English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
කළු ජනවාරිය සැමරුම 2019 ජනවාරි 29 වෙනි දින පුරාම කොළඹ දී
(2019-01-26)

<< Go Back
Share |   



රාජපක්ෂ පාලන සමයේ සිදුවූ මාධ්‍යවේදීන් ඝාතනය, හිංසනය හා මාධ්ය ආයතයන්ට එරෙහිව එල්ල කරන ලද ප‍්‍රහාරයන් පිළිබඳ පරීක්ෂණ කඩිනම් කිරීම සම්බන්ධ විශේෂ පෙත්සම් දෙකක් 2019 ජනවාරි 29 වෙනි දින පෙරවරු 10.00 මාධ්‍ය සංවිධාන නියෝජිතයන් විසින් භාරදීමට නියමිත බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ප‍්‍රකාශකයෙක් අයිතිය සමග පැවසීය.    

මේ අනුව එක් පෙත්සමක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශී‍්‍ර ලංකාවේ සම්බන්ධීකාරක හනා සිංගර් මහත්මිය වෙත භාර දීමට නියමිත ය.

ජනමාධ්‍යයට සහ ජනමාධ්‍යෙවේදීන්ට එරෙහි අපරාධවල වගකිව යුත්තන් නීතිය හමුවට ගෙන ඒමේ පරීක්ෂණවල ප‍්‍රගතියක් නොමැති වීම සහ මේ පිළිබඳ මාධ්‍ය සංවිධාන විසින් රජයට කරන බලපෑම් වලට රජය කිසිඳු ප‍්‍රතිචාරයක නොදැක්වීම මත මෙම කි‍්‍රයාමාර්ගයට එළඹි බව මාධ්‍ය සංවිධාන නියෝජිතයෝ සඳහන් කරති.

මේ අනුව 2019 ජනවාරි 29 වෙනි දින පෙරවරු 10.00 ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යයන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ, බ්ලොක් අංක 09 දී හා පෙරවරු 10.30 ට බෞද්ධාලෝක මාවතේ අංක 204 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශී‍්‍ර ලංකා නේවාසික නියෝජිත කාර්යාලයේ දී මෙම පෙත්සම් භාරදීම සිදු කිරීමට නියමිත ය.
 
නිදහස් මාධ්‍ය ව්‍යපාරයේ ප‍්‍රකාශකයා තවදුරටත් පැවසුවේ මේ කටයුතු මාධ්‍ය සංවිධාන සියල්ල එක්ව සංවිධානය කරනු ලබන බවත් පස්වරු 01.00 න් පසුව පැවැත්වෙන විරෝධතා කි‍්‍රයාවලිය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් සම්බන්ධීකරණ කරනු ලබන බවත් ය.

පස්වරු 01.00 ට මානව හිමිකම් කොමිසමට සංදේශය භාරදීම සහ පස්වරු 05.30 ට කළු ජනවාරි වැඩසටහන ලිප්ටන් වටරවුමේදී පැවැත්වේ. මෙම කාර්යය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මෙහෙවීමෙන් සිදුකරනු ලබයි.

මේ සඳහා මැදිහත් වී සිටින මාධ්‍ය සංවිධාන වන්නේ ශී‍්‍ර ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, ශී‍්‍ර ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, දමිළ මාධ්‍ය සංධානය, මුස්ලිම් මාධ්‍ය සංසදය, අන්තර්ඡුාල මාධ්‍ය කි‍්‍රයාකාරිත්වය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා මාධ්‍ය ව්‍යාපාරය යයි.

මෙම දිනයේ කි‍්‍රයාවලිය වෙබ් මාධ්‍යයක් වශයෙන් අයිතිය අපගේ පූර්ණ සහයෝගය ලබා දෙනු ඇත.

Share |   


Advertisments
Facebook
www.aithiya.lk