English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
ඕ එම් පී කාර්යාලය කොළඹට එපා යැයි ඔව්හු උද්ඝෝෂණය කරති !
(2016-08-19)

<< Go Back
Share |   



අතුරුදහන්වුවන් ගේ තොරතුරු සොයා බැලීම වෙනුවෙන් ආරම්භකරන්නට යන කාර්යාලය ( ඕ එම් පී) කොළඹ පිහිටුවීමෙන් එහි වින්ධිතයින්ට කිසිදු සෙතක් නොවන බවත් එම කාර්යාලය කිළිනොච්චියේ හෝ වව්නියාවේ පිහිටුවීම සුදුසු බවත් කියා සිටිමින් කිළිනොච්චියේ හා වව්නියාවේ අතුරුදහන්වු පවුල්වල සාමාජීකයෝ ඊයේ (අගෝ 18) වීථි බසමින් උද්ඝෝෂණයක් නිරත වු බව උතුරේ ආරංචි මාර්ග සඳහන් කරයි.

දශක තුනක් පුරා පැවති සිවිල් යුද්ධයෙන් විශාල ජනතාවක් මිය ගිය බවත් අතුරුදහන් වී ඇති බවත් සඳහන් කළ උද්ඝෝෂකයින්, ඉන් අති බහුතරය අතුරුදහන්වී ඇත්තේ කිළිනොච්චිය හා මුලතිව් යන පළාත්වලින් බව ප‍්‍රකාශ කළේය.


ඔවුන් ප‍්‍රකාශකර ඇති අන්දමට, "වැඩිම අතුරුදහන්වීම් සිදුවෙලා තිබෙන්නේ උතුරු පළාතේ කිළිනොච්චියේ මුලතිව් වල. එතකොට අතුරුදහන්වීම් වැඩිපුරම සිද්ධවෙලා තියෙන මේ පළාතේ අවශ්‍ය කරන කාර්යාලය පිහිටුවනවා මිසක් ඒක කොළඹ පිහිටෙව්වාම ඇති පලේ මොකක්ද ? අතුරුදහන්වෙලා ඉන්න අපේ ඥාතින්ගේ තොරතුරු ඒ කාර්යාලයට ලබාදෙන්න තවත් අධික වියදමක් දරාගෙන, කාලය නාස්තිකරගෙන උතුරේ ඉඳලා දකුණට යන්න  ඕනේ. ඒක අසාධාරණයි. අපිව තවත් පීඩාවට පත්කිරීමක් නෙවෙයි ද?" යැයි ඔවුහු ප‍්‍රශ්නකර ඇත.
 
යුද්ධය හේතුවෙන් අතුරුදහන් වු පුද්ගලයින් පිළිබඳව සොයා බැලීමට මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපති විසින් පත්කළ කොමිසමෙන් ද තවමත් ඔවුනට කිසිම ආකාරයක සහනයක් නොවු බව ද සඳහන්කළ ඔව්හු මෙම නව කාර්යාලය කොළඹ කේන්ද්‍රගතව පිහිටුවීමෙන් ද ඔවුනට සෙතක් සහනයක් ලැබෙනු ඇතැයි විශ්වාසකළ නොහැකි යැයි ප‍්‍රකාශකර ඇත.

තොරතුරු හා ඡායාරූප - දිනසේන රතුගමගේ  

-    මෙලනි






Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.