English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
මාධ්‍යවේදීන්ට යුක්තිය කෝ - කළු ජනවාරිය සැමරේ........!!!
(2019-01-26)

<< Go Back
මාධ්‍ය නිදහස අගයන්නන් විසින් 2009 වසරේ සිට ජනවාරි මාසය හඳුන්වන්නේ “කළු ජනවාරිය” වශයෙනි. එයට හේතුව එම මාසය තුළ මාධ්‍යයට එරෙහි බරපතල අපරාධ කිහිපයක් ම සිදු වී ඇති බැවිණි. ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එල්නැළිගොඩ අතුරුදහන් කිරීම, සුබ්‍රමනියම් සුගීදර්රාජන් ඝාතනය,උපාලි තෙන්නකෝන්ට ප්‍රහාරයක් එල්ල කිරීම, සිරස මැදිරි සංකීර්ණය විනාශ කිරීම, ලංකා ඊ නිව්ස් වෙබ් අඩවි කාර්යාලය ගිනි තබා විනාශ කිරීම එම ප්‍රධාන සිදුවීම් අතර වේ. එහෙයින්, එම සිදුවීම් සහ ඉන් පෙර මාධ්‍යවේදීන්ට එරෙහිව සිදුවූ අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ කොට අපරාධකරුවන්ට දඬුවම් කර දණ්ඩමුක්තිය අහෝසි කොට, යුක්තිය ඉටු කරන ලෙසට බලපෑම් කරන ක්‍රියාකාරකම් ජනවාරි මාසයේ දී සිදුවේ. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මෙවර ද දණ්ඩමුක්තිය අවසන් කරන්නට බලපෑම් කිරීමේ අරමුණෙන් වැඩ සටහන් කිහිපයක් කළු ජනවාරිය තුළ දියත් කරන්නට සූදානම් අතර, මාධ්‍ය සංවිධාන එක්ව බලපෑම් ක්‍රියාවලියකට ද සූදානමක් පවතී.” - සීතා රංජනී

ඉහත සඳහන් වූ අයුරින්ම ජනමාධ්‍යයන්ට සහ ජනාමාධ්‍යය ආයතනයන්ට වසර ගණනාවක් පුරා සිදුවූ සිදුවීම්වල සාරංශයකි. කෙටි සටහනකි. මේ තත්ත්වය අවබෝධ කරගත් මාධ්‍ය සංවිධාන කිහිපයක් මෙවර ද, මාධ්‍ය වැඩසටහන් කිහිපයක් සංවිධානය කරන ලදි. 2009 වසරේ රට රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියාකාරීව කටයුතු කරන නිදහසේ වේදිකාව ක්‍රියාකාරිත්වය “මාධ්‍යවේදීන්ට යුක්තිය කෝ !” අගතියට පත් ජනමාධ්‍යවේදීන් සහ අගතියට පත් ජනමාධ්‍ය ආයතනයන්ගේ සිදුවීම් සිහි කරනු වස් සහ ඒ සිදුවීම්වල වැරදිකරුවන් නීතිය හමුවට ගෙන එන ලෙස බල කරමින් සිදු කරන ලද සිහිකැඳවීමේ වැඩසටහනක් 2019 ජනවාරි 24 වෙනි දින විහාර මහා දේවී උද්‍යානය ඉදිරිපිට දී පැවැත්විනි. දේශපාලන නායකයන් ලෙස ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණික රාජ්‍ය අමාත්‍ය අජිත් සී. පෙරේරා, දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් එහි පැමිණ සිටියහ. සිවිල් ක්‍රියාකාරීන් වන සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති ක්‍රියාකාරීත්වයේ සමන් රත්නප්‍රිය, මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, පිලිප් දිසානායක, උදය කළුතිරණ, නිදහසේ වේදිකාවේ ප්‍රබෝධ රත්නායක, ප්‍රෙඩී ගමගේ  අතුරුදහන් පවුල් එකතුවේ බ්‍රිටෝ ප්‍රනාන්දු සහ තවත් පිරිසක් සහභාගි වී සිටියහ.  

මේ සඳහා ජනමාධ්‍යවේදීන්, සිවිල් ක්‍රියාකාරීන් දේශපාලන නායකයින්, වෘත්තීය සමිති නායකයින් රැසක් සහභාගි විය. මූලිකව නිහඩ විරෝධයකින් ඇරඹි සැමරුම මාධ්‍ය ආවරණයන්ට ඉඩදීමෙන් පසුව පහන් දැල්වීමක් සිදු කරන ලදි. මාධ්‍ය ආවරණය සඳහා එහි පැමිණි මාධ්‍යයන්ට අදහස් දක්වමින් බොහෝ දෙනෙක් පවසා සිටියේ දැනට ජනමාධ්‍ය ඝාතනයන්, පැහැරගෙන යෑම්, මාධ්‍ය ආයතනයන්ට පහරදීම් ගැන පරීක්ෂණ සිදු කරමින් පවතින අතර, සමහර පරීක්ෂණයන් අතරමග නතර වී ඇත. ඒ සඳහා විවිධ දේශපාලන හේතූන් බලපෑ ඇත. ඒ නිසා ඉතා ඉක්මනින් මේ පරීක්ෂණ අවසන් කර සියල්ල නීතිය ඉදිරියට ගෙන ඒමටත්, නීතිය ඉදිරියට පැමිණ තිබෙන සිදුවීම් බාධාවකින් තොරව ඉදිරියට යාමට ඉඩ හසර සැලසීමටත් රජය කටයුතු කළ යුතුයයි පවසා සිටියි. 

වීඩියෝව පහතින්....




Advertisments
Facebook