English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
වාර්තා ගැන සැක සංකා ? මන්නාරම් මිනිවලේ කැනීම් අර්බුදයක ?
(2019-03-10)

<< Go Back
Share |   



මන්නාරමේ සමූහ මිනිවලේ කැණීම් කටයුතු වහාම කි‍්‍රයාත්මක වන පරිදි, නැවත දිනයක් දැනුම් දෙන තුරු මාර්තු මස 08 වෙනි දින සිට නැවැත්වීමට මන්නාරම් මහේස්ත‍්‍රාත් ටී.සවර්නරාජා නියෝග කර තිබේ. මන්නාරම සමූහ මිනිවලේ ඇටසැකිළි පිළිබඳ වූ කාල නිර්ණ වාර්තාව මාර්තු 07 වෙනි දින මන්නාරම් අධීකරණයෙන් ප‍්‍රසිද්ධියට පත් කිරීමෙන් පසුව අටවෙනි (08 ) දිනයේ දී මන්නාරම් මහේස්ත‍්‍රාත්වරයා විසින් කැනීම් සිදුකරන ලද විශේෂඥ වෛද්‍ය කණ්ඩායමට මෙම නියෝගය ලබා දී ඇත.

ඒ පිළිබඳව අදහස් දක්වමින් අධිකරණ විශේෂඥ වෛද්‍ය ශමින්ද්‍ර රාජපක්ෂ මෙසේ අදහස් පළ කළේය.

”අද දිනයේ දී මන්නාරම් සමූහ මිනිවලේ කැණීම් කටයුතු සිදු කරමින් සිටි වෛද්‍යවරුන් ඇතුළු කැණීම් අංශ නිලධාරීන් සියලූ දෙනා එම ස්ථානයෙන් ඉවත් වන අතරම, නැවත මේ මස 20වන දිනින් පසුදිනෙක මන්නාරම් මහේස්ත‍්‍රාත් ටී.සවර්නරාජ් ප‍්‍රධානත්වයෙන් හා කැණීම් සිදුකළ වෛද්‍යවරුන් මෙන්ම මහජන නියෝජිතයන්ගේ ද සහභාගිත්වයෙන් විශේෂ සාකච්ඡාවක් සිදු කරනවා. මෙම සමූහ මිනිවලේ ඉදිරි කැනීම් කටයුතු සිදු කරනවාද නැද්ද යන්න පිළිබඳව අවසන් තීරණයක් ගන්නේ ඊට පස්සේ. එමෙන්ම මේ වන විට මන්නාරම් සමූහ මිනිවලේ මෙතෙක් සිදු කරන ලද කැනීම් වලදී මිනිස් සිරුරු කොටස් 342 ක් හමුවී ඇති අතර ඉන් සම්පූර්ණ මිනිස් කොටස් 330ක් ඉවත් කරලා මන්නාරම් අධිකරණයේ තැන්පත් කර ඇති අතරම එම සිරුරු අතර කුඩා ළමුන්ගේ සිරුරු කොටස් 30 ක් තියෙනවා. ”



පසුගිය දා අධිකරණයේ දී අණාවරණ වූ තොරතුරු මන්නාරමේ සමූහ මිනිවල සම්බන්ධයෙන් දැන් වෙනස් මත පළ වීමට පටන් අරගෙන. මේ සම්බන්ධයෙන් මුලින්ම අදහසක් ප‍්‍රකාශ කරමින් කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාසය අංශයේ ආචාර්ය නිර්මාල් රංජිත් ප‍්‍රකාශ කර සිටියේ තොරතුරු නිවැරදි නම් එය වසර 400කට පෙර මන්නාරමේ දී සිදුවූ ආර්ය චක‍්‍රවර්තීන් විසින් කතොලිකයන් ඝාතනය කිරීමේ හා සම්බන්ධවීමට ඉඩ ඇති බවයි. මේ ප‍්‍රකාශ සමග කතෝලික ජනතාව විවිධ ප‍්‍රතිචාර අන්තර්ජාලය ඔස්සේ ප‍්‍රකාශ කර තිබුණා.

මන්නාරම් සමූහ මිනිවල සම්බන්ධයෙන් නැවත පරීක්ෂණයක් අවශ්‍ය බව දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්.සිවමෝහන් පවසනවා. මාර්තු 08 වෙනි දින පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් මන්තී‍්‍රවරයා කියා සිටියේ මන්නාරම මිනිවල සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධ කර ඇති වාර්තාව පිළිබඳ තමන්ට විශ්වාසයක් නොමැති බවයි. තමන් එය දකින්නේ බලවත් රටවල්වලට සිර වූ වාර්තාවක් ලෙස බවද පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්. සිවමෝහන් එහිදී කියා සිටියා. අතුරුදහන් වූ ජනතාව සම්බන්ධයෙන් කිසිදු සාධාරණ විසඳුමක් ලැබෙන ආකාරක් පෙනෙන්නට නොමැති බව මන්තී‍්‍රවරයා වැඩි දුරටත් කියා සිටියා.

අර්බුදය වර්ධනය වී ඇත. දැන් මේ සම්බන්ධයෙන් මාර්තු මස 20 වන දිනින් පසුව මහේස්ත‍්‍රාත්වරයාගෙන් ප‍්‍රධානත්වයෙන් ලැබෙන එකඟතාවය අනුව කැනීම් ගැන තීරණයක් ගනු ඇත. නමුත් ජනතාව තුළ විශේෂයෙන් දෙමළ ජනතාව තුළ මේ සම්බන්ධයෙන් පැන නැගී ඇති සැක සංකා ඉවත් කිරීම පහසු නොවනු ඇත.

2019 මාර්තු 03 වෙනි දින රාවය පුවත් පතේ පළ වූ පහත දැක්වෙන්නේ ලිපිය ලියවීමෙන් කාල නීර්ණ පරීක්ෂණය සම්බන්ධයෙන් අර්බුදයක් ඇති වී තිබෙන බව අවබෝධ කරගත හැකි වනු ඇත.  

රාවය පුවත්පතේ ලිපියේ දිගුව

http://ravaya.lk/?p=174441

Share |   


Advertisments
Facebook
www.aithiya.lk