English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
යහපාලන ආණ්ඩුවේ කෙරුවාව - පිලිප් දිසානායක
(2019-02-04)

<< Go Back
Share |   



යහපාලන රජයේ ප‍්‍රධානියා වූ ජනපති සිරිසේන හා එම ආණ්ඩුවේම මැති ඇමතිවරුන්ගේ ද සහාය ඇතිව 2015 ජනවාරි 08 දා මේ රටේ හැට දෙලක්ෂයකට අධික බහුතර ජනතාවක් විසින් පරාජයට පත්කරනු ලැබූ මහින්ද රාජපක්ෂ මහතා සමග දියත් කළ කුමන්ත‍්‍රණය පරාජය කිරීමට හැකි වීම එක්තරා ලෙසකින් 2015 ලැබූ ජයට වඩා වැඩි ජයග‍්‍රහණයක් වන්නට පුලූවන. 2015 ජනාධිපතිවරණයේ දී පක්ෂ හා විපක්ෂ බලවේග ඉතා පිරිසිදුව දෙපිලකට බෙදී සිටි අතර, සටන පැහැදිලිවම දෙපාර්ශවය අතර පමණක් විය.

නමුත් 2018 ඔක්තෝබර් 26 දින සිට දියත් වූ කුමන්ත‍්‍රණයට විරුද්ධ සටන එක්සත් ජාතික පෙරමුණ තුලත්, ඉන් පිටතත් සිට කිරීමට සිදු වූ බව දැන් කාටත් නොරහසකි. කුමන්ත‍්‍රණය දියත් වන විට කුමන්ත‍්‍රණයට පක්ෂව එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කළ මන්තී‍්‍රවරු ප‍්‍රමාණය 18ක් වූ බව මුලින් වාර්තා වුවත් පසුව එය 20 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් බව දැනගන්නට ලැබුනි.

කෙසේ හෝ අද වන විට ඔක්තෝබර් 26 දා සිට දියත් වූ කුමන්ත‍්‍රණය පරාජය කිරීමට හැකි වුවත් දැනට වෙමින් පවතින කි‍්‍රයාවන් පිළිබ`දව සැලැකිල්ලට ගැනීමේ දී එම කුමන්ත‍්‍රණයේ තවත් අධියරක් ඉතා සූක්ෂවම කි‍්‍රයාත්මක වන බවක් දක්නට ලැබේ. එහි ජයග‍්‍රහණය හෝ පරාජය ද තීන්දු කරනු ලබන්නේ දේශපාලන පක්ෂ කි‍්‍රයාකාරීත්වයට වඩා සිවිල් සමාජය හා අනෙකුත් ප‍්‍රගතිශීල බලවේගයන් හි කි‍්‍රයාකාරීත්වය අනුව බව පසුගිය සිදුවීම් හා ඒවා පෙළගැසුනු ආකාරය අනුව තේරුම්ගත හැක.

පසුගිය ඔක්තෝබර් 26 දා සිට දින 53ක් තිස්සේ කි‍්‍රයාත්මක වූ කුමන්ත‍්‍රණය පරාජය කිරීමට මේ රටේ ප‍්‍රගතිශීලී බලවේගයන් හි කි‍්‍රයාකාරීත්වය ඉතා සෘජුවම බලපෑ බව අමුතුවෙන් කිව යුතුව නැත. එම කි‍්‍රයාකාරීත්වය එක්සත් ජාතික පෙරමුණෙන් පනින්න සිටි කිහිප දෙනාටත්, මහින්ද සම`ග එකතුවන්නට සිටි ශී‍්‍රලනිප මෛතී‍්‍ර පාර්ශවයේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුටත් ඉතා සෘජුවම බලපෑම් කරනු ලැබීය.

එමෙන්ම එම සමාජ කි‍්‍රයාකාරීත්වය හේතුවෙන් ප‍්‍රහාර, තර්ජන, බාධා කිරීම් නොතකා කතානායකවරයාට පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කරමින් නිදහස් හා සාධාරණ සෘජු තීරණ ගැනීමටත්, නීතියේ ආධිපත්‍ය තරම පෙන්වා දෙමින් අධිකරණයට නිදහසේ තම කටයුතු කිරීමටත් අවශ්‍ය ශක්තිය හා ධෛර්්‍යයත් ඉන් සැපයීය.

