English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
"මන්නාරම සමුහ මිනීවල" - රජවරුන්ගේ සිට ලන්දේසි යුගය දක්වා මිනී ඇට කටු
(2019-03-07)

<< Go Back
Share |   



මෙතෙක් ශ්‍රී ලංකාවෙන් සොයා ගන්නා ලද විශාලතම සමුහ මිනීවල ලෙස සැලකෙන, මන්නාරම සමූහ මිනී වළෙන් ලබාගත් අස්ථි කොටස් සාම්පලවල කාල නීර්ණ වාර්තාව   අද අධිකරණය විසින් ප්‍රසිද්ධ කර තිබේ.
 
මන්නාරම සමූහ මිනිවල තුළින් හමුවූ අස්ථි කොටස් කාබන් පරීක්ෂණය වෙනුවෙන් ඇමැරිකාවේ  ෆ්ලෝරිඩා කාබන් පරීක්ෂණ රසායනාගාර වෙත යැවු සාම්පලවල වාර්තාව මාර්තු 7 බ්‍රහස්පතින්දා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය විසින් මහජන ලියවිල්ලක් මඟින් ප්‍රසිද්ධ කර ඇත.
 
‍මන්නාරම සමූහ මිනිවල සම්බන්ධයෙන් කැනීම් කරන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි සම්න්ද රාජපක්ෂ මහතා මාර්තු 6 බදාදා පවසා තිබුනේ  සමූහ මිනිවල සම්බන්ධයෙන් කාබන් පරීක්ෂණ රසායනාගාර වෙත යොමු කළ සාම්පලය වාර්තාව නිළ වශයෙන් අධිකරණයට ලැබී ඇති බවයි.


 
සමූහ මිනිවළ තුළින් ලබාගත් මිනිස් සිරුරු හයකට අදාළ අස්ථි කොටස් කාබන් පරීක්ෂණ සදහා  රසායනාගාර වෙත යොමුකර තිබුනි.
 
අදාළ වාර්තාව ෆ්ලෝරීඩා බීටා ඇනලයිස්ටි ආයතනයෙන් නිළ වශයෙන් අධිකරණයට ලැබුණද, අදාළ දත්තවල නිළ පැහැදිලි කිරීමක් අධිකරණය, අදාළ ආයතනයෙන් ඉල්ලීම් කොට ඇති බවද අධිකරණ වෛද්‍ය නිලධාරී  සමින්ද රාජපක්ෂ මහතා සදහන් කරයි.
 
අද අධිකරණය විසින් ප්‍රසිද්ධ කළ අදාළ සාම්පල වල කාල නිර්ණය අනුව මන්නාරම සමුහ මිනි වළෙන් ගොඩ ගන්නා ලද අස්ථි කොටස්   1499-1719 ත් අතර සීමාවක පෙන්නුම් කරන බවට අනාවරණය වන නමුත් එම  කාලසීම නිශ්චිතව ප්‍රකාශ කිරීම ඒ තුළින් සිදුකළ නොහැකි වන බව දත්ත විශ්ලේශකයෝ පවසයි.



 
ඒ අනුව  ශ්‍රී ලංකාවේ  රාජ පෙළපතේ  අවසන් සමයේ සිට ලන්දේසි පාලන සමය දක්වා වන කාල සීමාවක්  ඇමෙරිකාවේ ෆ්ලොරීඩාහි පිහිටි  බීටා ඇනලිටික්ස් ආයතනය විසින් ලබා දී තිබේ.
 
මිනිස් සිරුරු 325 ක්
 
මන්නාරම සමුහ මිනි ‍වල  සම්බන්ධයෙන් අද වන විට දින 155 ක්  පරීක්ෂණ පවත්වන ඇති අතර, මිනිවල තුළින්  මිනිස් සිරුරු 325 ක අස්ථි කොටස් ‍මතුකර ගැනීමට හැකි වී ඇත. අදාළ සිරුරු තුළින් මිනිස් සිරුරු 318 කට අයත් අස්ථි කොටස් මේ වන විට ගොඩගෙන ඇති අතර, ඒ අතර ළමුන් 29දෙනෙකුට අයත් අස්ථි කොටස්ද පවති.
 
මන්නාරම මහේස්ත්‍රාවරයාගේ නියෝග යටතේ අධිකරණ වෛද්‍ය විද්‍යව පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක්, පුරාවිද්‍යාව පිළිබද විශේෂඥ කැළණිය විශ්ව විද්‍යාල ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා,
 
අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයේ නියෝජිතයින්, රාජයේ රස පරීක්ෂක නිළධාරීන්, මන්නාරම දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින්, රජයේ නීතීඥවරුන් ඇතුළු කණ්ඩායමක් ඉදිරිපිටදී  අදාළ කාබන් පරීක්ෂාවට යොමු කළ  අස්ථි කොටස් වල  සාම්පල ලබා ගෙන තිබු බව වාර්තා වේ.
 
