English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
සිරස නැවතත් මඬේ අන්තවාදය වපුරයි !
(2019-01-24)

<< Go Back
Share |   

සිරස ආයතනය විසින් නැවතත් මාධ්‍ය සදාචාරයන් උල්ලංඝණය කරමින් එක්සත් වාමාංශික පෙරමුණ විසින් පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවක් සම්බන්ධයෙන් අසත්‍ය ප‍්‍රචාරය කරනු ලබයි. මාධ්‍ය සාකච්ඡාව අවසානයේ, මයික‍්‍රෆෝනයන් කි‍්‍රයා විරහිත කළ පසු , ඔවුන් විසින් ඔවුන්ගේ වාර්ශික සුහද හමුව ගැන සිදු කෙරුණු සාකච්ඡාවක් අරඹයා මෙම අමූලික අසත්‍ය ප‍්‍රචාරයක් සිදු කරමින් පවතී. එම ප‍්‍රවෘත්තියේ ඇති අන්තර්ගත ගැන සලකා බැලූ කල එකිනෙකට කිසිඳු සම්බන්ධයක් නැති කරුණු ගෙන හැර දක්වමින් ව්‍යවස්ථාවක් සම්බනධ කර ගනිමින් චෝදනාවන් එල්ල කරමින් සිටියි.



එක්සත් වාමාංශික පෙරමුණ විසින් මේ සම්බන්ධව නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් පරිදි ඔවුන් ඔවුන්ගේ වාර්ශික සුහද හමුව ගැන සිදු කරනු ලබන සාකච්ඡාව කොටස් සංස්කරණය කරමින් ඔවුන් අවශ්‍ය පරිදි කරුණු සඟවා සකස් කරන ලද ප‍්‍රවෘත්තියකින් මඩ ප‍්‍රහාර එල්ල කරමින් සිටියි. ඔවුන් එසේ එල්ල කරන්නේ නව ව්‍යවස්ථාවක් සඳහා අරගල කරන පක්ෂයක සමාජිකයන්ට සහ එය සකස් කිරීම සඳහා එල්ල කරන ලද මඩ ප‍්‍රහාරයකි. එමෙන්ම ඔවුන්ගේ ඉදිරිපත් කිරීම් හී නව ව්‍යවස්ථාවකට විරෝධය දැක්වීමක් සහ ජාතිවාදය ඇවිස්සවීමේ උත්සහයක් ද දක්නට ලැබේ. එය දීර්ඝ කාලීනව අතිශයින් භයානක ය.

ප‍්‍රවෘත්ති සාකච්ඡාවක් අවසානයේ දී තමන් කැමති දෙයක් කතා කිරීමට හෝ අදහස් බෙදා ගැනීමට ප‍්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වන පුද්ගලයන්ට අයිතියක් ඇති බව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. ඒ අවස්ථාවේ දී ඔවුන් සාකච්ඡාව කරන කරුණු පටිගත කර ඒවා සම්බන්ධව අසත්‍ය කතාවන් සකසා ඉදිරිපත් කිරීම නිර්ලජ්ජිත මාධ්‍ය භාවිතාවකි. එසේම අපගේ සමහර ජනමාධ්‍යවේදීන්ගේ මේ සාදාචාර සම්පන්න නොවන බව දන්නා ජේෂ්ඨ නීතිඥ ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න විසින් කිහිප වරක්ම මයික‍්‍රෆෝනයන් ගැන අවධානය යොමු කර ඒ ගැන සඳහනක් කරන්නේ ඔහුට මේ  තත්ත්වය ගැන අවබෝධයෙන් විය යුතුය.

පසුගිය කාලයේ පුරා මාධ්‍ය කිහිපයක මේ ඡුඩ හැසිරීම් රටාව නීරීක්ෂණ කළ අයිතිය වෙබ් අඩවිය මේ කි‍්‍රයාවත් ඔවුන්ගේ වෙනත් අතීත කි‍්‍රයාවලීන් ද පිළිකුළෙන් යුතුව හෙළා දකිමු. එසේම තවදුරටත් ඔවුන්ම සඳහන් කරන පරිදි උැ ඍැචදරඑල ශදම ෘැිසාැ හෝ ඡුැදචකැ.ි ක්‍ය්බබැක යන පුරසාරම් වැකි ඔවුන්ට නොගැලපෙන බව ද කිව යුතුය. මෙවන් කි‍්‍රයාවන් දිගින් දිගටම සිදුවුවහොත් ඔවුන්ගේ නින්දිත කි‍්‍රයාවලිය නැවැත්වීම සඳහා පියවර ගැනීමට ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා කි‍්‍රයාත්මක වන ව්‍යාපාරයන්ට ද, මාධ්‍ය සංවිධානයන්ට ද සිදුවනු ඇත. ඒ සඳහා සූදානමින් සිටින ලෙස අපි ඔවුන්ට අනතුරු අගවමු.
 
