English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
අවුරුදු 12 කට පසුව එල්සුමා නඩුවෙන් ජය
(2019-03-05)

<< Go Back
Share |   



මිගමුව දලූවකොටුවේ පිහිටි එල්සුමා පුද්ගලික සමාගම විසින් මීගමුව දිසා අධිකරණයේ ගොනු කරනු ලැබූ නඩුවකට අනුව රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ හිටපු සභාපති බි‍්‍රටෝ ප‍්‍රනාන්දු එහි විධායක අධ්‍යක්ෂ පිලිප් දිසානායක හා අශිලා නිරෝෂණී එල්සුමා පුද්ගලික සමාගමේ සේවක සංගමයේ හිටපු සභාපති මැක්සිමස් රොද්‍රිගු යන අයට ඉහත සමාගම අවට රැස්ව සිටීම හා එම ප‍්‍රදේශයට ඇතුලූ වීම වලකා ළමින් අතුරු තහනම් නියෝගයක් 2007 වසරේ දී ලබා දී තිබුනි.

එල්සුමා ආයතනය තුළ දිගින් දිගටම පැවති සේවක ගැටලූන් නොවිසදවීම සම්බන්ධවත්, එහි සේවක සංගමයේ සභාපති නීති විරෝධී අයුරින් වැඩ තහනමට ලක් කිරීමටත් විරුද්ධවත් එම සමාගම ඉදිරිපිට පැවති සාමකාමී සේවක උද්ඝෝෂණයකට සහාය දැක්වීමේ හේතුව මත මෙම අතුරු තහනම් නියෝගය ලබා දී තිබුනි.

මීගමුව දිසා අධිකරණය විසින් ලබා දුන් මෙම අතුරුතහනම් නියෝගය මගින් ප‍්‍රකාශණයේ නිදහස හා විරෝධතා හා උද්ඝෝෂණ පැවැත්වීමේ අයිතිය උල්ලංඝණය වී ඇති බව ප‍්‍රකාශ කරමින් මෙම අතුරු තහනම් නියෝගය වහා අවලංගු කර තම අයිතිවාසිකම් ආරක්ෂා කරදෙන ලෙසට ඉල්ලමින් මීගමුව දිසා අධිකරණයට කරුණු දැක් වූ නමුත් එය අසාර්ථක වූ නිසා මෙම නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ගෙනයනු ලැබීය.

2007 වසරේ සිට අවුරුදු 12ක් තිස්සේ ගෙන ගිය අරගලයක ප‍්‍රථිපලයක් ලෙස භාෂණයේ අයිතිවාසිකමත් විරෝධතා හා උද්ඝෝෂණ පැවැත්වීමේ අයිතිවාසිකම අදාල පාර්ෂවකරුවන් විසින් පිළිගැනීම මත 2019 ජනවාරි 01 දා මෙම නඩුව අවසන් කිරීමට හැකි විය. නමුත් ඒ සදහා ගත වූ කාලයත්, වැය වූ මුදලත් සමග සැසදීමේ දී මෙය ජයග‍්‍රහනක් ලෙස සැලකිය නොහැක.

කාලය, මුදල් හා මිනිස් ශ‍්‍රමය නිකරුනේ වැයකරනු ලැබූ මෙම නඩුවේ දී හය ලක්ෂයකට අධික නඩු ප‍්‍රමාණයක් අධිකරණයන් තුළ ගොඩ ගැසී තිබීමට ඇති හේතුන් මෙන්ම, අධිකරණ පද්ධතියේ ඇති අකාර්‍යක්ෂමතාවයන් පිළිබදවත් පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට හැකි විය.

බොහෝ ප‍්‍රමාද වී හෝ ලැබුනු මෙම ජයග‍්‍රහණ සදහා ආසියානු මානව හිමිකම් කොමිසම, නීතිඥ බැසිල් ප‍්‍රනාන්දු, ආචාර්ය සුනිල් කුරේ, ආචාර්ය ජයන්ත අල්මේදා, නීතිඥ අමිත ආරියරත්න, නීතිඥ විජේසුරිය, නීතිඥ චමරි මහනායක, නීතිඥ සරනි ප‍්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ඊට විශාල දායකත්වයක් සැපයීය. 

උපුටා ගැනීම - http://www.right2lifelanka.org/sinhala.php



Share |   


Advertisments
Facebook
www.aithiya.lk