English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
පාසැල් තුළ හිංසනය සහ සමන් ඉන්ද්‍රරත්න සර්ලා...
(2019-02-28)

<< Go Back
Share |   


2019 පෙබරවාරි මස 26 වෙනි දින පෙරවරුවේ ලංකා ගුරු සංගම් කාර්යාලයේ දී ලංකා ගුරු සංගම් ලේකම් ජෝසප් ස්ටාලින් ගේ ප්‍රධානත්වයෙන් පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී හෙළි වූ කරුණු අනුව එකම කුරුණෑගල ප්‍රදේශයේ විදුහල්පතිවරයෙක් සිදු කරන විනය විරෝධී, සාදාචාර විරෝධී, ක්‍රියා කලාපයන් දෙස නිලධාරීන් සහ දේශපාලඥයන් ඇහැ කණ පියාගෙන සිටින බව අවබෝධ විය. අධිකරණ ක්‍රියාමාර්ගයන් තුළින් ගැටළු විසඳාගන්නා තුරු අධ්‍යාපන බලධාරීන් තත්ත්වය තමන්ගේ සීමාවන් තුළ විසඳගත්තේ නම් ගුරුවරියට මෙවන් ඉරණමක් අත්නොවන බව පැහැදිලිය. අධ්‍යාපන බලධාරීන් මෙම සිදුවීම ගැන තැකීමක් නොකළ නිසා සහ සාධාරණව ගැටළුව නොවිසදූ නිසා දෙමාපියන්ට නීතියේ පිළිසරණ පැතීමට සිදුවූ බව පැහැදිලිය. 

එදිනම 17 හැවිරිදි පාසැල් සිසුවියකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු විදුහල්පතිවරයෙකු මාර්තු 01 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය. දැන් දැන් මෙවැනි සිදුවීම් වාර්තා වනු දැකිය හැකිය. නමුත් වාර්තා නොවන මෙවැනි සිදුවීම් ඕනෑ තරම් ඇත.

මෙම සිදුවීම් දෙකම අහඹු සිද්ධීන් වුවත්, මේ සිදුවීම් වාර්තා වූයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වුවත් මෙවැනි සිදුවීම් අනෙක් ප්‍රදේශවලින් වාර්තා ද වුවද මේ සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරීන් හා ලමා ආරක්ෂණ අධිකාරිය වැනි නීත්‍යානුකූල බලධාරීන් ගන්නා වූ පියවර ඉතාමත් දියාරු බව පෙනේ.

පාසැල් වල සිදුවන ළමා හිංසනයන් සම්බන්ධයෙන් පළවූ වාර්තාවක් රයිට් ටු ලයිෆ් වෙබ් අඩවියේ පළ කර තිබුණා.

http://www.right2lifelanka.org/newsview.php?id=2445

2019 පෙබරවාරි 26 ලංකා ගුරු සංගම් කාර්යාලයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මතු වූ කරුණු අනුව තොරතුරු මෙලෙස පෙළ ගැස්සවිය හැකිය.

කුරුණෑගල මහාධිකරණයෙන් නඩු තීන්දුවක් 128/2017 කියන නඩුව සම්බන්ධයෙන් විශාල කැලඹීමක් සමාජය තුළත්, විශේෂයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේත් ඇති විය. එකී තීන්දුවෙන් කුරුණෑගල ජෝන් කොතලාවල විදුහලේ ගුරුවරියක් වන, රම්‍යා ද සිල්වා ගුරුවරියට දඩුවම් කලා වසර දෙකක සිර දඬුවමක් සහ ලක්ෂයක වන්දියක් ලබා දීමට තීන්දු කර තිබේ. 2012 දී රම්‍යා ද සිල්වා ගුරුවරිය විසින් චතුර ශ්‍රී ලාලිත සිසුවාට කළ පහර දීම සම්බන්ධයෙන් මෙම නඩුව පවරා දී තිබෙනවා. ඒ වන විට එහි විදුහල්පති සමන් ඉන්ද්‍රරත්න බව දරුවාගේ මව ප්‍රකාශ කරයි. අදාල ගුරුවරිය විසින් දරුවාට සිදු කරනු ලබන මානසික හා ශාරිරික වධහිංසනයන් සම්බන්ධයෙන් මව හා පියා විදුහල්පතිවරියට පැමිණිලි කිරීමට ගිය ද එම එම විදුහල්පතිවරයා සිදුවීම කිසිසේත් මායිම් නොකළ බව සඳහන්.

ඒ සම්බන්ධයෙන් රයිට් ටු ලයිෆ් වෙබ් අඩවියේ පළ වූ අනිද්දා පුවත්පතේ රේඛා නිලුක්ෂි හේරත් විසින් ලියන ලද ලිපියෙහි මේ පිළිබඳව සවිස්තර තොරතුරු ඇතුළත්ව ඇත.

http://www.right2lifelanka.org/newsview.php?id=2451

මෙම ලිපියේ කතා නායකයා වන්නේ ගුරුවරිය නොව එම අවස්ථාවේ එහි විදුහල්පතිවරයා වූ සමන් ඉන්ද්‍රරත්න යි.

