English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
දේශපාලන සිරකරුවන් වෙනුවෙන් ...
(2016-10-07)

<< Go Back
Share |   


දේශපාලන සිරකරුවන් වෙනුවෙන් මහජනතාවගේ අදහස කුමක්ද යන්න විමසා බැලීමේ අත්සන් ව්‍යාපාරය හෙට (ඔක්තෝබර් 08දා) පස්වරුවේදි මීගමුව නගරයේ දි කි‍්‍රයාත්මක වන බව දේශපාලන සිරකරුවන් නිදහස්කර ගැනීමේ ව්‍යාපාරය ප‍්‍රකාශ කරයි.



දේශපාලන සිරකරුවන්ගේ ප‍්‍රශ්නය විසඳීම සඳහා යහපාලන ආණ්ඩුව විශේෂ අධිකරණයක් පිහිටුවනු ලැබුවත් මේ වන තෙක් කිසිඳු නඩු තීන්දුවක් ලබාදී නොමැති බැවින් මේ වන විට යහපාලන ආණ්ඩුව ගැන දේශපාලන සිරකරුවන් දැඩි කළකිරීමකින් පසුවෙන බව දේශපාලන සිරකරුවන් නිදහස්කර ගැනිමේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරුවකු වන මාරිමුත්තු සත්‍යවේල් පියතුමා අයිතියට ප‍්‍රකාශ කළේය.

දීර්ඝකාලිනව, මෙම ප‍්‍රශ්නය විසදිම සඳහා ආණ්ඩුවෙන් නිසි ක‍්‍රියාමාර්ගයක් නොගැනීම මත, නිදහස් වීමේ අවශ්‍යතාවය මත පුද්ගලයින් 15 දෙනෙකු වරද පිළිගෙන ඇති නිසා ඔවුන් වෙනුවෙන් පමණක් තීන්දු ලබාදී තිබෙන බව පැවසු සත්‍යවේල් පියතුමා, දඩුවම් ලබාදුන්නා මිස, එම නඩු නිසි ආකාරයෙන් විභාගකර දුකළ නඩු විභාගයක් නොවන බව ප‍්‍රකාශ කළේය.

එමෙන්ම, දමිළ සිරකරුවන්ගේ නඩුවලට අවශ්‍යකරන ඉතාම සරළ පරිවර්ථන කටයුතුවල (දමිළ භාෂාවට පරිවර්ථනය කිරීමට) කිසිඳු කාර්යක්‍ෂමභාවයක් නැතැයි ද ඒ සඳහා මාස තුන හතරක් වැනි දිර්ඝ කාලයක් වැයකරන බවද පවසන සත්‍යවේල් පියතුමා බලධාරීන් මෙම සිරකරුවන් වෙත දක්වනු ලබන ප‍්‍රතිචාරය කෙබඳු ද යන්න මහජනතාවට පෙන්වා දීමේ වගකීමක් ඔවුන් ෂතුව පවතින බව ප‍්‍රකාශ කරයි.

මේ සම්බන්ධයෙන් මහජනතාවගේ අදහස් ලබාගැනීමත් , අත්සන් ලබාගැනීමත් දිවයින පුරා සිදුවෙමින් පවතින බව පියතුමා ප‍්‍රකාශ කතර,හෙට පස්වරු 3.00 සිට මීගමුව ප‍්‍රධාන බස් නැවතුම්පොළේදි දැනුවත් කිරීමත්, අත්සන් ව්‍යාපාරයත් දියත් කරනු ලබන බව පැවසීය.
 
-    මෙලනි 






Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.