි කතාව සම්බන්ධයෙන් බුදු දහම රැක ගැනීමේ ව්‍යාපාරය නම් සංවිධානයක් විසින් සිදු කරන ලද පැමිණිල්ලක් අනුව පොල්ගහවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මේ වන විට කෑගල්ල බණ්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.



අන්තවාදය වෙනුවෙන් වූ නීතිය නිර්මාණකරුවන් වෙනුවෙන් භාවිතා කිරීම

ඔහුට විරුද්ධව පැමිණිල්ල ගොනු කර ඇත්තේ මීට පෙර මහසෝන් බලකායේ නායක අමිත් වීරසිංහ  දිගන සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද 2007 අංක 56 සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යයන්තර සම්මුති පනතේ තුන්වන වගන්තිය අනුවය. ඒ අනුව ඔහුට දැන් මහේස්ත‍්‍රාත් අධිකරණයකින් ඇප දිය නොහැකි වරදකට හසුකර තිබේ. ඔහුට ඇප ලබා ගැනීමට නම් ඔහු මහාධිකරණයට යා යුතුය. ශක්තික ධර්මාචාර්ය විභාගය සමත් වූ, දහම් පාසැල් ගුරුවරයෙකු ලෙස කලක් සේවය කරන ලද තරුණ ලේඛකයෙකි. ඔහු බුදු දහම සම්බන්ධයෙන් පොතපත ලියා ඇත. කෙටිකතාවක්, පොතක් ලියූ පමණින් එය ආගමකට අපහාසයක් යැයි සේ සලකා සිරගත කිරීම බුදු දහමට නම් නොගැලපෙන බව පැහැදිලිය.

ඉතිහාසයේ අන්තවාදය

ලෝක ඉතිහාසයේ මධ්‍යතන යුගය යනු ඉතාමක් අඳුරු කාල පරිච්ෙඡ්දයකි. එයට හේතු වූයේ දේවධර්මවාදී ක‍්‍රමවේදයක් මත රාජ්‍යය තන්ත‍්‍රය පාලනය කිරීමයි. කි‍්‍රස්තුස් වහන්සේගේ අභාවයෙන් පසුව ආගමික ව්‍යාපාරය යටතේ සිදු වූ මෙම සමාජ විකෘතිය මගින් දෙවියන් වහන්සේ පාලකයන් ද, පාලකයන් විසින් ජනතාව ද මර්ධනය කළහ. වැඩවසම්වාදී ඒ අඳුරු කාල පරිච්ජේදය තුළ ප‍්‍රචාරාත්මක අගය සිදු කරන ලද්දේ පල්ලිය විසිනි. (රොබින් හුඞ් ටෙලි වෘත්තාන්තය, එහි අපූරු නිර්මාණයක්* ලියන, කියන, අධ්‍යාපනයේ සිට සියලූම දෑ පල්ලිය විසින් වාරණයට ලක් කරන්නට වූහ. විචාරය කිරීම, විවේචනය කිරීම, දෙවියන් වහන්සේගේ දෝෂ දර්ශනයට ලක් වන බවට ප‍්‍රචාරය විය.

මාර්ටින් වික‍්‍රමසිංහට එරෙහි වූ අන්තවාදය

මේ කරුණු මතු කරන ලද්දේ ලංකාවේ සංස්කෘතිය පරිහානිය, ආගමික පරිහානිය සිදුවන්නේ ඒ දිසාවට බව පෙන්වීමට ය. මාර්ටින් වික‍්‍රමසිංහයන් විසින් ලියන ලද බවතරණය කෘතිය ආශ‍්‍රයෙන් විශාල විරෝධයක් බෞද්ධ භික්ෂූන් විසින් සිදු කළ බව අප අසා ඇත. එමෙන්ම එවැනි විශිෂ්ඨ ප‍්‍රතිනිර්මාණයක් රස විඳීමටවත් අන්තවාදීන් එදත් ඉඩ නොදුනි.



සම්මානනීය ලේඛකයෙකුගේ ප‍්‍රතිචාරය

කෙසේ වෙතත් සාහිත්‍ය සම්මාන ලාභී. නවකතාකරු, කෙටිකතාකරු ජයතිලක කම්මැල්ලවීර විසින් ශක්තිකව අත්අඩංගුවට ගැනීම සඳහා පැමිණිලි කරන ලද අන්තවාදී භික්ෂූන් පිරිස වෙත ලිපියක් ලියා ඇත. එම ලිපියේ වැදගත් කම සලකා අප එය මෙසේ උපුටා දක්වමු. 

”ස්වාමින් වහන්ස, ඔබ සංවිධානයේ නමින් කියැවෙන්නේ බුදුන්වහන්සේ වදාළ ධර්මය ආරක්ෂා කිරීමට, සාදා ගත් සංවිධානයක් බවය. එහෙත් එම ප‍්‍රකාශයේ සඳහන් වන ශක්තික කුමාරගේ කෙටි කතාවෙන් බුද්ධ ධර්මට කිසිදු නිගාවක් සිදු නොවේ. යසෝධරාව ගැන සඳහන් දේ බුදුන්ගේ ධර්මයට සම්බන්ධ දෙයක් නොවේ.

