English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
සීමා නිර්ණ කටයුතු 15 වෙනිදා වන විට නිම කිරීමට !
(2016-09-06)

<< Go Back
Share |   



සීමා නිර්ණ කටයුතු මේ මස 15 වෙනිදා වන විට නිම කිරීමට හැකිවෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් පළාත් පලාන ඡන්දය පැවැත්වීමට තවමත් හැකියාවක් නොමැති බවත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය ප‍්‍රකාශ කරයි.

අද සැප් 06 වෙනිදා, කොළඹ පැවති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දක්වමින් මැතිවරණ කොමසාරිස්වරයා කියා සිටියේ මහනුවර දිස්ත‍්‍රික්කයේ් සීමා නිර්ණ කටයුතුවල වැඩ 40% ක් අවසන්කර ඇති බවත් කොළඹ හා යාපනය දිස්ත‍්‍රික්කවල සම්පුර්ණයෙන්ම එම කටයුතු අවසන් වී ඇති බවයි. එහෙත් කොළඹ, දිස්ත‍්‍රික්ක ලේකම් හා එම කමිටුව සමඟ සාකච්ඡා කිරීමට ඇති බවත් ,යාපනයට ගොස් අදාළ පිරිස් සමඟ ද නැවත වතාවක් සාකච්ඡා කිරීමට ඇති බවත් කීහ.

සැප්තැම්බර් 15 වෙනිදා වන විට සියලුම වැඩකටයුතු අවසන්කර ගැනීමට හැකිවෙනු ඇතැයි තමන් අපේක්‍ෂා කරන බව පැවසීය.

පළාත් පාලන ඡන්දය පැවැත්වීමට මෙතරම් කල් ගතවනුයේ මන්ද යන ප‍්‍රශ්නයට පිළිතුරු දෙමින් "කල් යන්නේ, දැන් ඉවරකරපු ඒවත් නැවතත් මේගොල්ලන්ට පොඩි ගැටළුවක් මතුවෙලා තිබෙනවා මීට කලින් නිකුත් කරපු/ප‍්‍රසිද්ධ කරපු වාර්තාවේ මහනුවර දිස්ත‍්‍රික්කයේ එක් ග‍්‍රාමනිළධාරී කොට්ඨාශයක් ආගිය අතක් නැතිලූ. එවැනි වරදක් වීම වැළැක්වීම සඳහා සම්පුර්ණයෙන්ම මේක සොයාබලන්න  ඕනේ කියනවා.” කොමසාරිස්වරයා කීවේය.

සිතියම් ඇදිමේ කටයුත්ත ඇති බව ද වාර්තාව භාෂා දෙකෙන් ම සිදුකරන බවද ඔහු පැවසීය.

විදෙස්ගත ශ‍්‍රි ලාංකීකයින්ගේ ඡුන්ද අයිතිය පිළිබඳවද අදහස් දක්වමින්, ඔවුන්ගේ ඡන්ද අයිතිය වෙනුවෙන් නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති නමුත් දේශපාලන පක්‍ෂ දෙකක් පමණක් යෝජනා ඉදිරිපත්කළ බවත්, සෙසු පක්‍ෂ විසින් පාර්ලිමේන්තු කාරක සභාවට එම කරුණු ඉදිරිපත්කරනු ලබන බව දන්වා සිටිය ද, මේවන තෙක් කිසිවක් ඉදිරිපත්වි නොමැති යැයි කොමසාරිස්වරයා ප‍්‍රකාශ කළේය.
 
 පිංතුර අන්තර්ජාලයෙන්
-    මෙලනි






Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.