English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින්, ව්‍යවස්ථා සභාවට චෝදනා කිරීම. - පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න
(2019-03-11)

<< Go Back
Share |   



ජනාධිපතිතුමා කියනවා මේ සුජාත දරුවා දූෂණය කරලා තියෙනවා කියලා. ඒකට ප්‍රතිචාරයක් වශයෙන් සමහරු කියලා තියෙනවා සුජාත දරුවා දූෂණය කෙරුවේ ඔබතුමා කියලා. එතුමා කියනවා එතුමා විසින් එවන ලද නම් අනුමත කරනවා නම් එයාට ප්‍රශ්නයක් නැහැ කියලා. කිසිම නමක් ශ්‍රේෂ්ඨාධිකරණයට, නීතිපති, පොලිස්පති, යන තනතුරුවලට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවට බැහැ තමන්ගේ කැමැත්තෙන් ඉදිරිපත් කරන්න. ඒ හැම නමක්ම එන්න ඕන ජනාධිපතිවරයාගෙන්.

නීතිපති පත්කිරීමේ චෝදනාව ගැන

නිතිපතිධූරය ගැන විජේදාස රාජපක්ෂ මන්ත්‍රී කියනවා සුහද ගම්ලත් තමයි සොලිසටර්වරයා ජනරාල්වරයා ඔහුව පත් කරන්නේ නැතුව වර්තමාන නීතිපති ජයන්ත ජයසූරිය පත්කලා කියලා. ඇත්ත වශයෙන්ම මොකද වුනේ. ජනාධිපතිවරයා නම් තුනක් එව්වා සුහද ගම්ලත්, කපිල වෛද්‍යරත්න සහ ජයන්ත ජයසූරිය. ඉන්පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පෙරළා ඇහැව්වා, මේ තුන්දෙනාගෙන් ඔබතුමාගේ කැමැත්තේ අනුපිළවෙළ මොකක්ද කියලා. ඊට පසුදා ජනාධිපතිතුමා ලියුමක් ලියලා දන්වනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට මං යෝජනා කරන්නේ ජයන්ත ජයසූරිය කියලා. එක නමයි යෝජනා කළේ. ඉතින් එක නමක් යෝජනා කරලා ජනාධිපතිතුමා කොහොමද කියන්නේ මේක වැරදියි කියලා.  

අග්‍රවිනිශ්චකාරවරයා පත් කිරීම ගැන

ඊළගට අග්‍රවිනිශ්චකාරධුරය හිස් වුනාම ජේෂ්ඨතම විනිශ්චකාරවරිය වෙලා හිටියේ ඊවා වනසුන්දර. එයාට අවස්ථාවක් ලබා දුන්නේ නැහැ කියලා විජේදාස රාජපක්ෂ කියනවා. නමුත් එයාගේ නම එව්වේවත් නෑ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට එව්වේ නලීන් පෙරේරා විනිශ්චකාරවරයාගේ නම. ජනාධිපති කිව්වා 1988 පස්සේ පහළ අධිකරණයෙන් ආපු කෙනෙක් අග්‍රවිනිශ්චකාරවරයා වෙලා නැහැ, ඒ බව අධිකරණ ක්ෂේත්‍රයේ හිටපු විනිශ්චයකාරවරුන් පැමිණිලි කෙරුවා. ඒ නිසා මම මේ අවස්ථාවේදී පත් කෙරුවා කියලා නලීන් පෙරේරා විනිශ්චකාරවරයාව. ඒ සම්බන්ධයෙන් කවුරුත් විරුද්ධ වුනේ නෑ. මුළු රටම එකඟ වුනා.

නුසුදුසු නාම යෝජනා

මේ සාකච්ඡාවේ සඳහන් වුනේ නැති උදාහරණයක් තියෙනවා. 2017 නොවැම්බර් මාසේ අභියානාචනාධිකරණයට තරමක් කනිෂ්ඨ විනිශ්චකාරවරයෙක් ගේ නම යැව්වා ශ්‍රේෂ්ඨාධිකරණයට පත්වීමක් හැටියට. සියළු දෙනාම පුදුම වුනා කොහෙන්ද මේ නම ආවේ කියලා. ඒ වෙලාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව, 19 වෙනි සංශෝධනයෙන් අවශ්‍ය වෙලා තියෙන පරිදි අග්‍රවිනිශ්චකාරවරයාගෙන් විමසා සිටියා එම නම පිළිබඳව. අග්‍රවිනිශ්චකාරවරයා කිව්වා මම ඒ නම නිර්දේශ කරන්නේ නැහැ කියලා. මේවා ගැන කොහොමද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට දොස් කියන්නේ.

