English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
ලංකාවේ වධහිංසාවන් ගැන සෙවීමට එ.ජා. අනු කමිටුවක් ලංකාවට
(2019-04-01)

<< Go Back
Share |   



වධහිංසා වළක්වාලීම සඳහා වූ එක්සත් ජාතීන්ගේ අනුකමිටුව නියෝජිත කණ්ඩායමක් අපේ‍්‍රල් මස 02 වන දින මෙරටට පැමිණීමට නියමිතය. සිව් දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් මෙම සංචාරයට එක්වන අතර, ඔවුන් මෝල්ටෝවා, මුරුසිය, සයිප‍්‍රස් සහ පිලිපීනය යන රටවල් වලට අයත් බව නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කළේය. ඒ අනුව මෙම නියෝජිත කණ්ඩායම අපේ‍්‍රල් 12 වෙනි දින දක්වා ඔවුන් මෙරට සංචාරය කිරීමට නියමිතය.

ඒ අනුව ඔවුන් දිවයිනට පැමිණෙන ඔවුන් මෙරට රාජ්‍ය නිලධාරීන්, මානව හිමිකම් කොමිසම, සිවිල් සංවිධාන සමග සාකච්ඡා කිරීමට නියමිතය. මීට අමතරව ස්වාධීන ජාතික නිවාරණ යාන්ත‍්‍රණයක් සකස් කිරීම සම්බන්ධයෙන් ද ඔවුන් සාකච්ඡ කිරීමට සැලසුම් කර ඇත.

ශී‍්‍ර ලංකාවේ සංචාරයෙන් පසුව මෙම අනු කමිටුව ආර්ජන්ටිනාව සහ පලස්තීනය යන රටවල ද සංචාරය කිරීමට නියමිතය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඉකුත් පෙබරවාරි මස 18 වන දින සිට 22 දක්වා පැවති රහස් සැසිවාරයක දී වධහිංසා වළක්වාලීම සඳහා වූ එක්සත් ජාතීන්ගේ අනුකමිටුව විසින් කණ්ඩායමක් ශී‍්‍ර ලංකාවට එවීමට තීරණය කරනු ලැබූ අතර ඒ අනුව මෙම කණ්ඩායම දිවයිනට පැමිණේ.



එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරිය විසින් ඉදිරිපත් කරන ලද මානව හිමිකම් වාර්තාවේදී වධහිංසාවන් සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද සංඛ්‍යා ලේඛන හා ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිසම විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව අතර ගැටළු සහගත තත්ත්වයක් පැන නැගී තිබිණි. එහිදී ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිය සඳහන් කර තිබුණේ එම දත්ත තමන් වෙත ලබා දෙන්නේ නම්, ඒවා ගැන සොයා බලා තත්ත්වය පැහැදිලි කරගත හැකි බවය. මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක්, කි‍්‍රයා මාර්ග ගැනීමක් ගැන මෙම සංචාරයේදී සාකච්ඡා කරනු ඇතැයි සිතිය හැකිය.





2019-04-01

Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.