පන්සල්වල සිදුවන සමලිංගික පැවතුම් ගැන ලිවීම බුදුදහමට කෙසේ සම්බන්ධ වේදැයි අපට නම් නොවැටහේ. ඒ සේම පන්සල්වල එවැනි දෙ සිදුවන බව මේ සමාජයට රහසක් ද නොවේ. මා කුඩා අවදියේ දී වසර පහක් ඒ කාලයේ රටේ විශාල කීර්තියක් දිනා සිටි මහා නායක ස්වාමීන් වහන්සේ නමක් යටතේ පැවති ළමා නිවාසයක ජීවත් වෙමින් අත්දැකීම් ලැබූවෙකි. මා ඒ අත්දැකීම් අළලා නවකතාවක් ලියා ඇති අතර විසි වසරකට පෙර පළවූ එම නවකතාව විශාල වශයෙන් විචාරක ඇගයීම්වලට භාජනය විය. ඊට කිසිම භික්ෂුවක් හෝ භික්ෂු සංවිධානයක් විරෝධය පළ නොකළේ එය සංඝ සමාජයේ කොටසක් විවේචනය කිරීමක් මිස බුදුදහම විවේචනය කිරීමක් නොවන බැව් එදා සංඝයා වහන්සේලා වටහා ගත් බැවිනි.

ශක්තික කුමාර ගේ කෙටි කතාව සාර්ථක රචනයක් ලෙස සැලකිය නොහැකි වන්නේ වුවද එය සාහිත්‍ය නිර්මාණයක් මිස බුදු දහමට විරුද්ධව ගැසූ කැලෑ පත්තරයක් නොවේ.

එහෙත් ඔබ වහන්සේගේ පුවත් පත් නිවේදනය ඔප්පු කළ නොහැකි අසත්‍ය ප‍්‍රකාශ සහිත පුද්ගලික ජීවිත වලට අපහාස කරන කැලෑ පත්තරයකට සමාන බව කණගාටුවෙන් පෙන්වා දෙන්නෙමි.

-     බුදු දහම විකෘතියට භාජනය කරන නිර්මාණ කිරීම සම්බන්ධයෙන් ශක්තික කුමාර නැමති     පුද්ගලයාට රාජ්‍ය නොවන ආයතනයකින් මුදල් ලැබෙන බවද අප පෙරමුණට වාර්තා වී ඇත.     එසේම ඔහු සම ලිංගිකයෙක් වන අතර මේ පුද්ගලයාගේ දරුවන් දෙදෙනගේ ජීව විද්‍යාත්මක පියා     ඔහු නොවන බව ද මතයක් පවතී. 

මේ විසකරු ප‍්‍රකාශ ඔබ වහන්සේලාට ඔප්පු කළ හැකි ද ?

ඔබ වහන්සේ සැබෑ බුදු දහම දන්නා විනය ගත භික්ෂුවක් වන්නේ නම් මෙවැනි පුද්ගල චරිත ඝාතනය කරන්නේ නැති බවත්, මේ ප‍්‍රකාශයෙන් පෙනේනේ ඔබගේ සංවිධානය බුදු දහම රකින්නක් නොව සංඝයා වහන්සේලා යයි පෙනී සිටින සමහර අයගේ සියලූ අවකල් කි‍්‍රයාවන් වසන් කර ගැනීම සඳහා බුදු දහම යොදා ගන්නා සංගමයක් බවයි. ඔබ වහන්සේලාගේ මෙවන් හැසිරීම්වලින් ලංකාවේ බුද්ධාගමට බලවත් හානියක් සිදුවන බව කණගාටුවෙන් ප‍්‍රකාශ කරමි.”

සිදුවීම මාධ්‍ය වෙත මුදා හළ මෙහොතේ සිට මේ වන විට ඒ සඳහා ප‍්‍රතිචාර ලැබෙමින් පවතී. ප‍්‍රගතිශිලී සමාජ කොටස් මේ සම්බන්ධයෙන් තමන්ගේ සහය ශක්තික සත්කුමාර වෙත පළ කරමින් සිටියි. මේ නිසා ඔහුට නිතිමය සහය සහ සමාජීය සහය ලබා දෙමින් ඔහු මේ අන්තවාදීන්ගෙන් මුදවා ගැනීමේ වගකීමක් සමාජය වෙත පැවරී ඇත.

බුදුන්ගේ රස්තියාදුව හා අන්තවාදය

මේ අයුරින්ම 2018 අගෝස්තු මස බුදුන්ගේ රස්තියාදුව නමින් කෙටි කතාවක් ලියූ කේ.කේ. ශී‍්‍රනාත් නම් තරුණ ලේඛකයාට ද මුහුණ දීමට සිදුවිය. ඔහුගේ බුදුන්ගේ රස්තියදුව ප‍්‍රකාශයට පත් කිරීමට සියළු කටයුතු සූදානම් කර තිබෙන මොහොතක සිදුකරන ලද පැමිණිල්ලකට අනුව කොළඹ සංවිධානාත්මක අපරාධ අංශය විසින් එය සිදු කිරීම අත්හිටුවනු ලැබීය. පසුව කේ.කේ.ශී‍්‍රනාත් දින කිහිපයක් තිස්සේ සංවිධානාත්මක අපරාධ අංශයේ කාර්යාලයට කැඳවමින් ප‍්‍රශ්න කිරීම් සිදු කරන ලදි. ශී‍්‍රනාත් පවසන පරිදි ඔහුගේ එරෙහිව ඇති චෝදනාවන්ට එරෙහිව නඩු පැවරීම සඳහා ඔහුගේ වාර්තාවන් නීතිපති දෙපාර්තමේන්තුවේ නීති උපදෙස් වෙත මේ වන විට යොමු කර ඇත. එමෙන්ම ශී‍්‍රනාත්ම පවසන පරිදි ඔහුට එරෙහිව ද චෝදනා ගොනු කරනු ඇත්තේ 2007 අංක 56 සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යයන්තර සම්මුති පනතේ තුන්වන වගන්තිය අනුවය.


Share |   


Advertisments
Facebook
www.aithiya.lk