English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
ඔවුන් ඉල්ලුවේ එක දෙයයි. ඒ ප්‍රජාතන්ත්‍රවාදයයි. - කතානායක කරූ ජයසූරිය
(2019-02-02)

<< Go Back
Share |   


මම හුගක් විශ්වාස කරන දෙයක් තමයි මේ සිවිල් සමාජය. ඔක්තෝම්බර් මාසයේ සිද්ධිය නිසා අපට විශාල අපකීර්තියක් අන්තර්ජාතිකව ලැබුණා. ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන් අපිට හානියක් වුනත්, අපට සතුටු වෙන්න පුළුවන් එක් දෙයක් තිබුණා, ඒ සිවිල් සමාජය කවදාවත් නැති විදියට ඉදිරියට ආවා. සිවිල් සමාජය එලියට ඇවිල්ලා තමයි අපට ශක්තිය ලබා දුන්නේ. පාර්ලිමේන්තුවේ ඉන්න අපිටත් සිවිල් සමාජය දුන්නු ශක්තිය, හුගාක් මට වටින දෙයක් වුනා.”

කතානායක කරූ ජයසූරිය මේ බව පැවසුවේ, ආණමඩුව සහභාගිත්ව සංවර්ධන පදනම  හා පුත්තලම සිවිල් සංවිධාන එකමුතුව විසින් සංවිධාන කරන ලද ජනතා උපහාර උළෙල දීය. එය 2019 ජනවාරි මස 28 වෙනි දින පෙරවරු 9.00 ට ආණමඩුව සුදම්පාය ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි.

“තවත් සන්තෝෂ වෙන දෙයක් තමයි කවදාවත් නැති විදියට, අපි නොසිතූ ආකාරයට, අපි දැක්කා තරුණ කොටස් කලාකරුවෝ, ඒ වගේම විවිධ අංශ නියෝජනය කරන, තරුණ කාන්තා කොටස් බාරට බැස්සා. වැස්සේ තෙමි තෙමි ඒ ගොල්ලෝ ඉල්ලුවේ එක් දෙයයි. එක් කෙනෙක් අගමැති කරන්නවත්, තව කෙනෙක්ට වෙන පදවියක් දෙන්නවත් නෙමෙයි ඒ ගොල්ලෝ කිව්වේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න කියලා. ඒ අය අපහාස වින්දා. නමුත් ඒ අය එදා දුන්නු සිවිල් සමාජය, නායකත්වය, මම දකිනවා, මේ රටේ අනාගතයට, හොඳ සුබ නිමිත්තක් කියලා.”


Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.