දෙවෙනි කතාවේ කතා නායකයා වන්නේ ද ඔහුයි. මෙම සිදුවීම පැරණි කතාවක්. එම සිදුවීම සිදුවන්නේ 2014 පෙබරවාරි 05 වෙනි දින සිදුවන්නේ. වින්දිතයා වන්නේ වෙනුෂා නම් පාසැල් සිසුවියයි. ඇය කුරුණෑගල සර් කොතලාවල මහා විද්‍යාලයේ 10 වසරේ ඉගෙනුම ලබනවා.

සිදුවීම අද අපට ප්‍රකාශ කිරීම සිදු කරන්නේ ඇයගේ මව වූ එම්.ඒ.ශිරානි යි.

වෙනුෂා ඇගේ දියණියයි. දියණිය පිළිබඳව විදුහල්පතිවරයා විවිධ අපවාද,අපහාස සිදු කරනු ලබන අතර, ඒ ගැන දියණිය නිතර නිවසට පැමිණ පැමිණිලි සිදු කරනු ලබයි. දියණිය අඳින පළඳින විදිය ගැන , වාඩි වෙන විදිය ගැන විවිධ චෝදනා කර තිබේ. පසුව දිනක් දියණිය, තම සොහොයුරියන් දෙදෙනා සහ අසල්වාසීන් පිරිසක් සමග චිත්‍රපටයක් බැලීමට යන අතර, එහි දී පාසැලේ මිතුරන් කිහිප දෙනෙක් හමුවී, ඔවුන් සමග කතා බහ කරනවා. පසුදින පාසැලේ ප්‍රධාන රැස්වීමේ 5000ක් පමණ සිසු සිසුවියන් රැස්ව සිටින අවස්ථාවේ දී, ඇයගේ නම හඩ ගසා ඇයට අසභ්‍ය වචනයෙන් බැන වදිනවා. දියණිය මේ ගැන පැමිණිලි කරනවා. කම්පාවට පත්වෙනවා. නිවසට ගෙන ආ ලැප්ටොප් පරිඝනකයක සම්බන්ධයෙන් දියණිය හා මව අතර මත ගැටුමක් ඇති වෙනවා. පසුව ඇයගේ ෆේස්බුක් ගිණුමේ ඇති ඡායාරූප ගැනද, විදුහල්පතිවරයා වෙනූෂාට බැන වදිනවා.  දිනක් විදුහල්පතිවරයා පාසැල නිමවීමෙන් පසුව පැය 2 1/2 පමණ කාමරයේ ඇයව තබාගෙන සිටිනවා. එහි දී සිදුවූයේ කුමක් දැයි වාර්තා වී නැත. ඇය සියදිවිහානි කරගනී. ඇය සිය දිවිහානි කරගත් දිනවල විදුහල්පතිවරයාට චෝදනා එල්ල වී තිබෙනවා.

මෙහිදී ද විත්තිකරු වන්නේ විදුහල්පති සමන් ඉන්ද්‍රරත්න යි. නමුත් ඔහු තවමත් වෘත්තීය රැඳී සිටිනවා. සිදුවීම සිදුවූ කාලයේ දී ඒ ගැන පළ වූ ලිපි කිහියක් මෙසේ ඇතුළත් කරන්නේ සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර අවබෝධය ලබා ගැනීම සඳහා යි.

https://english.gossiplankanews.com/2014/02/schoolgirl-suicides-after-facebook_14.html

https://globalpressjournal.com/asia/sri_lanka/use-of-social-media-as-a-bullying-tool-subjects-many-sri-lankan-teens-to-crippling-fear-shame/

http://lankanstuff.blogspot.com/2014/02/protest-against-principal-over-venushas.html

 

තෙවෙනි කතාවේ ද කතා නායකවරයා වන්නේ ද විදුහල්පති සමන් ඉන්ද්‍රරත්න යි.

මෙවර පාසැල වෙනස් වේ. දැන් ඔහු දේශපාලන බලාධිකාරියේ සහයෙන් මලියදේව විද්‍යාලයේ විදුහල්පති වශයෙන් පත්වේ. සුජීවා ප්‍රියදර්ශිනී මව තමන්ගේ අත්දැකීම් විස්තර කළාය. අනෙක් මව්වරුන් මෙන් නොව ඇය දැඩි ගතියක්, ස්ථාවර ස්වාභාවයක් ඇය තුළ තිබුණේය.

