English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
ජෙරාඩ් මර්වින් පෙරේරා ගේ වදහිංසා නඩුව හෙට !
(2016-10-04)

<< Go Back
Share |   



වත්තල මාකෙවිට පදිංචිව සිටි ජෙරාඩ් මර්වින් පෙරේරාගේ 2003 වසරේදී පොලිස් වධහිංසාවට ලක්වීම හේතුවෙන් නීතිපති විසින් පැවරු නඩුවේ තීන්දුව අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාවයේ දුර්වල තාවයන් හේතුවෙන් තවමත් ප්‍රමාද වෙමින් පවතී. HC326/03 දරණ නඩුව හෙට දිනයේ එනම් 2016/10/05 වන දින මීගමුව මහාධිකරණයේ විභාග වීමට නියමිත අතර එදින පැමිණිල්ලේ සාක්ෂි සංශෝධනයට නියමිතය.

2002 වර්ෂයේ ජුනි මාසයේ වත්තල පොලිසියට ලැබුණු වැරදි තොරතුරක් මත ත්‍රි පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් ජෙරාඩ් අත්අඩංගුවට ගනී. ඒ වනවිට ඔහු කොළඹ නැව් තටාංගනයේ අරක්කමියකු ලෙස සේවය කරයි. පසුව වැරදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති බව වටහා ගත් පොලිසිය පසුදා ඔහුව නිදහස් කලද ඔහුට කෲර හා අමානුෂික ලෙස පහර දීම හේතුවෙන් දින 20 ට අධික කාලයක් සිහිසුන් නොමැතිව අසාධ්‍ය තත්වයෙන් ප්‍රතිකාර ගැනීමට සිදුවිය.

ඉන් පසුව මානව හිමිකම් සංවිධාන කිහිපයක අඛන්ඩ මැදිහත්වීම මත නීතිපති වරයා විසින් වධහිංසා පනත යටතේ මීගමු මහාධිකරණයේ නඩු පවරන ලද නමුත් විත්තිකරුවන්  විසින් නඩුව ඉල්ලා අස්කරගන්නා ලෙසට ජෙරාඩ් හට දිගින් දිගටම තර්ජන එල්ලවිය. එම තර්ජන නොතකා හැරීමෙන් උරණ වූ විත්තිකරැවන් ජෙරාඩ්ගේ සාක්ෂි අධිකරණයට ලබාදීමට ප්‍රථම 2004.11.21 දින බස් රථයක් තුලදී ඔහුව වෙඩි තබා ඝාතනය කර තිබුනි. 

උපුටා ගැනීම - Reform-http://www.right2lifelanka.org/new

-  මෙලනි






Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.