පොලිස්පති පත් කිරීම ගැන

පොලිස්පතිධුරයට නම් තුනක් එව්වා. වික්‍රමසිංහ, පූජිත ජයසුන්දර, වික්‍රමරත්න කියන ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු. නම් තුනක් එවලා කිව්වා එකක් තෝරගන්න කියලා. ඒ නම් තුනම එව්වේ ජනාධිපතිතුමා. ඔහුට තොරගන්න බැරි නිසානේ කිව්වේ. ඒ තේරීම හරිද වැරදිද කියන එක වෙනම කතාවක්. ජනාධිපතිටත් තෝරගන්න බැරුවයි, ඔහු හෝ විජේදාස රාජපක්ෂ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට දොස් කියන්නේ.

අභියාචනාධිකරණයේ පත් කිරීම්

අභියාචනාධිකරණයේ පුරප්පාඩු දෙකක් තියෙනකොට ජනාධිපති නම් හතරක් එව්වා. තුනක් අභියාචනාධිකරණයේ ඉන්න විනිශ්චයකාරවරු, එක්කෙනෙක් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල්වරයෙක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ජේෂ්ඨතම මහාචාර්යවරයායි, ජේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල්වරයයි, දෙනාව පත් කෙරුවා. ඉතින් කොහොමද වැරදියි කියන්නේ.

අභියාචනාධිකරණයේ සභාපති පත් කිරීම හා නොකිරීම

දැන් මාස දෙකක් තිස්සේ අභියාචනාධිකරණයේ සභාපතිධූරයට ස්ථිර පත්වීමක් කරලා නැහැ. ව්‍යවස්ථාවේ තිබෙනවා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය විසින් අනුමත කළ යුතු නිල වලට, අවශ්‍ය නම් පත්වීමක් දින 14 ක් සඳහා කරන්න කියලා. නමුත් අභියාචනාධිකරණයට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට අයත් 109 වෙනි වගන්තියේ තියෙනවා. අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ අග්‍රවිනිශ්චකාරවරයා ඉන්න කෙනෙකුට අසනීප හේතුවෙන්, විදේශගත වීම හෝ වෙනත් හේතුවකින් නිලයේ කටයුතු කරන්න බැරිනම්, ඒවගේ වෙලාවට වැඩ බලන පත්වීමක් කරන්න පුළුවන්. නමුත් එහි විශේෂයෙන්ම සඳහන් වෙනවා ඊට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය තිබිය යුතුයි කියලා. ඒ කියන්නේ පළමුවෙනි දින 14 ටත්, අවශ්‍යයයි. දැන් මොකද වෙලා තියෙන්නේ. ස්ථිර පත්වීමක් කරලා නැහැ. ස්ථිර පත්වීමක් කරන්න එවපු නම, ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවිනිශ්චකාරතුමා අනුමත කළේ නැහැ. අග්‍රවිනිශ්චකාරවරයා අණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට මේ නම නිර්දේශ කරන්නේ නැහැ කියලා. එම විනිශ්චකාරවරයාවම පත් කරලා තියෙනවා සුමාන දෙකෙන් දෙකට, වැඩ බලන සභාපති හැටියට. 41 සී වගන්තියේ තියෙනවා දවස් 14කට වඩා පත්වීම කරන් බෑ කියලා. ඊට පස්සේ දිගටම වැඩ බලන පත්වීම් කරන්න බෑ කියලා හැමදාම. දවස් 14 න් 14 ට හැමදාම වැඩ බලන පත්වීම් කරන්න බෑ කියලා. එවිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යන්න ඕනා. 109 තියෙනවා අභියාචනාධිකරණයේ සභාපතිවරයා පත්කිරීමේ දී හැම පත්වීමකටම, එහිදී දවස් 14 කටවත් ඉඩ ලැබෙන්නේ නෑ සියල්ලට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය අවශයයි කියලා. දැන් ස්ථිරපත්වීම කෙරෙන්නේ නැහැ.  මගේ මතයේ හැටියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ආකාරයට, වැඩ බලන පත්වීම දිගටම කෙරෙනවා.

වීඩියෝව පහතින්...


Share |   


Advertisments
Facebook
www.aithiya.lk