මෙම සියල්ලට පදනම වැටුනේ 2015 ජනවාරි 08 වැනිදා සිදු වූ බල පෙරලියත් එයට නායකත්වය දුන් සිවිල් සමාජ බලවේගයන්ගේ ශක්තිය නොනැසී පැවතීම නිසාය. එමෙන්ම යහපාලන රජයේ දින 100 වැඩ සටහන හරහා සිදු කරනු ලැබු අත්‍යවශ්‍ය දේශපාලන ප‍්‍රතිසංස්කරණයන්ට පින්සිදු වන්නටය.

මින් දින 100 තුළ ඇති කළ දේශපාලන ප‍්‍රතිසංස්කරණයන්ගේ හදවත වුයේ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධණයයි. එම සංශෝධනය යම් යම් අඩුපාඩු සහිතව හෝ ඒ මොහොතේ  සම්මතකර නොතිබෙන්න අප නැවතත් විශාල ප‍්‍රපාතයකට වැටෙන්නට බොහෝ ඉඩ තිබුනි. යහපාලන රජයේ දේශපාලන ප‍්‍රතිසංස්කරණයන් හරහා මහජන නිදහස තහවුරු වූ අතර, ඒ හේතුවෙන් බියෙන් සැකෙන් තොරව, අතුරුදහන්කරවීමකට හෝ පැහැරගැනීමට ලක්නොවන බවට ඇති ස්ථිරත්වය මත, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී හෝ සමාජ විරෝධී කි‍්‍රයාවන්ට එරෙහිව ද විශාල මහජන කි‍්‍රයාකාරීත්වයන් පසුගිය වසර 4 තුළ කි‍්‍රයාත්මක විය.

එමෙන්ම පසුගිය වසර 4 තුළ සිදු කරනු ලැබූ රාජ්‍ය ප‍්‍රථිසංස්කරණයන් නිසා, රාජ්‍ය සේවයේත් සාපේක්ෂ ස්වාධීනත්වයක් අපට පෙන්නුම් කරනු ලැබූ අතර, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෙකු නොව සාමාන්‍ය පොලිස් නිලධාරියෙකුවත් අත්තනෝමතිකව විධායකයට අවශ්‍ය පරිදි මාරු කළ නොහැකි බව පසුගිය දා ඇති වූ සිද්ධීන් හරහා පෙන්නුම් කරනු ලැබීය.

යහපාලන රජයට එරෙහිව බැදුම්කර වංචාව, විවිධ දුෂණ කි‍්‍රයාවන්ට මැති ඇමතිවරුන්ගේ සම්බන්ධතාවයන්, අපරාධ හා දුෂණ නඩු පැවරීම කල් යාම, ¥ෂිත දේශපාලඥයින් සමග පවත්වන ඞීල් දේශපාලනයන්, දේශපාලනඥයින් තම ඥාතීන් තනතුරු ස`දහා පත්කිරීම් වැනි කි‍්‍රයාවන් සම්බන්ධව විවේචන චෝදනා පැවතියත්, ආණ්ඩුවක් විසින් වැඩිම දේශපාලන ප‍්‍රතිසංස්කරණ ප‍්‍රමාණයක් සිදු කළ අවුරුදු 4ක් ලෙස යහපාලන ආණ්ඩුව ඉතිහාස ගත වනු ඇත. එය නිදහසින් පසුව එක් රජයක් විසින් ලබා දුන් වැඩිම දේශපාලන ප‍්‍රතිසංස්කරන ප‍්‍රමාණය ද විය හැක.

යහපාලන රජය විසින් ඇති කළ දේශපාලන ප‍්‍රතිසංස්කරණයන් හි ඉතා වැදගත් දේශපාලණ ප‍්‍රතිසංස්කරණයක් වූයේ 19 වන ව්‍යවස්ථා සංශෝධණයයි. ඒ හරහා සිදු කළ ඉතා වැදගත් දේශපාළන ප‍්‍රතිසංස්කරන 19ක් මෙහි දී විශේෂයෙන් සටහන් කළ යුතුව ඇත.


