English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
ව්‍යවස්ථාදායක සභාව නම් සුජාත දරුවා විසි නොකරනු !
(2019-03-05)

<< Go Back
Share |   


ව්‍යවස්ථාදායක සභාවේ මා දකින ඉතාමත්ම ඉදිරිගාමී පියවර තමයි මෙතෙක් කල් අධිකරණ නිලධාරීන් සහ වෘත්තීය දේශපාලඥයන් එහෙමත් නැත්නම් මහජන නියෝජිතයන්ට පමණක් සීමා වී තිබුණු ඒ ප්‍රධාන කාර්යභාරය එසේ නොවන අයටත්, විවිරවීම. ”

ද්‍රරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය උදන් ප්‍රනාන්දු මේ අදහස් පැවසුවේ 19 වෙනි සංශෝධනයට ජනාධිපතිවරයා සහ ඔහු නියෝජනය කරනු ලබන පාර්ශ්වයන් සංවිධානාත්මකව එල්ල කරන ප්‍රහාරයට ගැන අදහස් දක්වමිනි.

2015 ලංකාවේ සිදුවෙච්ච වෙනසත් සමඟ සිදුවූ ඉදිරිගාමී වෙනස තමයි 19 වෙනි සංශෝධනය. මෙහි සුවිශේෂතාවය තමයි සියළුම පක්ෂ මීට පක්ෂව ඡන්දය දීම. මෙය ඉතාමත්ම විරල සිද්ධියක්. 19 වෙනි සංශෝධනයෙන් වුනු ලොකුම වෙනස්කමක් තමයි ව්‍යවස්ථාදායක සභාවක් ස්ථාපනය කිරීම. ව්‍යවස්ථාදායක සභාවේ තියෙන භූමිකාව සහ කාර්යභාරය ඉතාම වැදගත් ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් බලන කොටත්, ආණ්ඩුකරණය පැත්තෙන් බලන කොටත්, අපි සෛද්ධාන්තිකව කල්පනා කරද්දි ව්‍යවස්ථාදායකය, අධිකරණය සහ විධායක යන උපස්ථම්භක තුනෙන් තමයි අපේ රාජ්‍ය සෑදෙන්නේ.

මේ උපස්ථම්භක තුන, ස්වාධීනව කටයුතු කරන්නත්, එක උපස්ථම්භකයක් තව උපස්ථාම්භකයකින් පාලනය වීමත්, තමයි වෙන්නේ. ව්‍යවස්ථාදායක සභාව තුළින් වෙන්නේ මේ උපස්ථම්භක තුන තවදුරටත් තහවුරු වෙන, තවදුරටත් ශක්තිමත් වෙන ආකාරයේ කාර්යභාරයක්. මේ ව්‍යවස්ථාදායකය, අධිකරණය, විධායකය කියන උපස්ථම්භක තුන හා ඊට අදාල ආයතනවල ඉන්නේ වෘත්තීය දේශපාලඥයන් සහ වෘත්තීය අධිකරණ නිලධාරීන්. ඒ විනිශ්චයකාරවරුන් සහ මහජන නියෝජිතයන්.

මොවුන්ගේ කල්පනාවන් ඔවුන්ගේ සිතුම්, පැතුම්, චර්යාවන් යම් ආකාරයකට පාලනයවීමක් අවශයයි. ව්‍යවස්ථාදායක සභාවේ මා දකින ඉතාමත්ම ඉදිරිගාමී පියවර තමයි මෙතෙක් කල් අධිකරණ නිලධාරීන් සහ වෘත්තීය දේශපාලඥයන් එහෙමත් නැත්නම් මහජන නියෝජිතයන්ට පමණක් සීමා වී තිබුණු ඒ ප්‍රධාන කාර්යභාරය එසේ නොවන අයටත්, විවිරවීම.

සියළු දෙනාගේම ඒකඡන්දයෙන් පත්වෙච්ච මේ ඉදිරිගාමී පියවර පිළිබඳව රටේ ඉහළම දේශපාලන අධිකාරීන් සහ මහජන නියෝජිතයන් දැන් ඒ ගැන කුකුසවල්, විවේචනයන්, අවලාද ප්‍රකාශ කිරීමට පටන් අරන් තිබෙනවා. දැන් මෙය ඉතාම ශෝචනීය තත්ත්වයක්. ඔවුන්ම ගෙනාපු දෙයක්. ඔවුන්ම  සුජාතයි කියන දරුවෙක් දැන් තමාගේ නොවන බවට ඉගි පළ කරනවා. මේක ඉතාමත් පිළිකුල් සහගත තත්ත්වයක්.”



Share |   


Advertisments
Facebook
www.aithiya.lk