English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
දකුණේ භීෂණය යළි සිහිපත් කළ රත්ගම ද්විත්ව ඝාතනය
(2019-03-06)

<< Go Back
Share |   



රත්ගම ජනතාව පසුගිය පෙබරවාරි 23 වෙනි දින මාතර කොළඹ ප‍්‍රධාන මාර්ගය අවහිර කරමින් විශාල විරෝධතා උද්ඝෝෂණයක් පවත්වන ලදී. පැය කිහිපයක් තිස්සේ ප‍්‍රධාන පාර අවහිර කරමින් පැවැත් වූ එම විරෝධතාවය ඉතා උණුසුම් එකක් විය. මෙම විරෝධතාවයට හේතු වූයේ පසුගිය ජනවාරි 23 වෙනි දින කළු පැහැති වෑන් රථයකින් හා සුදු පාට ජීප් රථයකින් පැමිණි පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලද රත්ගම ප‍්‍රදේශයේ පදිංචිව සිටි කුකුළු මස් ව්‍යාපාරිකයෙකු වූ  අසේල මංජුල කුමාර (33) සහ  මාළු ව්‍යාපාරිකයෙකු වූ රෂීන් චින්තක (31) ඝාතනය කර පුළුස්සා දමා ඇති බවට ඊට කලින් දින කරුණු වාර්තා වීමයි.

ජනවාරි 23 දා පැහැරගෙන යනු ලැබූ මෙම ව්‍යාපාරිකයන් දෙදෙනා ගාල්ල අක්මීමන ප‍්‍රදේශයේ නිවසකට ගෙන ගොස් පහර දී ඝාතනය කර මාතර, වලස්මුල්ල ප‍්‍රදේශයේ පිහිටි රක්ෂිත වනයක දී පුලූස්සා දමා ඇති බවට වාර්තා විය. මේ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළ මූලික විමර්ශනයක දී වලස්මුල්ල, මැදගංගොඩ රක්ෂිතයේ තිබී අදාළ ව්‍යාපාරිකයන් දෙදෙනාගෙ යැයි සැක කරනු ලබන හිස කෙස්, නියපොතු, අස්ථි කැබලි කිහිපයක් හමුවී තිබුණි.

එමෙන්ම මෙම ව්‍යාපාරිකයන් දෙදෙනා පැහැරගෙන ගොස් ඝාතනය කරනු ලැබුවේ දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් බවට නිරාවරණය කරගත් අපරාධ පරීක්්ෂණ දෙපාර්තමේන්තුව එම ඒකකයට සම්බන්ධ පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුලූ පොලිස් නිලධාරීන් 6 දෙනෙකු මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම ඒකකයේ සේවය කළ තවත් පොලිස් නිලධාරීන් පිරිසකගෙන් මේ පිළිබදව ප‍්‍රකාශ ලබාගෙන ඇති අතර, මේ වනවිට එම ඒකයේ සේවය කළ තවත් පොලිස් නිලධාරීන් හය දෙනෙකු අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව මග හරිමින් සැගවී සිටී. එමෙන්ම මෙම විශේෂ විමර්ෂණ ඒකකය භාරව කි‍්‍රයාකල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතා ද මේ සිද්ධියෙන් පසුව පොලිස් මුලස්ථානය වෙත මාරුකර යවා ඇත. මේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අඩවි වන නිලධාරියෙකුද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් අත්අඩංගුවට ගෙන මාර්තු 13 දක්වා රිමාන්ඞ් බන්ධනාගර ගත කර තිබේ.

ඝාතනයට ලක් වූ ව්‍යාපාරිකයන් දෙදෙනා පාවිච්චි කරනු ලැබූ ජංගම දුරකථන දික්වැල්ල නගරයේ නව බෙලිඅත්ත මාර්ගයේ සපත්තු පාලම අසළ දී කලපුවට දමා තිබූ අතර, එය මාර්තු 03 වෙනි දින සොයා ගන්නා ලදි. සොයා ගන්නා ලද එම ජංගම දුරකතනයන් හි එමි සැසඳී ඇති බව ද වාර්තා විය.
 
මෙම ව්‍යාපාරිකයන් අතුරුදහන්වී සති දෙකකට වැඩි කාලයක් ගතවුත් ඒ පිළිබ`දව කිසිවක් නිරාවරණය නොවූ නමුත්, පෙබරවාරි 06 වන දින  මංජුල කුමාර මහතාගේ නිවසට ලියාපදිංචි තැපෑලෙන් ලැබුනු නිර්නාමික ලිපියක් නිසා මෙම සිද්ධියේ සුල මුල සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකි විය.

මිනිස්සු මරණවට අපි කැමති නැහැ මාතර, නුපේ පිහිටි කර්යාලයේ පොලිස් නිලධාරීන් යන නමින් පෙබරවාරි 06 වෙනිදා මංජුලගේ නිවසට ලැබුනු ලිපියේ මෙසේ සදහන් වේ.