1    ඒකාධිපති, ව්‍යවස්ථා විරෝධී 18 වන ව්‍යවස්ථා සංශෝධනය බල රහිත කිරීම
2    ජනාධිපතිවරයාගේ ධුරකාලය වසර 6 සිට 5 දක්වා සීමා කිරීම
3    ජනාධිපතිධූරය දැරිය හැකි වාර ගණන නැවත දෙවරකට සීමා කිරීම
4    ජනාධිපතිවරයෙකුට වසර 04 ක් අවසානයේ නැවත ජනාධිපතිවරණයක් කැදවිය හැකිය යන ව්‍යවස්ථාව නැවතත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් කිරීම.
5    ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතු බවට වූ විධිවිධානයක් එක් කිරීම.
6    ජනාධිපතිවරයා විසින් සිය බලතල ක‍්‍රියාත්මක කිරීමේදී යම් පුද්ගලයෙකුගේ මුලික අයිතිවාසිකම් කඩ වුවහොත් එවැනි අවස්ථාවක මුලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කළ හැකි වීම.
7    ජනාධිපතිධූරය සඳහා සුදුස්සෙකුවීමේ වයස් සීමාව 30 සිට 35 දක්වා ඉහළ නැංවීම.
8    පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය අවුරුදු 1 සිට අවුරුදු 4 මාස 6 දක්වා දීරඝ කිරීම
9    පාර්ලිමේන්තු කාලය වසර 6 සිට වසර 5 දක්වා සීමා කිරීම
10    කැබිනට් මණ්ඩලය 30කට සීමා කිරීම
11    අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් නොවන අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව හතලිහ නොඉක්මවීම.
12    ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවක් පිහිටුවීම
13    ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශවලට පිටින් ජනාධිපතිවරයාට පත්කිරීම් කළ නොහැකි වීම.
14    ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම
මැතිවරණ කොමිසම        රාජ්‍ය සේවා කොමිසම        ජාතික පොලිස් කොමිසම
විගණන සේවා කොමිසම     මානව හිමිකම් කොමිසම        අල්ලස් කොමිසම
මුදල් කොමිසම        සීමානීර්ණ කොමිසම        ජාතික ප‍්‍රසම්පාදන
අධිකරණ සේවා කොමිසම
15    තොරතුරු වෙත ප‍්‍රවේශවීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් බවට පත් කිරීම (14අ)
16    නීතිපති හා පොලිස්පති පත්කිරීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ඇතිව පත්කිරීම
17    නිදහස් හා සාධාරණ මැතිවරණයක් ලබා දීම සදහා බල සම්පන්න මැතිවරණ කොමිසමක් පත් කිරීම
18    දිත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයන්ට ජනාධිපතිධුරය හෝ පාර්ලිමේන්තුව නියෝජනය තහනම් කිරීම
19    අල්ලස් හෝ ¥ෂණ කොමිෂන් සභාවට චෝදනා විභාග කිරීමත් නඩු පැවරීමත් සදහා බලතල ලබාදීම
2015 මැයි මස 15 වන දින සම්මත කරනු ලැබූ 19වන සංශෝධනය හරහා ඇති කළ ඉහත වෙනස්කම් තුළින් එතෙක් පැවති විධායක ජනාධිපති ක‍්‍රමයට තිරිංග පද්ධතියක් සවිකරනු ලැබූ අතර, ඒ හේතුවෙන් යම් සීමාසහිත ක‍්‍රමයකට හැරෙන්න පෙර පරිදි හිතු මනාපෙට තමන්ට කැමති කැමති අය සමග පමණට වඩා වැඩි වේගයෙන් යන්නට විධායකයට නොහැකි විය. එමෙන්ම මැති ඇමතිවරුන්ට පවා තම හිතු මනාපෙට රාජ්‍ය නිලධාරීන් එහෙට මෙහෙට මාරු කිරීම හෝ වෙනස් කිරීම හෝ ඔවුන්ට විවිධාකාරයේ බලපෑම් කිරීමද මේ හරහා සීමා විය.
මේ හේතුවෙන් වංචා ¥ෂණයන්ට සම්බන්ධ දේශපාලඥයින් නම් හෙලි කිරීමට සමහර නිලධාරීන් පෙර පරිදි බිය නොවීමත් මත, සමහර දුෂණයන්ට සම්බන්ධව පරීක්ෂණ සාර්ථක විය. ලංකාවේ ප‍්‍රථම වතාවට පවතින රජයේ ඇමතිවරුන්ට විරුද්ධව නඩු පැවරුනු අතර ඒ නිසාම අමාත්‍ය ඉල්ලා අස්වීම ද සිදු විය.     
එමෙන්ම 19 වන ව්‍යවස්ථා සංශෝධනය තුළින් ඇති කළ ප‍්‍රතිසංස්කරණයන්ට අමතරව තවත් වැදගත් නීති කිහිපයක් අපගේ නීති පොතට පසුගිය වසර 4 තුළ එක්කරනු ලැබූ අතර ඉන් කිහිපයක් විශේෂයෙන් මෙහිදී සටහන් කළ යුතුය.

