English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
අත්අඩංගුවට පත් 1262 දෙනාගේ ඉරණම කුමක් වේවි ද ?
(2016-10-14)

<< Go Back
Share |   


ඊයේ රාත‍්‍රියේ (ඔක් 13දා) සිදුකළ හදිසි වැටලීමේදි පුද්ගලයින් 1262ක් එක් රාත‍්‍රියක් තුළදි අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාතේ පොලිස් නිළධාරින් 3072ක් සමත් වෙති. ඔලූ ගෙඩි ගණනින් අත්අඩංගුවට ගනු ලැබුණු එවැනි සංඛ්‍යාවක් සැබෑ ම වැරදිකරුවෝ වන්නේ නම් පොලිස් සේවයට එය මහත් වු ගෞරවයකි. එහෙත් මෙපමණ කාලයක් පුරාවට අසා ඇති දැක ඇති පොලීසියේ ඇතැම් කි‍්‍රයා කළාපයන් මත අත්අඩංගුවට පත්වී සිටින මෙම ඔලූ ගෙඩි ගණන පිළිබඳව සංවේගාත්මක සැබැ සිතුවිල්ලක් දෝලනය වෙයි.

මන්ද, මෙම 1262 සංඛ්‍යාවෙන් කී දෙනෙක් සැබෑම වරද කරුවෝ වෙති ද ? කී දෙනෙකුට බලහත්කාර ප‍්‍රකාශවලට අත්සන් කරන්නට සිදුවේවිද ? කී දෙනෙකු පොලිස් වධහිංසාවට පාත‍්‍ර වේවිද ? ඉන් කී දෙනෙක් පොලිස් අත්අඩංගුවේදී ම ජීවතක්‍ෂයට පත්වේවි ද? එමෙන් ම පොලිස් අත්අඩංගුවේ සිටියදි පැන ගියා යැයි අසන්නට ලැබේවිද ?

පොලිස්පති පූජිත ජයසුන්දර යටතේ සේවය කරන වර්තමාන පොලිස් නිළධාරින් තුළින් එවැනි අමානුෂික පොලිස් කි‍්‍රයාවන් සිදුවේවි යැයි තවදුරටත් සිතමු ද ? නොසිතමු ද ?


කෙසේවෙතත්, බස්නාහිර පළාත තුළ ඊයේ (ඔක් 13දා) රාත‍්‍රියේ දි සිදුකළ විශේෂ පොලිස් මෙහෙයුමේදි විවිධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 1262 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම මෙහෙයුම සඳහා පොලිස් නිළධාරින් 3072ක් යොදවා ඇති අතර, බස්නාහිර පළාතේ සියලූම පොලිස් ස්ථානවල නිළධාරීන්ගේ සහභාගිත්වයෙන් ඊයේ රාත‍්‍රියේ 11 සිට අලූයම 01 දක්වා මෙම මෙහෙයුම ක‍්‍රියාත්මක කර ඇත.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහට අනුව, මෙම මෙහෙයුමේදි වරෙන්තුකරුවන් 177 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ අතරින් පුද්ගලයින් 17 දෙනෙක් පොලීසියට අවශ්‍යව සිටි පුද්ගලයින් බව පවසයි.

මීට අමතරව, සැකකටයුතු පුද්ගලයින් 540 දෙනෙකුම මෙම මෙහෙයුමේදි අත්අඩංගුවට පත්වී ඇති අතර බන්ධනාගාරයෙන් පැන ගිය සැකකරුවන් දෙදෙනෙකු සහා ත‍්‍රිවිධ හමුදාවෙන් පලාගිය සැකකරුවන් සිව් දෙනෙකු ද මෙම මෙහෙයුමේදි අත්අඩංගුවට පත්වී තිබේ.

මත්ද්‍රව්‍ය හා සම්බන්ධ වැරදි නිසා පුද්ගලයින් 23 දෙනෙක්  බීමත් රියදුරන් 103 දෙනෙකු අන්තරාදායක ලෙසට රිය පැදවුවන් 323 දෙනෙකු ද මෙම පොලිස් මෙහෙයුමේදි අත්අඩංගුවට පත්වී තිබේ.
 
-  මෙලනි






Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.