English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
කළු ජනවාරීය සමරමින් මාධ්‍ය සංවිධාන එ.ජා කාර්යාලයට
(2019-01-30)

<< Go Back

ජනමාධ්‍යයට සහ ජනමාධ්‍යෙවේදීන්ට එරෙහි  අපරාධවල වගකිව යුත්තන් නීතිය හමුවට ගෙන ඒමේ පරීක්ෂණවල ප‍්‍රගතියක් නොමැති වීම සහ මේ පිළිබඳ මාධ්‍ය සංවිධාන විසින් රජයට කරන බලපෑම් වලට රජය කිසිඳු ප‍්‍රතිචාරයක නොදැක්වීම මත විශේෂ පෙත්සම් දෙකක් මාධ්‍ය සංවිධාන 08 ගේ සහබාගීත්වයෙන් 2019 ජනවාරි 29 වෙනි දින පෙරවරු 10.00 මාධ්‍ය සංවිධාන නියෝජිතයන් විසින් භාරදීම සිදු කළේය.

ඒ අනුව එක් පෙත්සමක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ  ශ්‍රී ලංකා නේවාසික නියෝජිත කාර්යාලයට හා පොලිස් කොමිසම වෙතත්, පෙත්සම් භාරදීම සිදු කළේය.

මේ සඳහා මැදිහත් වී සිටින මාධ්‍ය සංවිධාන වන්නේ ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, දමිළ මාධ්‍ය සංධානය, මුස්ලිම් මාධ්‍ය සංසදය, අන්තර්ඡාල මාධ්‍ය ක්‍රියාකාරිත්වය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා මාධ්‍ය ව්‍යාපාරයයයි.




Advertisments
Facebook