1    2015 අංක 04 දරණ අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත
2    2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත
3    2016 අංක 14 දරණ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනත (පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍යය ඉටුකිරීම)
4    2017 අංක 26 දරණ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත - ස්ථිර ති‍්‍රපුද්ගල මහාධිකරණ පිහිටුවීම
5    2018 අංක 05 දරණ බලහත්කාරෙයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලූ තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත
6    අතුරුදහන්කරවීම අපරාධ වරදක් බවට පත්කිරීම
7    2018 අංක 34 දරණ හානි පූරණය සඳහා වන කාර්යාල පනත
8    පලාත් පාලන මැතිවරණ සංශෝධන පනත
9    ෙඖෂධ පණත - ෙඖෂධ ප‍්‍රතිපත්තිය
10    අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යාවස්ථාවක් සැකසීම සදහා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවක් ඇති කිරීම
11    ජාතික විගනන පනත

ඉහත ඇති කළ නීති ප‍්‍රතිසංස්කරණයන් හරහා පුරවැසියාගේ පුද්ගල නිදහස තව දුරටත් තහවුරු කරනු ලැබූ අතර, රාජ්‍ය තොරතුරු දැනගැනීම මූලික අයිතිවාසිකමක් මෙන්ම නීති්‍යාණුකූල අයිතිවාසිකමක් බවට පත් කරනු ලැබීය.
එමෙන්ම, ඉහතින් ඇති කළ නීති හා අණ පණත් කි‍්‍රයාත්මක කිරීම ස`දහාත්, පුද්ගල නිදහස ආරක්ෂා කිරීම හා මහජන දේපල අයතා පරිහරනය වැලැක්වීම ස`දහාත් යහපාලන රජය විසින් තවත් වැදගත් යාන්ත‍්‍රණයන් කිහිපයක් ඇති කරනු ලැබීය.

1    විශේෂ ති‍්‍රපුද්ගල මහාධිකරණ පිහිටුවීම
2    එෆ්සීඅයිඞී - විශේෂ මුල්‍ය අපරාධ පරීක්ෂණ ඒකකය පිිහිටුවීම
3    විශේෂ ජානාධිපති විමර්ශන ඒකක පිහිටුවීම
4    දුෂණ මර්ධන ඒකකය
5    නව අධිකරණ පිහිටුවීම
6    නීතිපති දෙපාර්තමේන්තුවට වහාම නව නිලධාරීන් බදවා ගැනීම හා පරීක්ෂණ කඩිනම් කිරීම
7    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටයුතු විධිමත් කිරීම
8    නඩු විභාග කඩිනමින් අවසන් කිරීම ස`දහා සැලසුම් සැකසීම
9    
එමෙන්ම, දුෂිත කි‍්‍රයාවන් හා මහජන දේපල අයතා පරිහරණය ඇතුලූ කි‍්‍රයා වැලැක්වීම ස`දහා ද ගත් කි‍්‍රයාමාර්ගයන් ගෙන් පහත පියවර ඉතා වැදගත් ලෙස සැලකිය හැක.

1    බරපතල දුෂණයන් පිළිබඳ විමර්ෂණය කිරීම සඳහා විශේෂ බලැති අධිකරණයක් පිහිටුවීම.
2    ජාතික විගණන පනත සම්මත කිරීම.
3    ජාතික ප‍්‍රතිසම්පාදන කොමිසමක් පත් කිරීම හා එමගින් සියලූම ව්‍යාපෘතිවලට අනුමැතිය ලබාදීම.
4    ශ‍්‍රී ලංකාව අත්සන් තබා ඇති එක්සත් ජාතීන්ගේ දුෂණ විරෝධී ප‍්‍රඥප්තිය ක‍්‍රියාත්මක කිරීම.
5    මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පිහිටුවීම.
6    අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම ශක්තිමත් කිරීම.
7    දුෂණ චෝදනා සහිත මැති ඇමතිවරු කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කිරීම හා ඔවුන්ට එරෙහිව අධිකරණ කි‍්‍රයාමාර්ග ගැනීම

යහපාලන රජය ඉහත පියවර ගනු ලැබූවේ විවිධ සිවිල් සමාජ කණ්ඩායම් අවුරුදු ගණනාවක් තිස්සේ ඉදිරිපත් කළ යෝජනා මත පදනම් වෙමිනි. ඒ අර්ථයෙන් ගත් කළ මෙය සිවිල් සමාජය ඇතුලූ මේ රටේ ප‍්‍රගතිශීලීන් ලැබූ ජයග‍්‍රහණයකි. එමෙන්ම, ඉහත ජයග‍්‍රහණයන් ලබා දීමට උර දුන් දේශපාලනඥයින්ට අපගේ ගෞරවය හිමි විය යුතුය.

