English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
ඝාතකයින් නිදහස් කිරීම ජිවිතයට අපහාසයක් , ඝාතනයට අසාධාරණයක් !
(2016-12-29)

<< Go Back
Share |   




එක්සත් ශ‍්‍රි ලංකාවක් තුළ සියලූම දෙනාට සමාදානයෙන් ජීවත්වීමේ අයිතිය තිබිය යුතු යැයි නිතරම සෘජුව කථාකළ, සිය ජාතිකයින් වෙනුවෙන් නිතරම පෙනීසිටී ද්‍රවිඩ මන්ත‍්‍රි, නඩරාජා රවිරාජ්ගේ ඝාතකයින් යැයි චෝදනා ලැබුවන් නිදහස් කිරීම ගැන මහජනයා ප‍්‍රශ්න කරතිි. "ඝාතකයින් නිදහස් නම් ඒ කියන්නේ රවිරාජ් මන්ත‍්‍රිවරයා ජිවතුන් අතර ද? නැතිනම් ඔහු විසින් ම ඔහුට වෙඩිතබා ගෙන ද?"  දැයි ඔවුහු අසති. චෝදනා ලැබුවන් මෙසේ නිදහස් කිරීම, එනම් රවිරාජ් ඝාතනයට යුක්තිය ඉටු නොවීම, ඉතිහාසය පුරා ද්‍රවිඩ ජාතිකයින් හට විදින්නට සිදුවුණූ අසාධාරණ අකටයුතුකම් ගොන්නට තවත් එකතුවකිිි. මහා ඉහළින් කථාකරන, ඉටුකරමින් සිටිනවා යැයි ප‍්‍රකාශ කරන සංහිඳියාවට පයින් ගැසීමකි.  

කොළඹ දිස්ත‍්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රි නඩරාජා රවිරාජ් මීට වසර 10යකට පෙර වෙඩි තබා ඝාතනයකර ඇතැයි වාර්තා වු අතර ඉන් පසුව එකී ඝාතනය සිදුකළේ යැයි විත්තිකරුවන් පස්දෙනෙකු (05) චෝදනා ලැබුහ. එහෙත් අවසන් තීන්දුව ප‍්‍රකාශයට පත්වුයේ රවිරාජ් පවුලේ ඥාතීන් මෙන්ම මහජනතාවද ප‍්‍රශ්නාර්ථයක් තබමිනි. අදාළ විත්තිකරුවන් පස්දෙනා නිදොස් කොට නිදහස් කරන මෙන් දෙසැම්බර් 24 වෙනිදා කොළඹ මහාධිකරණ නියෝග කළේය.  

රවිරාජ් මියගියේ රහසිගත ස්ථානයක කිසිවෙකුත් නොදැන නොව, ජනාකීර්ණ නගරයක දී හද්ද එළියේ සිය කාර්යාලයට යමින් සිටිය දී මිනිස් ඇස් කිහිපයකටම ලක්වෙමින් සිද්දියක් ප‍්‍රවෘත්තියක් නිර්මාණය කරවමිනි. එනම් ඔහු නිකම්ම මිය ගියා නොව කවුරුන් විසින් හෝ මිය පරලොව යැව්වේය. එවක දී ශ‍්‍රි ලංකාව තුළ පැවති ගැටුම්කාරි යුධ සමාජ වාතාවරණය මත එවැනි ආකාරයක නීච සාහසික ක‍්‍රියාවක් කරන්නට තරම් වු, ඊට අවශ්‍ය බලය පසුබිම හා නිදහස ඝාතකයින් හට නිරායාසයෙන් ලැබී තිබුණි.

කාලයාගේ ඇවැමෙන් විවිධ වු දෙස් විදෙස් බලපෑම් මත පරීක්‍ෂණ නිරීක්‍ෂණ සමගින් ඒ සාහසික අපරාධය සිදුකළ වුවන් නීතියේ රැුහැනට අල්ලාගන්නට අදාළ අංශ සමත් විය. එහෙත් , යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව රවිරාජ් ඝාතකයින්ට සාධාරණය ඉටුකරනවා කියු ඔවුන් මාසයක පමණ කාලසීමාවක් තුළ මෙකි නඩුව අසා විභාග කිරීමෙන් පසුව සියලූම සැකකරුවන් නිකම්ම නොව නිදොස්කොට නිදහස්කර හැරියේය.



මෙම සැබැඳි පුවත කියවන්න -
රවිරාජ් ඝාතනය : ඉන්පසු අරලිය ගහ මැදුරට - ජනාධිපති ආරක්ෂක අංශ රියැදුරු ප්‍රීතිවිරාජ් මනම්පේරි සාක්කි දෙයි
   
 

අවසානායේදී, ගරු අධිකරණය විසින් ලබදී ඇති මෙම තීන්දුව, කොතෙක් දුරට සාධාරණද ? රවිරාජ් මන්ත‍්‍රිවරයාගේ පවුලේ සාමාජිකයින් වෙත ඉටුවු අවසන් යුක්තිය ද ? යහපාලනයක් ගැන සපත කරමින්  බලයට පැමිණි මෛත‍්‍රිපාල රනිල් ශ‍්‍රිීමතාණන් ගේ හෘද සාක්‍ෂියට එකඟ ද ? එමෙන්ම රවිරාජ් ඝාතන දම්වැලේ ඉහළ සිට පහළට සිටි සියලූම පුද්ගල පුරුක්වල හෘදය සාක්‍ෂිවලට එකඟ ද ?   

ඔිනෑම මිනිසෙකුට යුක්තිය සාධාරණය ඉටු නොවන තැන සිදුවීමට අනිවාර්යයෙන් ම ඉඩ ඇති සාහසිකත්වය පාලනය කරන්නට කිසිවෙකුටත් අයිතියක් ද ඉඩක් ද නැත. මෙකී සාහසිකත්වය එකිනෙකාගේ බුද්ධි මට්ටම මත සහ හෘදය සාක්‍ෂියට අනුව අඩුවැඩි වී සිදුවනු ඇත.

සටහන  -  මෙලනි මානෙල් පෙරේරා
පිංතුර  - අන්තර්ජාලයෙන්






Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.