English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
ඒකාබද්ධ විපක්ෂය රටට බොරු කියයි !
(2019-01-24)

<< Go Back
Share |   



පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විද්වත් කමිටුවේ යෝජනා පදනම් කරගෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් විසින් ගොඩනැගීමට උත්සාහ කරන ජාතිවාදී, අන්තවාදී, ප‍්‍රචාරයන්ට ප‍්‍රතිචාරයන් දැක්වීම සඳහා සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුව විසින් ප‍්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වන්නට යෙදුනා. ඒ 2019 ජනවාරි 24 වෙනි දින රාජගිරියේ NMSJ  ශාලාවේදී පැවැත්වීය. එහිදී නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ගොඩනගනු ලබන මිථ්‍යාවන්ට පිළිතුරු දීමට ඔවුන් උත්සාහ කළේය. සාකච්ඡාව සඳහා සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකතුවේ සමන් රත්නපි‍්‍රය, මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, ආචාර්ය වික‍්‍රබාහු කරුණාරත්න , ආචාර්ය ජෙහාන් පෙරේරා, සමන් සෙනෙවිරත්න, අය සහභාගි වී සිටියහ. පහත දැක්වෙන්නේ එහිදී වෘත්තීය සමිති නායක, සිවිල් කි‍්‍රයාධර සමන් රත්නපි‍්‍රය සහ සිවිල් කි‍්‍රයාධර මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර යන අය දැක්වූ අදහස් කීපයක්.

වැඩිදුර විස්තර පසුවට බලාපොරොත්තු වන්න............


සමන් රත්නපි‍්‍රය

”අපි දැක්කා විපක්ෂයේ මන්තී‍්‍රවරු විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම, ගම්මන්පිළ, ආදී මන්තී‍්‍රවරු විශාල විදියට ජනමතය අවුස්සන්න හදනවා මේ යෝජනාවලියට විරුද්ධව. ඔරුමිත්තනාඩු කියනවා, මේ රට බෙදනවා කියනවා. ෆෙඩරල් දෙනවා කියලා කියනවා. මේක තමයි පහුගිය දේශපාලන බලපෙරළිය ආපස්සට හරවන්න දීපු පොරොන්්දුව කියලා කියනවා. විවිධ කාරණා කියමින්, සිංහල බෞද්ධ ජනයා අවුස්සන්න බලනවා. මේකේ කූඨප්ප‍්‍රාප්තිය තමයි ඊයේ මහින්ද මහත්තයගේ මාධ්‍ය නිවේදනය. එය සැලකිල්ලට ගත යුතු එකක්. එය බරපතල මාධ්‍ය නිවේදනයක් කියලා අපි විශ්වාස කරනවා.........විද්වත් කමිටු යෝජනාවක් පමණක් ඉදිරිපත් වුනාම ඒකට මඩ ගහලා තමන්ගේ දේශපාලන වුවමනාකම් දේශපාලන අභිප‍්‍රායන් ඉෂ්ට කරගන්න හදනවා නම්, මහින්ද රාජපක්ෂ ප‍්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයෙන් පේන්න තියෙනවා.”

සමන් රත්නපි‍්‍රය



මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර

”මම හිතන්නේ එතුමා ඉක්මනට නිවන් යන්න තමයි හදන්නේ. මම එතුමාට නිවන් යන මාර්ගය සාර්ථක වේවා කියලා ප‍්‍රාර්ථනා කරනවා. නමුත් අපිට මේ දුක් කරදරත් එක්ක ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා.එක පැත්තකින් පිස්සෙක් පිස්සු නටනවා. එහෙම කිව්වම මිනිස්සුන්ගේ ඔලූවට එන්නේ ජනාධිපතිවරයා නම්, ඒක රටේ ප‍්‍රශ්නයක්. එයාටත් ජනවරමෙන් පත් වුනාට පස්සේ දුම්මල වරමක් ලැබිලා තියෙනවා යකා නටන්න.............................................මේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කරනවා කියනවා දිගටම එහි කිසිදු වෙනසක් නොකරමින් ඉන්න  ඕනා. එතන අතුරුමං සන්දියක් තියෙනවා දැන් ඇවිල්ලා. ඒකට එකල වෙලා යන්නත් පුළුවන්. ඒක තමයි 20 වෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනතා විමුක්ති පෙරමුණේ පෞද්ගලික මන්තී‍්‍ර යෝජනාවක් විදියට ඇවිල්ලා තියෙනවා. ඒක බලය බෙදා හැරීමේ යෝජනාවට මෙහා එකක් වුනත් ඒකෙන් විධායක ජනාධිපති ක‍්‍රමයේ සියළුම තටු කපා දමනවා....  ”

මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර





Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.