English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
19 ය තමයි සුපිරිම ව්‍යවස්ථා සංශෝධනය - පූජ්‍ය දඹර අමිල හිමි
(2019-02-25)

<< Go Back
Share |   


මෙය මහජනයාගේ පැත්තට බර තියලා ගෙනාපු සංශෝධනයක්. ශ්‍රේෂ්ඨාධිකරණයට ඒ ලියවිල්ල නිසා තමයි ඔක්තෝම්බර් 26 වෙනිදා කුමණ්ත්‍රණයෙන් ලේ වැකුණු තත්ත්වයෙන් වලක්වා ගැනීම සඳහා පාවිච්චි කරන්න පුළුවන් වුනේ.. යැයි පුජ්‍ය දඹර අමිල හිමියන් පැවසීය.

පූජ්‍ය දඹර අමිල හිමියන් මේ බව පැවසුවේ අනුරාධපුරදී පැවති “කුමන්ත්‍රණය අවසන්ද? නමින් වූ සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුව විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයේ දීය. සම්මන්ත්‍රණය සඳහා මහාචාර්ය එච්.ඩබ්. සිරිල්, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, සමන් රත්නප්‍රිය, පිලිප් දිසානායක යන සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුවේ පුරෝගාමීන් සහභාගි විය. තවදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ, 


අපි දන්න ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ඒ වගේ අවස්ථා එකයි හෝ දෙකයි තියෙන්නේ. 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හොඳ එකක්. හොඳ ප්‍රවේශයක් ගත්තා. ඊළගට ආවා 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනය. එකෙන් තමයි ස්වාධීන කොමිෂන් සභාවන් ටික ආවේ. හොඳම එක තමයි 19 වෙනි සංශෝධනය. 17 ආපහු බලගන්වලා. තවත් ඒකට අතිරේක බලයක් එන විදියට වෙනස් කම් කරලා, සෑහෙන ප්‍රතිසංස්කරණයකට පියමන් ඔසවපු හොඳම ව්‍යවස්ථා සංශෝධනය මේක.”

වීඩියෝව පහතින්...



Share |   


Advertisments
Facebook
www.aithiya.lk