මේ සම්බන්ධයෙන් එක්සත් වාමාංශික පෙරමුණ විසින් එහි ලේකම් මහින්ද රත්නානායකගේ අත්සනින් යුතුව ඉදිරිපත් කරන ලද ප‍්‍රකාශනය පහත දැක්වේ. 

'සිරස මාධ්‍ය ආයතනය හුවා දක්වන මෙම මාධ්‍ය සාකච්ඡාව පැවැත්වූයේ ජනවාරි 22 දාය. ස්ථානය සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාර කාර්යාලයේදී ය.

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අදාළ විශේෂඥ කමිටු වාර්තාව පදනම් කරගෙන රට තුළ ජාතිවාදය හා ආගම්වාදය අවුස්සා තම දේශපාලන අරමුණු සපුරා ගැනීමට මාන බලන දේශපාලන පක්ෂ හා ඔවුන්ගේ මාධ්‍ය ගැත්තන්ට පිළිතුරු දීම මෙම මාධ්‍ය සාකච්ඡාවේ අරමුණ විය.

දැනට පවතින පාර්ලිමේන්තුවේ මන්තී‍්‍ර සංයුතිය නව ව්‍යවස්ථාවක් අනුමත කර ගැනීමට බාධාවක් පවතින්නේ නම් ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වෙනි සංශෝධනයට සහය දීම එක්සත් වාමාංශික පෙරමුණේ ස්ථාවරය බව ප‍්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන්ට ප‍්‍රශ්න හා පැහැදිලි කර ගැනීම් සඳහා ආරාධනා කළේය. ඔවුන් මතුකළ ප‍්‍රශ්න වලට පිළිතුරු හා පැහැදිලි කිරීම් අවසානයේ මාධ්‍ය සාකච්ඡාව අවසන් කරන ලදි. මයික‍්‍රෆෝන් කි‍්‍රයා විරහිත කරන ලෙස ඉල්ලා සිටීමෙන්ම මාධ්‍ය සාකච්ඡාව අවසන් වූ බවට වූ සාධකයකි.

මෙම මාධ්‍ය සාකච්ඡාවෙන් අනතුරුව එයට කිසිඳු සම්බන්ධයක් නැති අපගේ ඉදිරි දේශපාලන මණ්ඩල රැුස්වීම හා ඉන් අනතුරුව පැවැත්වෙන වසරේ සුහද හමුව පිළිබඳ අප කිහිපදෙනා අතර අදහස් හුවමාරුවක් ඇති විය. මාධ්‍ය සාකච්ඡාවට මාතෘකාව වූ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබඳ කාරණය එම සුහද හමුව පිළිබඳ ඇතිවූ අදහස් හුවමාරුව සම්බන්ධ කරමින් රටේ වැදගත් ලියවිල්ලක් සාකච්ඡා කරන්නේ මෙලෙස ද යනුවෙන් සිරස ප‍්‍රශ්න කරයි.

මෙමගින් ජනතාව වෙත වැරදි අවබෝධයක් ලබාදීමට ඉතා පහත් සහ ළදරු මාධ්‍ය භාවිතාවක යෙදෙනෙ සිරස මාධ්‍ය ආයතනය පිළිබඳ අපට පුදුමයක් නැත. කනබොන, කලාව රසවිඳින, රමණයේ යෙදෙන හා දේශපාලනය කරන සාමාන්‍ය මිනිසුන්ගේ දේශපාලන පක්ෂයක් වන එක්සත් වාමාංශික පෙරමුණට සුදුපිරුවටලාගත් හොරුන්ගේ, මිනීමරුවන්ගේ, ජාවාරම්කාරයින්ගේ හා කුඩු කාරයින්ට බැලමෙහෙවරකම් කරන සදාචාරයක් අපට නැත. තොපගේ සාදාචාරයට වෙනස් අපගේ සාදාචාරයට අනුව අපට සැඟවීමට දෙයක් නැති බව පමණක් කීම ප‍්‍රමාණවත් ය. දේශපාලන පක්ෂවල හා නායකයින්ගේ රෙදිසෝදන තොපට සැඟවීමට බොහෝ දේ ඇති බව අපි දනිමු.

උදේ සිට සවස් වනතුරු බණ හා පිරිත් ප‍්‍රචාරය කර නූගත් මිනිසුන් ගොනාට අන්දවා තොප යෙදෙන්නේ දුරාචාරයක බව සිහිබුද්ධියක් ඇති මිනිසුන් දනිති. අපේ සාදාචාරය තොපේ සාදාචාරයෙන් වෙනස් ය.     

මහින්ද රත්නායක
මාධ්‍ය ලේකම්
එක්සත් වාමාංශික පෙරමුණ

https://video.fcmb2-1.fna.fbcdn.net/v/t42.9040-2/51114114_341601943356900_7258754335243239424_n.mp4?_nc_cat=104&efg=eyJ2ZW5jb2RlX3RhZyI6InN2ZV9zZCJ9&_nc_ht=video.fcmb2-1.fna&oh=1828837b197b8a7299b3d51ea4891db8&oe=5C486EE6


Share |   


Advertisments
Facebook
www.aithiya.lk