English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
ක‍්‍රිස්තියානි මුස්ලිම් සහෝදරත්වය ශක්තිමත් කරන්නට ආරාධනාවක් !
(2016-11-10)

<< Go Back
Share |   




"අතීතයේ වැඩි වශයෙන් දැක ඇත්තේ මත භේදයට තුඩු දෙන සම්බන්ධතාවයන් වුව ද එම අතිතය බාධාවක් කර නොගෙන, මාර්ගෝපදේශය ලබාදෙන්නාවු ආබ‍්‍රාමීය විශ්වාසයේ උරුමයන් සහ දැක්ම තුලින් ද, 2007 දී ප‍්‍රකාශයට පත් කළ විවෘත සංදේශය වන "අප සහ ඔබ අතර පොදු වචනයක්" යන මුලපිරීමෙන් ද ප‍්‍රාණවත් ව හා දිරිමත් ව අපගේ පොදු වටිනාකම් ආරක්‍ෂා කරමින් එකම දෙවිදුන්ට පේ‍්‍රම කිරීම සහ අසල්වැසියාට පේ‍්‍රම කිරීම යන පදනම, විශ්වීය සත්‍ය වන එකිනෙකාට දයා කරුණාව දැක්වීම ආරක්‍ෂා කිරීමටත් එහි පැවතීමටත් ප‍්‍රතිඥා දෙමු." යනුවෙන් ක‍්‍රිස්තියානි  -  මුස්ලිම් ප‍්‍රතිඥාවක් ඊයේ (නොවැ 09) දින කොළඹ දී එළිදැක්විය.  

ජාතික ක‍්‍රිස්තියානි සභාව (එන්සීසී) හා මුස්ලිම් විද්වතුන් කිහිප දෙනෙකුගේ මූලිකත්වය මත, කාලින අවශ්‍යතාවයක් ලෙසට සකස් කළ මෙම ප‍්‍රතිඥාව, මුස්ලිම් ක‍්‍රිස්තියානි සහයෝගීතාවයේ දිර්ඝ ගමනක ආරම්භයක් ලෙසට ප‍්‍රතිඥාව සකස් කිරීමෙහිලා මුලිකත්වය ගනු ලැබු කිතුණු මුස්ලිම් නායකත්වයන් පැවසීය.
 




"දයා කරුණාවෙන් පූර්ණ වු දෙවියන්වහන්සේගේ නාමයෙන් ය." යනුවෙන් වන මෙම ප‍්‍රතිඥාව, සිංහල දෙමළ සහ ඉංග‍්‍රිීසි භාෂා තුනෙන්ම ප‍්‍රකාශයට පත්කෙරිණි.

ප‍්‍රධාන කාරණා 10ක් මූලික කරගනිමින් ප‍්‍රතිඥාව සකසා ඇති අතර, එම කාරණා සාක්ෂාත් කරගැනීමෙහිලා, කිතුණු සහ මුස්ලිම් සභා නායකත්වයන් තුළින් හා සිය දේවස්ථාන හරහා බිම් මට්ටමේ සංවාදයක් ගොඩනැගිම මෙම ප‍්‍රතිඥාව සැකසීමේ අරමුණ වන බව ද සංවිධායකයෝ ප‍්‍රකාශ කරති.
 
ඉදිරි දින කිහිපය තුළදි කිතුණු හා මුස්ලිම් සභා නායකත්වයන් වෙත ඉදිරිපත් කරනු ලැබීමට නියමිත මෙම ප‍්‍රතිඥාව මෙසේ ශ‍්‍රි ලංකාවේ සියලූම කිතුනුවන්ට සහ මුස්ලිම් ජනතාවට මෙසේ ආරාධනා කර සිටින්නේ ;



ආචාර්ය මොහොමඞ් සලීම්, එබනේස්ර් ජෝශප් පියතුමා සහ මැක්සවෙල් ඩොස් පියතුමා සභාව අමතමින් එකමුතුකමේ මෙවැනි පියවරක ඇති අවශ්‍යතාවය හා ඉන් දේශයේ සාමය හා යුක්තිය වෙනුවෙන් ලබාදෙන දායකත්වය පිළිබඳව අදහස් ඉදිරිපත් කළේය.

 
එබනේස්ර් ජෝශප් පියතුමා

 
         ආචාර්ය මොහොමඞ් සලීම්                                    මැක්සවෙල් ඩොස් පියතුමා              

සටහන හා ඡායාරූප -  මෙලනි මානෙල් පෙරේරා






Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.