English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
අතුරුදහන් කරවීම තරම් තවත් දරුණු අපරාධයක් නැත - මනෝරි මුත්තෙට්ටුවේගම
(2016-09-25)

<< Go Back
Share |   


ජේ්‍යෂ්ඨ නීතිවේදිනි මනෝරි මුත්තෙට්ටුවේගම

පුද්ගලයින් බලහත්කාරයෙන් අතුරුදහන්කරවීම තරම් තවත් මෙලොව දරුණු අපරාධයක් නැති බවත් එහිදි සිය ඥාතින්ට අත්විඳින්නට සිදුවන්නේ වේදනාව හා කම්පනය පමණක් නොව, සිය ඥාතියා පිළිබඳව අවසන් ගරුබුහුමන් දැක්වීමේ අයිතිය පවා අහිමි වීමක් යැයි සංහිඳියා යාන්ත‍්‍රණය උදෙසා ප‍්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ සභාපතිනි ජේ්‍යෂ්ඨ නීතිවේදිනි මනෝරි මුත්තෙට්ටුවේගම ප‍්‍රකාශ කර ඇත.


”එබැවින් එය හුදෙක් එක් ජනවාර්ගික ගැටළුවක් ලෙසින් සළකා බැහැර නොකළ යුතුයි. ”

ගෙවී ගිය සති කිහිපය තුළදි කාර්ය සාධක බලකායේ මහජන අදහස් විමසීමේ කමිටුව වෙත බොහෝ අනුවේදනීය තොරතුරු රාශියක් ගලා ආ බව ප‍්‍රකාශ කළ නීතිවේදිනි මුත්තෙට්ටුවේගම, සිය ඥාතීන් සොයා යන මෙම ගමනේදි නින්දා අපහාස ඇතුළු වේදනාවන් හා ප‍්‍රශ්නවලට ද ඔවුන්ට මුහුණ දෙන්නට සිදුවු බව කමිටුව ඉදිරියේ බොහෝ කාන්තාවන් ප‍්‍රකාශ කළේ යැයි පැවසීය.  
 


80 දශකය අග භාගයේදි සැමියා අතුරුදහන්වු කාන්තාවකගේ දෙවැනි සැමියා ද ඉන් වසර කිහිපයකට පසුව යළිත් අතුරුදහන්වීම වැනි ඉතාම ශෝචනීය සිද්ධීන් ද කාර්ය සාධක බලකායේ කමිටුවට ඉදිරිපත් වී ඇත.

ශ‍්‍රී ලංකාව තුළ අතුරුදහන්වී සිටින සමස්ත පුද්ගලයින් පිළිබඳ නිවරැදි සංඛ්‍යාලේඛණ ලද හොත් , වර්තමානයේදි සමස්ත ලොව තුළ අතුරුදහන්වීම් අතින් දෙවන ස්ථානයේ සිටින ශ‍්‍රි ලංකාව පළමු ස්ථානයට පැමිණිමට ඉඩ ඇති බව ද ප‍්‍රකට මතයකි.



ශ‍්‍රි ලංකාව අනුගමනය කළ යුතු සංහිදියා ක‍්‍රියාමාර්ගය පිළිබඳව රටපුරාම ජනතාවගේ අසහස් විමසා සකස්කරන පුර්ණ වාර්තාව ලබන මස මැද භාගයේදි ප‍්‍රකාශයට පත්කිරීමට සැලැසුම් කරන බව සංහිඳියාව පිළිබඳ ප‍්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ සභාපතිනි මනෝරි මුත්තෙට්ටුවේගම ප‍්‍රකාශ කර ඇත.

මුලාශ‍්‍රය - බීබීසී සංදේශය

සටහන සහ පිංතුර මෙලනි







Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.