කැනීම් කටයුතු භාර  වෝහාරික විශේෂඥ සමින්ද රාජපක්ෂ මහතා පවසන්නේ  සියළු පාර්ශව වෙනුවෙන් විනිවිදභාවය ආරක්ෂ වන ආකාරයෙන් කාබන් පරීක්ෂාවට යොමුකරන අස්ථි කොටස් කැබලි ලබාගත් අතර, කිසිදු ආකාරයක දෝෂයක් නොවන ආකාරයට සියළු පාර්ශවවල නිරීක්ෂණ මත කාබන් පරීක්ෂාවට යොමුකරන අස්ථි ලබාගත් බවයි.
 
සතොස සමූහ මිනීවලේ ඇටකටු කාබන් දින පරීක්ෂාව සඳහා විදේශීය විද්‍යාගාරයක සහාය ලබා ගැනීමට මන්නාරම දිසා මහේස්ත්‍රාත් ටී සරවනරාජා විමර්ශන කණ්ඩායමට අනුමැතිය ලබා දුන්නේ ජනවාරි 18 දාය.
 
බීටා ඇනලිටික්ස් ආයතනය මේ සඳහා තෝරා ගනු ලැබුවේ, බොම්බ් ප්ලස් කාබන් 14 තාක්ෂණ ක්‍රමවේදය (Bomb Pulse Carbon 14 technique) භාවිතා කර පරීක්ෂණ පවත්වන ජාත්‍යන්තරව පිළිගත් ආයතනයක් වීම හේතුවෙනි.
 
රේඩියෝ කාබන් දින පරීක්ෂා පර්යේෂණය මගින් අස්ථි සහ දත් සාම්පල වල අඩංගු කාබන් 14 අගය ඇස්තමේන්තු ගත කළ හැකි අතර, එමගින් ශාක හෝ සත්වයන් ජීවත්ව සිටි කාල පරිච්ඡේදය අනුමාන කළ හැකිය.
 
පුරාවිද්‍යා සහ අධිකරණ වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍ර වල කරනු ලබන පරීක්ෂණ සඳහා මෙම තාක්ෂණයනය බෙහෙවින් භාවිතා කරනු ලැබේ.
 
මාතලේ සමූහ මිනිවල
 
ශ්‍රී ලංකාවේ දෙවැනියට විශාලතම සමූහ මිනී වල වන ඇටසැකිලි 154 ක් හමුවූ මාතලේ සමූහ මිනීවලේ සාම්පල පරීක්ෂා කළ බීටා ඇනලිටික් නිගමනය වූයේ ඒවා 1950ට පෙර යුගයට අයත් බවයි.
 
එය තරයේ ප්‍රතික්ෂේප කරන කැනීම් භාරව සිටි අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් ජයසේන මහතා  සහ පුරාවිද්‍යා විශේෂඥ මහාචාර්ය රාජ් සෝමදේව ප්‍රකාශ කර තිබුනේ ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි කැරැල්ල මර්දනය කෙරුනු කාල වකවානුවට ඒවා අයත් බවය.
 
කෙසේ නමුත් මෙතෙක් ශ්‍රී ලංකාවෙන් සොයා ගන්නා ලද විශාලතම සමුහ මිනි වල ලෙස සැලකෙන, මන්නාරම සමූහ මිනී වළෙන් ලබා ගත් අස්ථි කොටස් සාම්පලවල කාල නීර්ණ වාර්තාවේ දක්වා ඇත්තේ එය 1499-1719 ත් අතර සීමාවක පෙන්නුම් කරන බවයි.
 
ඒ අනුව මෙම සමුහ මිනි වල සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ  රාජ පෙළපතේ  අවසන් සමයේ සිට ලන්දේසි පාලන සමය දක්වා රට පාලනය කළවුන්ට එහි වරද පැටවෙනු ඇත.

මන්නාරම ඇට කටු සොයා ගැනීමත් සමගම දෙමළ සමාජය තුළ දැඩි කැළඹීමත් ඇති යවි. අනෙක් පැත්තෙන් අතුරුදහන් වූ තමන්ගේ ඥාතීන් පිළිබඳව යම් හෝ තොරතුරක් බලාපොරොත්තුවෙන්. මානව හිමිකම් කි‍්‍රයාධරයින් ද මේ ගැන දැඩි විමසිල්ලකින් පසුවිය. නමුත් තත්ත්වය දැන් වෙනස් වී ඇත. මීළගට තමුන් ගත යුතු පියවර සම්බන්ධයෙන් දැන් ඔවුන් දෙගිඩියාවකින් පසුවනවා නොඅනුමානය. එමෙන්ම මෙම පරීක්ෂණ සම්බන්ධයෙන් ද ඔවුන් යම් සැකයකින් පසුවනවා ඇත. නමුත් විද්‍යාව අවසන් තීරණයක් ලබා දී ඇත.


මූලික තොරතුරු නිව්ස් වෙබ් තුළිනි

Share |   


Advertisments
Facebook
www.aithiya.lk