English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
අතුරුදහන්වුන් පිළිබදව සොයා බැලීම සදහා කාර්යාලයක් මාතරට
(2019-03-01)

<< Go Back
Share |   



අතුරුදහන්වුවන් පිළිබදව සොයා බැලීම සදහා වූ විශේෂ කාර්යාලයක් මාර්තු 2 වන දින මාතර කොටුව, ධර්මාරාම පාරේ, අංක 54 යන ස්ථානයේ දී ගරු කථානායක කරු ජයසුරියා මහතා ප‍්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතය.

යහපාලන රජය විසින් ජාතීන් අතර සංහිදියාව ගොඩනැගීම සදහා දියත් කරනු ලැබූ කි‍්‍රයාවලියේ එක් පියවරක් ලෙස 2016 මැයි 22 වන දින සම්මත කරනු ලැබු අතුරුදහන් වූ තැනැත්තන් පිළිබදව කාර්යාල පනත පාර්ලිමේන්තුවේ දී සම්මත විය. ඒ අනුව 2017 වර්ෂයේ පෙබරවාරියේ දී අතුරුදහන්වුවන් පිළිබදව සොයා බැලීම සදහා කාර්යාලය පිිහිටුවනු ලැබීය. එය අතුරුදහන්වුවන්ට යුක්තිය සැලසීම, අතුරුදහන්වුවන්ගේ පවුල්වලට සහන සැලසීම හා අතුරුදහන්කරවීම් නැවත ඇතිවීම වැලැක්වීම සදහා දශක තුනකට වැඩි කාලයක සිට මේ රටේ සිවිල් සමාජය ඇතුලූ ප‍්‍රගතිශීලී ජනයා විසින් ඉල්ලා සිටිනු ලැබූ එක් යෝජනාවක් කි‍්‍රයාත්මක වූ අවස්ථාවක් විය.

මෙම කාර්යාලයේ කටයුතු සදහා හත් දෙනෙකුගෙන් සමන්විත කොමසාරිස්වරුන් පත්කරුනු ලැබූ අතර වර්තමානයේ එහි සභාපතිත්වය ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා විසින් දරුනු ලබයි. මෙම කාර්්‍යාලය විසින් තවත් ප‍්‍රාදේශීය කාර්්‍යාල 12 ක් ස්ථාපිත කිරීමට නියමිත අතර ඉන් පලූමු වැන්න මෙසේ මාතර දී විවෘත වීමට නියමිතය. මෙම ප‍්‍රාදේශීය කාර්්‍යාල මගින් අතුරුදහන්වූවන් පිළිදව තොරතුරු සෙවීම හා ඔවුන්ගේ පවුල් වෙත අනෙකුත් සහාය දැක්වීම සිදුකරනු ලබනු ඇත.

අතුරුදහන්වුවන්ගේ පවුල්වලට වන්දි ප‍්‍රධානය ඇතුලූ අනෙකුත් සහන සැලසීම සදහා ද තවත් මෙවැනිම කාර්්‍යාලයක් ස්ථාපිත කිරීමට නියමිත අතර ඒ සම්බන්ධ පනත 2018 ඔක්තෝබර් 09 වන දින පාර්ලිමේන්තුවේ දී සම්මත විය.


Share |   


Advertisments
Facebook
www.aithiya.lk