”ඔවුන් දෙදෙනා මාතර, නූපේ හංදියේ තිබෙන දකුණු පළාත් ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ පිහිටුවා ඇති විශේෂ ඒකකයේ OIC  රෝහණ සහ IP නිශාන්ත ඇතුළු කණ්ඩායමක් තමයි අරගෙන ගියේ. ඉන් එක් අයෙකුට ගහන විට මැරුණා. අනික් කෙනා ඒක දැක්කා. එම නිසා අනෙක් කෙනා ඒක දැක්ක නිසා ඔහුත් මැරුවා. දෙදෙනාම මේ වනවිට පුච්චල දමලා අවසන්.

කලූපාට KDH වෑන් එක, IP නිශාන්ත ගේ යාළුවෙකු වන අක්මීමන පොලිස් වසමේ පස් අනුර නමින් ප‍්‍රසිද්ධ අයෙකුට අයත් එකක්. ඔහු හොරට පස් කපලා අඳින කෙනෙක්. ඒ නිසා අක්මීමණ පැත්තේ  ඕන කෙනෙක් දන්නවා.
 
මේ ලියුම කාටවත් පෙන්වන්න එපා. විස්තර ටික දැනගෙන ජනාධිපතිට හෝ වගකිව යුතු තැනකට පැමිණිලි කරන්න දකුණු පළාත්භාර DIG මේක යට ගහනවා. ඔහුගේ නිලධාරීන් බේරන්න. මේකට ගාල්ලේ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාර හක්මණ මහතා ද සම්බන්ධයි

කවුරු උනත් මිනිස්සු මරණවට අපි කැමැති නැහැ. අපි මාතර නූපේ කාර්යාලයේ පොලිස් නිලධාරීන්.”

මෙම පරීක්ෂණ වෙනස් මගකට යොමු කිරීම සදහා මෙම ව්‍යාපාරිකයන් දෙදෙනාගේ නිවෙස් වෙත තවත් නිර්නාමික ලිපි දෙකක් ලැබී තිබුණි. එමෙන්ම, ඔවුන් දෙදෙනා මන්නාරම ප‍්‍රදේශයේ කරවල වාඩියක සේවය කරන බවට නාදුනන පුද්ගලයෙකු විසින් දුරකථන මගින් රශීන් බිරි`දට දැනුම් දී තිබුණි. 

නමුත් මේ සම්බන්ධව පරීක්ෂණ සිදු කරනු ලබන නිලධාරීන් ඉතා තීක්ෂණව හා කර්යක්ෂමව කටයුතු කිරීම නිසා මෙම සිද්ධියට සම්බන්ධ තොරතුරු එකින් එක නිරාවරණය කරගනු ලැබූ අතර, මෙම පැහැර ගැනීමට සම්බන්ධ වාහන දෙක ගාල්ල, අක්මීමණ ප‍්‍රදේශයේ තිබිය දී සොයා ගන්නා ලදී. එහි දී හෙළිකර ගත් කරුණු අනුව විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වා තමන්ගේ පෞද්ගලික කටයුත්තකට බව කියමින් වෑන් රථය හිමිකරුගෙන් වෑන් රථය ලබා ගෙන නැවතත් ඔහුට වාහනය බාර දී තිබුණි. වෑන් රථය සඳහා ව්‍යාජ අංක තහඩු භාවිතා කර ඇති බවට හෙලි වූ අතර මෙම අපරාධය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වා මාර්තු 27 වෙනි දින දක්වා රිමාන්ඞ් බන්ධනාගාරයට පත් කර ඇත.

කෙසේ වුවත්, තවත් එක් පොලිස් කණ්ඩායමක් විසින් කරනු ලැබූ බිහිසුණු අපරාධයක් සම්බන්ධව සුල මුල හෙලිකරනු ලබන්නෙත් එම දෙපාර්තමේන්තුවේම කටයුතු කරන තවත් පොලිස් නිලධාරීන් පිරිසක් විසින් වීම මෙම සිදුවීම් ජාලයේ ඇති විශේෂත්වයයි. මින් පෙර මෙවැනි සිදුවීම් ඉතා විරල විය. පොල්පිත්තක් වුනත් පොලීසියේ නේ හා අපේ එකා අපි රැකගන්න  ඕනෑ යන අදහසට අනුව පොලිස් අපරාධයක් යට ගැසීමට කොන්දේසි විරහිතව අනෙකුත් නිලධාරීන් පියවර ගැනීම අතීතයේ ඉතා සුලභ විය. නමුත් මෙම සිද්ධියේ දී නිර්ණාමිකව හෝ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු මෙම අපරාධය පිළිබදව තොරතුරු හෙලිදරව් කිරීම විශේෂත්වයකි. 


Share |   


Advertisments
Facebook
www.aithiya.lk