ඇයගේ ඇයගේ පිරිමි දරවන් දෙදෙනාම අධ්‍යාපනය ලබන්නේ මලියදේව විදුහලේ යි. වැඩිමහල් දරුවා පාසැලෙන් ඉවත් වී උසස් අධ්‍යාපනය ලබා සිටියි. දෙවෙනි පිරිමි දරුවා උසස් පෙළ ඉගෙනුම ලබන අතර විශාල තරගයක් ලබා දී ප්‍රධාන ශිෂ්‍ය නායකකමට පත් කරනු ලබයි. නමුත් විදුහල්පතිවරයා විසින් පාසැලේ කිරීමට ගිය වෙනස් කම් සම්බන්ධයෙන් මලියදේව සම්ප්‍රදාය මේයැයි කියා අදහස් දැක්වීම සහ විරෝධය දැක්වීම නිසා විදුහල්පතිවරයාගේ අපවාදයට ලක්වෙයි. මේ සමඟම විදුහල්පතිවරයා සිසුන් අපහසුතාවයකට පත් වන අයුරින් ක්‍රියාකාරකම් කිහිපයක් අමතර මග දී නවත්වනු ලබයි. මේ ක්‍රියාකාරකම් අතර ශිෂ්‍ය නායක දිනය, මාධ්‍ය දිනය ද වේ. මේ ගැන මව්පියන්, ගුරුවර ගුරුවරියන් ප්‍රශ්න කිරීමේ දී සිසුන් වංචා කළ නිසා එය අවලංගු කළ බව පවසයි. මේ නිසා ආරාධනය ලැබූ පාසැල් වල දරුවන් විසින් තොරතුරු විමසනු ලබයි. එහිදී සිසුන් වංචාවන්ට හවුල් වූ බව කියන ආරංචිය ද එම සිසු සිසුවියන් දැන සිටි බව ප්‍රකාශ වේ. මෙයින් සිසුන් දැඩි අපහසුතාවයකට පත්වේ.

අවසානයේ දී විදුහල්පතිවරයා විසින් ප්‍රධාන ශිෂ්‍ය නායකයාට හිමි ක්‍රීඩා උත්සවයේ කතාව ලබා නොදීමට තීරණය කරන්නේ එම කතාව සකස් කර ඔහුට දින කිහිපයකට පෙර ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. මේ සිදුවීම අවසානයේ දී පොලිසිය දක්වා ගමන් කරයි. එහිදී ද විදුහල්පතිවරයා ඔහුට කතාව නොදීම සම්බන්ධයෙන් විවිධ හේතු දැක්වුවද අවසානයේ දී එම කතාව දීමට පොලිසිය ඉදිරියේ එකගවීමට ඔහු ට සිදුවේ.

ඉහත සිදුවීම් කිහිපයෙන්ම පෙනෙන්නේ සමහර විදුහල්පතිවරුන් ක්‍රියාත්මක වන්නේ සියළු අධ්‍යාපන මූලධර්ම වලට අනුකූල නොවන අයුරින් බවයි. සමන් ඉන්ද්‍රරත්න විදුහල්පතිවරයා අවස්ථා තුනකදී ක්‍රියාත්මක වී ඇති අයුරු නිරීක්ෂණය කරන බාහිර පුද්ගලයෙකුට පෙනෙන්නේ ඔහු එම නිලයට සුදුසු පුද්ගලයෙකු නොවන බවයි. නමුත් කුරුණෑගල අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාල මෙම සිදුවීම් පෙළ එක් පෙළකට තබා විග්‍රහ කිරීමේ දී සමන් ඉන්ද්‍රරත්න නැමැති විදුහල්පතිවරයා ගේ චරිත ස්වභාවය පැහැදිලිය. එමෙන්ම ඔහු ඒ අවස්ථාවේදී ප්‍රබලව සිටින දේශපාලන බලවේග සමඟ ක්‍රියා කිරීමට කිසිදු පැකිලීමක් නැති බව ද පෙනේ.

පාසැල් ව්‍යූහය තුළ සුන්දර, කරුණාවන්ත විදුහල්පතිවරුන්, ගුරුවර ගුරුවරියන් ඇසුරු කළ ප්‍රජාවට මෙවැනි අත්දැකීම් වලින් පෙනෙන්නේ ඔහු වැන්නවුන් පාසැල් භූමියට පවා අතුල් කර නොගත යුතු පුද්ගලයෙක් ලෙසයි.

මෙම පුද්ගලයා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කර, විනය පරීක්ෂණයක් සිදු කර තිබුණේ නම් කුලියාපිටියේ පෙබරවාරි 26 වෙනි දින වාර්තා වූ සිදුවීම වැනි සිදුවීමක් වාර්තා නොවීමට ඉඩ තිබුණි. එසේ වූවේ නම් සිසු දරුවන්ට හිංසා කිරීම, අපයෝජනය කිරීම සම්බන්ධයෙන් දෙවරක් මෙවැනි පුද්ගලයන් දෙවරක් සිතීමට ඉඩ තිබුණි.

මෙම එකිනෙක සිදුවීම සම්බන්ධයෙන් ගත යුතු නීතිමය පියවරයන් සහ ලබා දිය යුතු සාධාරණය ඉටු විය යුතුය. ඒ සම්බන්ධයෙන් අදාළ ආයතන, බලධාරීන්, දේශපාලඥයන් වහාම පියවර ගත යුතුය. විශේෂයෙන් ළමා රක්ෂණ අධිකාරිය මෙම  විදුහල්පතිවරයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර අධ්‍යාපන ප්‍රජාවට පූර්වාදර්ශයක් සැපයිය යුතුය.

මාධ්‍ය සාකච්ඡාවේදී පළවූ අදහස් පහතින්....<



Share |   


Advertisments
Facebook
www.aithiya.lk