English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
ගම්බද කොල්ලෙකු මැරු පොලීසියක් හෙට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට !
(2016-10-12)

<< Go Back
Share |   



ඉතා හොඳ සුවෙන් පසුවුණු සඳුන් මාලිංග තරුණයා අද ජීවතුන් අතර නැත. ඔහුගේ පවුලේ සාමාජීකයින් පැවසු ආකාරයට, එසේ වී ඇත්තේ, පොලීසීයේ මහත්වරුන්ගේ උගත් බුද්ධිමත් මානූෂීය මෙහෙයුමක ප‍්‍රතිඵලයක් වශයෙනි. බදුල්ල පොලීසිය විසින් සිදුකළ කෲර අමානුෂික පහරදීම හේතුකොට ගෙන ජීවිතක්‍ෂයට පත්වු සඳුන් මාලිංග වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධීකරණයේ ගොණුකර ඇති මූලික අයිතිවාසිකම් නඩුව , හෙට එනම් ඔක්තෝබර් 13 වන දා ශ්‍රේෂ්ඨාධීකරණය ඉදිරියේ කැඳවීමට නියමිත බැව් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය දන්වා සිටියි.

බදුල්ල කන්දකැටිය පොලිස් වසමේ ජීවත් වුණු සඳුන් මාලිංග තරුණයා, සිය සොහොයුරා සහ ඥාතීන් කිහිප දෙනෙකු සමගින් ත‍්‍රිරෝද රථයක් මිලදී ගැනීමට යමින් සිටියදී ,  පොලිස් අත්අඩංගුවට පත්වෙයි. ප‍්‍රදේශයේ නිදන් හෑරිමක් සිදුකර ඇතිබවට සැක කරමින් කන්දකැටිය පොලීසියේ නිළධාරීන් කිහිප දෙනෙකු විසින් මාලිංග ඇතුළු පිරිස එසේ අත්අඩංගුවට ගනු ලබයි. පොලිස් ස්ථානයට රැගෙන යන මොවුන් හට දරුණු ලෙසට පොලිසිය පහර දෙයි. කෲර පහරදීම් හේතුවෙන් සදුන් මාලිංග අසාධ්‍ය තත්ත්වයකට මුහුණු දෙයි. පොලිස් අත්අඩංගුවේ පසුවන සිය දරුවන් බැලීමට පොලීසියට ගිය දෙමාපියන් දකින්නේ මාලිංග දරුවගේ භායනක ස්වරූපයකි. දරුණු ලෙසට අසාධ්‍යව සිටින සිය තරුණ දරුවාව රෝහල්ගතකරන මෙන් දෙමාපියන් පොලිස් නිළධාරින් ඉදිරියේ ආයාචනා කර සිටිය ද එම ඉල්ලීම බීරි අලින්ට වීණා වැයීමක් සේ වී ඇත. එහෙත් අසාධ්‍ය තත්ත්වයේ සිටින මාලිංග රෝහල්ගත කරනු වෙනුවට බන්ධනාගාරගත කිරීමට අණ ලැබී ඇත. අවසානයේදි කිසිදු වෛද්‍ය ප‍්‍රථිකාරයක් නොලත් සදුන් මාලිංග බන්ධනාගාරයේදි ජීවිතයෙන් සමු ගනියි. 


සදුන් මාලිංග

මෙම කෲර සිද්ධිය පිළිබඳව ශ්‍රේෂ්ඨාධීකරණයේ ගොණුකර ඇති මූලික අයිතිවාසිකම්  නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේදි කැඳවීමට නියමිතය. මෙහිදි පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් නීතිඥ ලක්ෂාන් ඩයස් පෙනීසිටීමට නියමිත බවත් පෙත්සම්කරුගේ පාර්ශවයෙන් ප‍්‍රතිවිරෝධතා ඉදිරපත් කිරීම පිළිබඳ අධිකරණය සැළකිල්ලට යොමුකිරීමට නියමිත බවත් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය ප‍්‍රකාශ කළේය.

-මෙලනි






Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.