English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
වධ හිංසාවට එරෙහි නිර්දේශවල ප‍්‍රගතිය - සිවිල් සංවිධාන වාර්තාව රජයට!
(2016-10-12)

<< Go Back
Share |   


නොවැම්බර් මාසයේ දී ජිනිවා නුවර පැවැත්වෙන වධහිංසාවට එරෙහි එක්සත් ජාතින්ගේ කමිටුව වෙත ඉදිරිපත් කිරීම සඳහා, වධ හිංසාවට එරෙහි ශ‍්‍රි ලංකාවේ සිවිල් සංවිධාන ජාලය විසින් සකස් කරන ලද අදහස් යෝජනා ඇතුලත් වාර්තාව ශ‍්‍රි ලංකා රජයට භාරදීම හෙට (ඔක් 13 වෙනිදා) පස්වරු 3. 00 ට කොළඹ 07, ලක්‍ෂමන් කදිර්ගාමර් සම්බන්ධතා ආයතනයේදි පැවැත්වෙයි.

වධ හිංසාවට එරෙහි ශ‍්‍රි ලංකාවේ සිවිල් සංවිධාන 22ක් එ්කරාශිවි, සාකච්ඡාකර සකස් කළ මෙම වාර්තාව , රජය නියෝජනය කරමින් පැමිණෙන, විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර වෙත භාර දෙනු ලබන බව රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය ප‍්‍රකාශ කරයි.




ශ‍්‍රි ලංකාව තුළ වධ හිංසාව සිදුවන ආකාරය පිළිබඳව සහ වධ හිංසාවට එරෙහි එක්සත් ජාතින්ගේ කමිටුව විසින් වධ හිංසාව වැළැක්වීම සඳහා, 2011 වසරේදි ශ‍්‍රි ලංකා රජය වෙත ලබාදුන් නිර්දේශ රජය ක‍්‍රියාත්මක කළ ආකාරය පිළිබඳ කරුණු ද හෙට භාරදීමට සැළසුම්කර ඇති මෙම වාර්තාවේ ඇතුලත් වන බව රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය සඳහන් කළේය.

මෙම අවස්ථාව නියෝජනය කිරීම සඳහා, නීතිපති දෙපාර්තමේන්තුව , පොලිස් කොමිසම සහ ශ‍්‍රි ලංකා මානව හිමිකම් කොමිසම යන ආයතනවල නිළධාරින් ද පැමිණිමට නියමිත බව රයිට් ටු ලයිෆ් ක‍්‍රියාධරයෙකු අයිතියට පැවසීය.

-  මෙලනි







Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.