English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
“වීදියේ විරෝධයට” පහර දුන් එප්පාවල ප්‍රහාරකයින්ටත් සමාව..
(2016-08-25)

<< Go Back
Share |   






2014 වසරේදී ප්‍රවීණ ජනතා ගායක ජයතිලක බණ්ඩාර ඇතුළු පිරිසකට එප්පාවෙල නගරයේ පැවැත්වූ විරෝධතාවයක් අතරතුරදී පිරිසක් විසින් එල්ල කල ප්‍රහාරය සම්බන්ධයෙන් තඹුත්තේගම අධිකරණයේ විභාග වෙමින් තිබු නඩුව සමථයකට පත්කරගැනීමට දෙපාර්ශවයම එකඟතාවය පල කිරීම නිසා දණ ගසා සමාව ගන්නා ලෙස තඹුත්තේගම මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ සැකකරුවන් 4 දෙනාට ඊයේ නියෝග කළේය.

ඒ අනුව සැකකරුවන් 4 දෙනා අධිකරණයේදී ජයතිලක බණ්ඩාර මහතාට දන ගසා වැඳ සමාව ගත්හ.

තලාව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී වසන්ත බණ්ඩාර, උතුරු මැද පළාත් සභා හිටපු මහ ඇමතිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සේවය කල මුතුහෙට්ටිගේ උදිත නිශාන්ත ප්‍රනාන්දු, පුංචි බණ්ඩාරගේ අසංක නන්දපාල හා එන්.ඒ.සංජීව පුෂ්පසිරි යන සිව් දෙනා මෙම නඩුවේ සැකකරුවන් විය.

2014 සැප්තැම්බර් 5 දින එප්පාවෙලා නගරයේදී “වියරුවට එරෙහිව වීදියේ විරෝධය” නම් වීදි නාට්‍ය රඟ දක්වමින් සිටියදී එම ස්ථානයට කඩා වැදුණු සැකකරුවන් පිරිස ජයතිලක බණ්ඩාර ඇතුළු පිරිසට පහර දී, මරණ තර්ජනය කිරීම, දේපලවලට හානි කිරීම, හා අයුතු ජනරාශියක් සිදුකිරීමේ චෝදනා යටතේ මෙම නඩුව ගොනුකර තිබුණි.

උපුටා ගැනීම - http://www.right2lifelanka.org







Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.