නමුත් සටන තවමත් අවසන් නැත. ලැබූ ජයග‍්‍රණයන් පිළිබ`දව සතුටු වන ගමන් එම ජයග‍්‍රහණයන් අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කර ගැනීමත් අපගේ වගකීමකි. පසුගිය ඔක්තෝබර් 26 දින දියත් වූ කුමන්ත‍්‍රණය පරාජය කිරීමට මේ රටේ ප‍්‍රගතිශීලීන් කොන්දේසි විරහිතව එක පෙරමුණකට පිවිසියේ එම වගකීම ඉටු කිරීම සදහාය. මහජනතාව විසින් දිනාගත් දේ උදුරා ගැනීම සදහා නැවත නැවතත් එවැනි කුමන්ත‍්‍රණ  ඕනෑම අවස්ථාවක දී දියත් විය හැක. එය පරාජය කිරීමත් ලබාගත් දේශපාලන ප‍්‍රතිසංස්කරණයන් හි වාසිය පුරවැසියාට ලබා දීම ස`දහා එය සමාජ ගත කිරීමත්, එයට ඔවුන් හුරු පුරුදු කිරීමත් එම අයිතිවාසිකම් ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේම කොටසක් බවට පත්කිරීමටත් අප වග බලා ගත යුතුය. ඒ සදහා අප පියවර ගත යුතුය.

එමෙන්ම, මෙතෙක් අවසන් කිරීමට හෝ ඒ සදහා මෙතෙක් කිසිදු පියවරක් නොගත් අත්‍යවශ්‍ය සමාජ ප‍්‍රතිසංස්කරණයන් දිනා ගැනීමට වැඩ පිළිවෙලක් සැකසීමත් අප විසින් වහා වහා කළ යුතුය. යහපාලන රජයේ අවසාන වසර තුල විශාල දේශපාලන ප‍්‍රතිසංස්කරණය අපට බලාපොරොත්තු විය නොහැකි වුවත්, මේ වසර තුළ ඒ ස`දහා මූලික අඩිතාලම දැමීම අපට කළ හැක.

අනාගතයේ දී අප විසින් දිනාගත යුතු අපගේ විශේෂ අවධානය යොමු කළ යුතු ක්ෂේත‍්‍ර ලෙස පහත කරුණු ගැන අවධානය යොමු කරමි.

1    බලය බෙදීම හා ජනාධිපතිධුරය අහෝසි කිරීම ඇතුලත් අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක්
2    සාධාරණ වූ මැතිවරණ ක‍්‍රමයක් ස්ථාපිත කිරීම
3    සංක‍්‍රාන්ති යුක්තිය ඇති කිරීම සදහා එකග වූ අනෙකුත් යාන්ත‍්‍රණයන් වහා පිහිටු වීම
4    අනෙකුත් විශේෂ ති‍්‍රපුද්ගල මහාධිකරණ වහා ස්ථාපිත කිරීම
5    දුෂණ හා අපරාධ සම්බන්ධව කඩිනමින් කටයුතු කිරීම සදහා විශේෂිත ක‍්‍රමවේදයක්
6    මන්තී‍්‍රවරුන්ට පැති මාරු කිරීමට නොහැකි වන සේ නීති ස්ථාපිත කිරීම
7    පසුගිය කුමන්ත‍්‍රයන්ට සම්බන්ධ අයට එරෙහි නීතිමය පියවර ගැනීම

ඉහත ඉලක්ක ජයගැනීමේ අභියෝගය සිවිල් සමාජය හමුවේ ඇති අතර, ඒ සදහා අවශ්‍ය ශක්තිය ද සිවිල් සමාජය තුළ ගොනු වී තිබෙන බව පසුගිය ඔක්තෝබර් කුමන්ත‍්‍රණය පරාජය කිරීමට පෙරමුණ ගැනීම තුළින් දිස් විය.

පිලිප් දිසානායක
04.02.2019  






Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.