English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
කොකේන් පරීක්ෂණයට කලින් ජාතිය ගැන ඩී.එන්.ඒ පරීක්ෂණයක් කළ යුතුයි. - මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර
(2019-03-06)

<< Go Back
Share |   


“මහින්ද රාජපක්ෂ, එයාගේ පවුලේ අය, පවුලේ ඥාතීන් අතර, ලේ නෑකම් ඇති කරගෙන ඉන්නවා දෙමළ අයත් එක්ක. හැබැයි දේශපාලනයට බැස්සහම කියන්නේ රට පාවා දෙන්න හදනවා කියලා. කසාද බඳිනකොට රට පාවා දෙන්න විදියක් නැහැ. බැහැයි දේශපාලනය කරනකොට රට පාවා දෙන්න වගෙයි. ඒ දෙබිඩි කතන්දරය තමයි අපි නැති කරන්න ඕනා.”

මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර විසින් මේ අදහස් ප්‍රකාශ කරන ලද්දේ “කඳුරට ජනතා අයිතීන් සුරැකෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්” යන මැයෙන් හැටන් දික්ඔය නගර සභා ශාලවේදී පැවැත්වුනු සම්මන්ත්‍රණයකදීය. හැටන් සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකතුව විසින් මෙම සම්මන්ත්‍රණය සංවිධාන කර තිබිණි. මේ සඳහා මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවරට අමතරව සමන් රත්නප්‍රිය, පිලිප් දිසානායක, සමන් සෙනෙවිරත්න,එස්.විශ්වලිංගම් යන කතිකයන් සහභාගි විය. ආගමික නායකයන් රැසක් සහභාගි වූ මෙම සම්මන්ත්‍රණයේදී වතුකර ජනතාවගේ ඉල්ලීම් ඇතුළු ඉල්ලීම් ගැන ද අදහස් රැසක් මතුවිය. වතුකර ජනතාව නියෝජනය කරමින් කිහිප දෙනෙක් අදහස් ඉදිරිපත් කරන ලදි.

යකා පැහැදිලියි. දෙවියන් තමයි විශ්වාස කරන්න අමාරු.මොකද මොනවා ඉල්ලයි ද දන්නේ නැහැ. යක්ෂයා අනිවාර්යයෙන්ම ඉල්ලන දේ අපි දන්නවා. ඒ නිසා පැරණි යක්ෂයන්ගේ ස්වරූපය අපි අවබෝධ කරගෙන තියෙන්න ඕනා. මොකද ඔවුන්ට නැවත දේවරූප ලැබෙන්න විදියක් නැහැ. ඒ නිසා අපිට අනාගතයේ තියෙන ව්‍යවස්ථාව වෙනුවෙන්, මේ තියෙන ව්‍යවස්ථාව රැක ගැනීමේ අවස්ථාවක් තමයි දැන් තියෙන්නේ. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නැති කරන්න තමයි කට්ටියක් දැන් සූදානම් වෙන්නේ. ඒ නිසා තමයි ව්‍යවස්ථාදායක සභාව ගැන, එන්.ජී.ඕ. බිල්ලන් ගැන මවන්නේ.

එහෙම දේශප්‍රේමයක් තියෙන දේශපාලකයන් තමයි දැන් කතා කරන්න හදන්නේ ව්‍යවස්ථාදායක සභාව දූෂිතම තැනක් කියලා කියන එක. ඒ නිසා අපි ආයෙත් වෙනස් කර ගන්න ඕනා පුරවැසියන්ගේ බලය වැඩිය තියෙන ව්‍යවස්ථාදායක සභාවක් කියන පළමුවෙනි යෝජනාවට කිට්ටුවට යනවාත් සමගම තියෙන දෙය රැක ගත යුතුමයි. නැත්නම් මහින්ද රාජපක්ෂ එයාගේ පවුලේ අය, පවුලේ ඥාතීන් අතර, ලේ නෑකම් ඇති කරගෙන ඉන්නවා දෙමළ අයත් එක්ක. හැබැයි දේශපාලනයට බැස්සහම කියන්නේ රට පාවා දෙන්න හදනවා කියලා. කසාද බඳිනකොට රට පාවා දෙන්න විදියක් නැහැ. බැහැයි දේශපාලනය කරනකොට රට පාවා දෙන්න වගෙයි. ඒ දෙබිඩි කතන්දරය තමයි අපි නැති කරන්න ඕනා.

අපේ රටේ හැමෝගෙන්ගෙම ඩී.එන්.ඒ පරීක්ෂණයක් කළ යුතුයි. කොයි තරම් අති ශුද්ධ සිංහලයෝ ලංකාවේ ඉන්නවද, අති ශූද්ධ දෙමළ අය කොච්චර ඉන්නවද, අති ශුද්ධ මුස්ලිම් අය කොච්චර ඉන්නවද කියලා. මම හිතන්නේ කොකේන් ඩී.එන්.ඒ වලට කලින් ජාතිය ඩී.එන්.ඒ පරීක්ෂාව කළ යුතුයි. එතකොට පෙනෙයි අපි හැමෝගෙම ලේවල හැමෝගෙම ලේ තියෙන බව. මේ දේ වෙනස් කරන්න දේශපාලකයන්ට ඉඩ නොදෙන සමාජයකට තමයි අපි යන්න ඕනා. මොකද දේශපාලකයන් විසින් නෙමෙයි සමාජය මෙහෙවන්න ඕනා. පුරවැසියන් විසින්. දේශපාලකයට නිශ්චිත තැන දීමට පුරුදු වෙන්න.”



Share |   


Advertisments
Facebook
www.aithiya.lk