English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
රත්ගම ද්විත්ව ඝාතනයට එරෙහිව ජනතාව වීදි බසී!
(2019-02-23)

<< Go Back
Share |   


පසුගිය දා රත්ගම දී සිදු වූ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් විරෝධය පළ කිරීම සඳහා ජනතා අද (23) වීදි බසිමින් තම විරෝධය පළ කරයි. සැගවීයාමට තිබූ මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් සෘජුව පොලිසියට චෝදනා එල්ල වීමත්, පරීක්ෂණ කිරීමේ දී එම චෝදනා සාක්ෂි සහිතව ඔප්පු වීම නිසා මෙසේ ජනතාව තම කෝපය මහමඟට බැස ප්‍රදර්ශන කළේය.

විරෝධතාවයට ආසන්නතම තේතුව වන්නේ ව්‍යාපාරිකයන් දෙදෙනාගේ යැයි සැකකරන පිළිස්සුණු අස්ථි කොටස් සහ දත් කිහිපයක් වලස්මුල්ල සැවැන්දෙණිය රක්ෂිතයේ තිබී සොයාගත් අතර වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත් සුරංග මුණසිංහ මහතා 2019 පෙබරවාරි 22 එම ස්ථානය පරීක්ෂාවට ලක් කිරීමේ දී සොයා ගැනීමයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් අනාවරණය වූ කරුණු අනුව පරීක්ෂණ පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහූ වලස්මුල්ල හැවැන්දෙණිය ප්‍රදේශයේ සැවැන් දෙණිය රක්ෂිතයේ සිඳී ගිය ඇළ මාර්ගයක තිබී පිළිස්සුණු අස්ථි සහ දත් කොටස් කිහිපයක් සොයා ගත්හ.

මියගිය දෙදෙනාව පැහැරගෙන ගොස් මරා දැමීම සඳහා ඔවුන් සුඛෝපභෝගී ජීප් රථයකින් පැහැරගෙන ගොස්, පසුව නැවතත් කැබ් රථයකින් රැගෙන ගොස් අක්මීමණ ගොනාමුල්ල ප්‍රදේශයේ නිවසක දී මරා දමා තිබිණි. එම නිවස මේ වන විට පරීක්ෂාවට ලක් කර ඇති අතර, නිවසේ අයිතිකරුගෙන් ප්‍රශ්ණ කිරීම් අරඹා තිබේ.

ඉකුත් ජනවාරි 23 වැනි දා පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුම් ඇඳගෙන ගිනි අවි ද රැගෙන පැමිණි පිරිසක් මෙසේ පැහැරගෙන ගොස් අතුරුදහන් කර ඇත්තේ රත්ගම පොලිස් වසමේ බූස්ස රන්න උදාගම පදිංචිව සිටි කොස්ම රසික් චිත්තක සහ අසේල මංජුල කුමාර නැමැති දෙදෙනෙකි.

මෙම පැහැරගෙන අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් මෙය පෙර අත්අඩංගුවට ගන්නා ලද දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වා 28 දක්වා රිමාන්ඞ් බන්ධනාගාර ගත කර ඇත.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද ලද එම ඒකකයේ උප පොලිස් පරීක්ෂක එච්.ජී.විරාජ් පැය 48 ක් රඳවා ගැනීමේ නියෝගයක් ලබා දුන්නේය.



Share |   


Advertisments
Facebook
www.aithiya.lk